BREAKING
Top Ad
බුකිය

මගේ ශෝකය “ජැකා” නම් කලාකරුවාට පමණි - (කුසල් පෙරේරා)

T

The Leader

October 9, 2023 • 2:04 AM

මගේ ශෝකය “ජැකා” නම් කලාකරුවාට පමණි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ජැකා” යැයි බොහෝ දෙන හැඳින්වූ අතිශය ප්‍රතිභා සම්පන්න නළු ජැක්සන් සමග මගේ සමීප ඇසුරක් මිතුරුකමක් නොවුනි.
  • අද 2023 ඔක්තෝම්බර 09 වන දිනට එළිවන විට අසන්නට ලැබුණු කණගාටුදායක පුවත වූයේ ඒ මහා නළු ජැක්සන් ඇන්තනි මිය ගිය පුවත ය.  එය එනමුත් එතරම් ලොකු කම්පනයක් ඇති කළ පුවතක් නොවුනි.
  • ඒ කිසිවක් ගැන කිසිවකුට මතභේද තිබිය නොහැක.
  • විජයගේ ජනප්‍රියත්වය නොවුනත් ප්‍රතිභා සම්පන්න රංග ශිල්පියෙකු ලෙස ඔහු විජය හා සැසඳිය නොයුතු දක්ෂයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වේදිකාවේත් විශේෂයෙන් මහා තිරයේත් කලාතුරකින් හමුවන එවැනි නිර්මාණශීලී රංග කලාකරුවකු ඇගයීමට ඇසුරක් මිතුරුකමක් අවශ්‍යයම නැත.

අද 2023 ඔක්තෝම්බර 09 වන දිනට එළිවන විට අසන්නට ලැබුණු කණගාටුදායක පුවත වූයේ ඒ මහා නළු ජැක්සන් ඇන්තනි මිය ගිය පුවත ය. 

එය එනමුත් එතරම් ලොකු කම්පනයක් ඇති කළ පුවතක් නොවුනි. පසුගිය කාලයේ ඔහු ජීවත් වූයේද නැද්ද යන්න ඔහුවත් නොදැන සිටි නිසාවෙනි. මීට අවුරුද්දකටත් මාස දෙකකට පමණ පෙර තලාව ප්‍රදේශයේදී ඉතා අවාසනාවන්ත අනතුරකට ලක්ව තවත් තිදෙනෙකු සමග අනුරාධපුර රෝහලට ඇතුළත්කර දින කිහිපයකට පසු ඔහුව කොළඹ ජාතික මහ රෝහලට මාරු කරනු ලැබූයේ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි කුමාරි මුණසිංහගේ සහ දරුවන්ගේ වුවමනාවට යැයි ඒ දිනවල කතා වුනි.

121507288 2909757142585427 7879746409093656460 n

ජැක්සන්ගේ රංගණ ප්‍රතිභාව මා හඳුණා ගත්තේ දයානන්ද ගුණවර්ධනගේ “නෙයිනගෙ සූදුව” වේදිකා නාට්‍යයෙහි ඔහුගේ රංගණයෙනි. ඉන්පසු නාට්‍යයෙහි අගය නොතකා ජැක්සන් රඟපාන වේදිකා නාට්‍ය කිහිපයක්ම නැරඹීමට මා පෙළඹුණි. ඒ අතුරෙන් සම්මානයෙන් පිදුම් ලත් සුගතපාල සිල්වාගේ “මරා-සාද්” වේදිකා නාට්‍යයෙහි ජැක්සන් ඇන්තනී නැවතත් ඉතාමත් ඉහළ රංගනයක යෙදුනි. ඔහුට ඒ වෙනුවෙන් දෙනු ලැබූ “හොඳම නළුවා” සම්මානයද ප්‍රමාණවත් නොවුනකි. 

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ජැක්සන් ටෙලි නාට්‍ය දුසිමක පමණ පෙනී සිටි අතර, පතිරාජගේ “ඇල්ල ළග වලව්ව”, තිලක් ජයරත්නගේ “කඩුල්ල” වැනි ටෙලිනාට්‍යවල ඔහුගේ රංගණ ප්‍රතිභාව, කුඩා තිරයද පුළුල් කෙරුවකි. රොහාන් වැලිවිටගේ “සුසීමා” ටෙලිනාට්‍යයෙහි ක්ලැරන්ස් සමග ගී ගැයූ ජැක්සන් ගායකයෙකු වශයෙන්ද තමා ඉහළ පෙළ ගායකයෙකු යැයි පෙන්වීය. 

මහා තිරයේ ජැක්සන් අති දක්ෂ රංගණ ශිල්පියෙකු පමණක් නොව සිනමා අධ්‍යක්ෂවරයෙකු ද විය. ඒ කිසිවක් ගැන කිසිවකුට මතභේද තිබිය නොහැක. ජෝ හා ගාමිණිගෙන් පසු පරම්පරාවේ ඔහු, අපට හමුවුනු පරිපූර්ණ කලාවරුවෙකි. විජයගේ ජනප්‍රියත්වය නොවුනත් ප්‍රතිභා සම්පන්න රංග ශිල්පියෙකු ලෙස ඔහු විජය හා සැසඳිය නොයුතු දක්ෂයෙකි.

Screenshot 2023 10 09 at 12.52.56කලාකරුවකු ලෙස ජැක්සන් වෙත මාගේ ගෞරවය ඒ සියල්ල වෙනුවෙන් පිරිනැමෙන අතර, කලාකරුවකුට තමන්ගේ නැණ පමණින් දේශපාලනයක් තෝරා ගැනීමට ඇති අයිතියටද මම ගරු කරමි. එනිසා ගාමිණිලාට, අනෝජා වීරසිංහලාට, රූකාණ්තලාට, මම කලාකරුවන් කලාකාරියන් වශයෙන් පමණක් නොව, පුද්ගලයින් වශයෙන්ද ගරු කරමි. 

එහෙත් ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා රාජපක්ෂවාදය කර තබා ගත්තේ දේශපාලන තේරීමකට එහා ගිය කෑදර ආත්මාර්ථකාමී වුවමනාවන්ට යැයි ප්‍රදර්ශනයවීම නිසා ජැක්සන් ඇන්තනී නම් කඩ හිමියා මට අපුලකි. දේශපාලන පරපුට්ටෙකි. එයට විශේෂ හේතුවක් වන්නේ ඔහු ඔහුගේ මල්ල පුරවා ගැනීම වෙනුවෙන් රාජපක්ෂවාදයට අවශ්‍ය සිංහල-බෞද්ධ මතවාදය සමාජගත කිරීමට මහා සම්මත සිංහල උරුමයන් සම්බන්ධ අලුත්ම ඉතිහාසයක් ගොඩ නගන්නටත් හිරිකිතයකින් තොරව ඉදිරිපත් වීමය. ඔහුගේ සිංහල-බෞද්ධ මතවාදයද මේ රටේ සිංහල-බෞද්ධ අන්තවාදී බලහත්කාරයට හේතු වූයෙන් මේ ජාතිවාදී විනාස සියල්ලට ඔහුද නොඅඩුව වගකිව යුතු බැව් අමතක නොකළ යුත්තකි.

ඔහුගේ අභාවය තෙක් පසුගිය අවුරුද්දකට වැඩි කාලයේ ඔහු වෙනුවෙන් තීන්දු ගත් ඔහුගේ බිරිඳ සහ දූ පුතුන් ප්‍රදර්ශනය කෙරුවේද දේශපාලනයක් නොවුනු ඔහුගේ එම ආත්මාර්ථය හා කුහකත්වය විය. 

එනිසා ඒ සියල්ල වෙනුවෙන් ඇති මගේ කණගාටුවෙහි හා අප්‍රසාදයෙහි අඩුවක් නොමැතිව, ජැකා නම් කලාකරුවාගේ සමුගැනීම ගැන මගේ ශෝකය මෙහි සටහන් කරමි.

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ඔක්තෝම්බර 09

ජැක්සන් ඇන්තනී ගේ අවසන් කටයුතු පිළිබද දැනුම්දීම


අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී ගේ දේහය හෙට - ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ "ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරේ.

අනතුරුව ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ ඔහුගේ නිවසේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු 12 වැනිදා බ්‍රහස්පතින්දා සවස රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී සිදු කෙරේ.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...