BREAKING
Top Ad
බුකිය

ගෙදරක් නැතුව වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ.... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 12, 2023 • 10:29 AM

ගෙදරක් නැතුව වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ.... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අව්නර්: උඹල ඔහොම යුදෙව්වෝ මරණකොට ලෝකය හිතයි උඹල සත්තු කියල.
  • අලි: ඔව්...අහන්න අව්නර්: උඹට ඇත්තටම උඹේ තාත්තගේ ඔලිව් ගස මඟ ඇරුන ද?
  • අලි: රටක් නැහැ (ගෙදරක් නැහැ) කියන එක උඹට තේරෙන්නේ නැහැ අව්නර්.
  • අපිට ඕනි ජාතියක් බවට පත්වෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


අලි: ඔව්, එතකොට ලෝකය දකියි ඔය කියන ලෝකය අපි සත්තු බවට පත්කළේ කොහොමද කියලත්. ඔවුන් එදාට අපේ සත්ව කූඩු වල තත්වය ගැන කතා කරන්න පටන් ගනියි.

අව්නර්: අලි...උඹට පුළුවන්ද එක දෙයක් මට කියන්න?

අලි: ඔව්...අහන්න

අව්නර්: උඹට ඇත්තටම උඹේ තාත්තගේ ඔලිව් ගස මඟ ඇරුන ද? ඕක මහා ලොකු ධන නිධානයක් ද? ආපහු ගන්න තරම් ඕකේ මහා ලොකු දෙයක් තියනවද? ඔය මැටි පොළොව? ඔය හුණුගල් පොළොව? ඔය ගල් බිත්ති...උඹලගේ ළමයින්ට අයිති කරලා දෙන්න ඕනි ඔය මැට්ට ද?

අලි: අනිවාර්යයෙන් ම ඔව්. ඒ වෙනුවෙන් තව අවුරුදු සිය ගණනක් යාවි. හැබැයි අපි දිනනවා. යුදෙව්වන්ට උන්ගේ රට හදාගන්න කොච්චර කල් ගියාද? ජර්මනියට උන්ගේ රට හදාගන්න කොච්චර කල්ගියාද?

අව්නර්: ඔව්..ඉතිං ඒවා සාර්ථක උණා නේ..

අලි: රටක් නැහැ (ගෙදරක් නැහැ) කියන එක උඹට තේරෙන්නේ නැහැ අව්නර්. ඒකම තමයි යුරෝපීය නරින්ට නොතේරෙන එකම දෙය. උඹල කියන්නේ, ''ආ ඒක මොකක්ද...ඕක සුළු දෙයක් නේ". ඒත් රටක් නැතුව ඉඳල බලපල්ලා. එතකොට තේරෙයි ගෙදරක් නැතිකමේ තියන අවුල.

ඕක සුළු දෙයක්නේ කිව්වට උඹට ආපහු එන්න ගෙදරක් තියනවා. හැබැයි අපිට නැහැ. ETA, ANC, IRA වගේ උන් ඔක්කොම බොරුවට උඹලගේ මූණට කියන්නේ උන් උඹලගේ ජාත්‍යන්තර විප්ලවේට සහයෝගය දෙනවා කියල. හැබැයි අපි බොරු කියන්නේ නැහැ. අපිට උඹලගේ ජාත්‍යන්තර විප්ලවයෙන් වැඩක් නැහැ. අපිට ඕනි ජාතියක් බවට පත්වෙන්න. ගෙදරක් හදා ගන්න.

ගෙදරක් නැතුව වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ....

Home is everything. 



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...