BREAKING
Top Ad
බුකිය

ලොස් ඇන්ජලීස් වලින් ලොස් වෙච්ච තිස්ස....

T

The Leader

October 30, 2023 • 12:23 PM

ලොස් ඇන්ජලීස් වලින් ලොස් වෙච්ච තිස්ස....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරගේ ලොස් ඇන්ජලීස් මිටීමේ කොඩියේ එල්ලෙන්න දැන් සජබෙට වෙලා තියෙන්නේ මේ මෑත කලෙක මේ රටින් පිට කිසිම රැස්වීමක් කැඳවන්න
  • අඩුතරමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ නම් කොච්චර ප්‍රමාණයක් ඇත්ද ඇමෙරිකාවේ...
  •   මේ විගාමික මිනිස්සුන්ගේ දැන් රට ඇමෙරිකාව.
  • එයාල ඇත්තටම මේ වෙලාවේ කවුරුත් තරහ කරගන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

තරම් ශක්තියක් මෙච්චර පොහොසත්තු, බිස්නස් කාරයෝ ඉන්න පක්ෂෙට බැරිවුණා කියන එක අමතක කරන ගමන්.


අඩුතරමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ නම් කොච්චර ප්‍රමාණයක් ඇත්ද ඇමෙරිකාවේ...

සහ එක්සත් ජාතික පක්ෂෙන් කැඩිලා සජිත් ලඟට ආපු කොච්චර විගාමික පිරිසක් ඉන්නවද...



එහෙම පිරිසක් අමතන්න සජිත් කවදාවත් මේ පොල්කට්ට අතඇරලා යන්නේ නැහැ. බිංකුන්ඩෙක් වගේ මේක වටේම පැද්දෙනවා. කවුරුහරි වැඩක් කළොත් ඒකෙ ඇද හොයන්න තිස්ස අත්තනායක දානවා. මොනවද අප්පා මේ දේශපාලනය? 

ඇමෙරිකන් කොඩිය තිබ්බේ සිංහ කොඩියට ඉස්සරහින් ලු. රතු කොඩිය තිබ්බේ නැහැලු. තිස්ස අත්තනායක දැන ගන්න ඕනි ලොස් ඇන්ජලීස් කියන්නේ උඩුදුම්බරවත් හාරිස්පත්තුවවත් නෙවෙයි කියල.

 එයාල දාල තියෙන්නේ එයාල විප්‍රදේශගත වෙලා ඉන්න එයාලගේ රටේ කොඩිය. ඒක ඒ රටේ කොඩිය මිසක් අධිරාජ්‍යවාදයේ කොඩිය නෙවෙයි. එහෙමනම් අච්චර ප්‍රගතිශීලි මිනිහෙක් වෙච්ච බෘස් ස්ප්‍රින්ස්ටීන් මොකටද ගායනා කලේ Born in the USA කියල.

 
මේ විගාමික මිනිස්සුන්ගේ දැන් රට ඇමෙරිකාව. ලංකාව නෙවෙයි. එයාල ඒක සංවිධානය කරන්නේ ඇමෙරිකාවේ. හාරිස්පත්තුවේ නෙවෙයි.

හැබැයි එයාල ආදරය කරන ලංකාව සහ එහි දේශපාලන නායකයෙක් වෙනුවෙන් ඒ කොඩි දෙකම අපූරුවට පාවිච්චි කළා. ඇමෙරිකන් කොඩිය යටතේ ගාසා එකට බෝම්බ දාන ගොන්කතා මෙතන කියල වැඩක් නැත්තේ මේ රැස්වීම සංවිධානය කරපු මිනිස්සු වීසා ඉල්ලලා ගිහින් තියෙන්නේ පලස්තීනෙට නෙවෙයි. ඇමෙරිකාවට.  

ඒ නිසා එයාල ඇමෙරිකන් විදියට වැඩ කරලා තියනවා. ඕනි නැති ඔක්කොම සංඥා එතන දාගෙන වැලලෙන්න එයාලට ඕනි නැහැ. අනුරට එහෙම ඕනිත් නැහැ.


තේරුම් ගන්න ඕනි දේ තමයි අනුරලා රාජ්‍ය බලය කියන එකට ලං වෙමින් ඉන්නකොට හැම දෙයක්ම අවුල් කර ගන්න බැහැ කියන එක. පුංචි පක්ෂයක් හැටියට ඒ කාලේ එයාලට ඔය අධිරාජ්‍ය විරෝධී කතා වගේ ඒවා කියන්න පුළුවන් වෙයි. ඒත් රාජ්‍ය බලය ගන්න ලංවෙමින් ඉන්න පක්ෂයක් එහෙම ඇමෙරිකාව තරහ කරගන්න තරම් මෝඩ වෙන්නේ නැහැ. එළිපත්තටම ගිහිල්ල. එයාල ඇත්තටම මේ වෙලාවේ කවුරුත් තරහ කරගන්නේ නැහැ.


සජබේ රාජ්‍ය බලය ගන්න පැත්ත පළාතේ නැති නිසා දැන් එයාලට පුළුවන් ඕනිනම් අධිරාජ්‍ය විරෝධී වෙන්න. අවුලක්ම නැහැ.

තිස්ස ඔයා උඩුදුම්බරට ගිහිල්ල ඇමෙරිකන් කොඩිය පුච්චන්න....නැත්නම් අමුඩයක් ගහගන්න. 

(උපුටා ගැනීම- සමාජ මාධ්‍යයෙන් ...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...