BREAKING
Top Ad
බුකිය

ග්‍රැෆයිට් මාකට් එක... - (ඉංග්‍රීසි පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 31, 2023 • 10:46 AM

ග්‍රැෆයිට් මාකට් එක... - (ඉංග්‍රීසි පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු
  • දේශපාලනය ඇතුලේ මනුස්සයෙක් ස්ථානගත උණොත් ඒක හොල්ලන්න තවත් දේශපාලන ව්‍යාපාරයක් නැතුව අමාරුයි.
  • එලිසබෙත් මහ රැජින වගේ ඉංග්‍රීසි කතාකරන්න නෙවෙයි අපිට ඕනි කවුරුහරි අපේ රටේ පාලකයා රටට වැදගත්, රටට වාසිදායක, රට ඉහළට ඔසවා තබන තීරණ ගන්න එක.
  • ඉංග්‍රීසි දන්නා එවුන් මේ රටට කරපු දේවල් අපි දැක්ක හින්ද අනුරගේ ඉංග්‍රීසි දැනීම හෝ නොදැනීම හෝ ග්‍රැෆයිට් පැටලීම නෙවෙයි ඇත්ත ප්‍රශ්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අතිමහත් ජනතාවගෙන් එක්කෙනෙක්වත් වෙනස් උණා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ.


ඒ වගේම තමයි මහින්දට හෝ රනිල්ට දිව පැටලුණා කියල එයාලට ආදරය කරන මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ. ඒක තමයි දේශපාලනයේ හැටි.

මේ දක්වා මිනිස්සු අනුරට ආදරය කළෙත් ඔය වගේ අඩුපාඩු කොතෙකුත් එයා ළඟ තියනවා කියල දැනගෙන. අනික් අයට ආදරය කරන්නෙත් එහෙම තමයි.
දේශපාලනය ඇතුලේ මනුස්සයෙක් ස්ථානගත උණොත් ඒක හොල්ලන්න තවත් දේශපාලන ව්‍යාපාරයක් නැතුව අමාරුයි. ඒක තමයි ඇත්ත.

අනික පැය ගණනක් තමන් නොදන්නා දේශයක ඉඳන් කතාවක් පවත්වන කොට සහ වෙනත් තැනක නැති විදියට අසන්නන්ගේ ඉල්ලීම් වලටත් ඉඩක් දීල ප්‍රශ්න වලටත් උත්තර දෙනකොට ඔය වගේ පොඩි අතපසුවක් සිද්දවීම ගණන්ගත යුතු දෙයක් නෙවෙයි. ඒක මෙහෙ ලොකු දෙයක් උනාට.

අනික අනුරම මේ මෑතක කිව්වා මට මේ ලෝකේ ලොකුම මොළෙත් නැහැ මොළ හතකුත් නැහැ කියල. ඒ නිසා ග්‍රැෆීන් බිස්නස් එක ජාතික ජන බලවේගේ ආණ්ඩුවකින් හැන්ඩ්ල් කරන කොට හොඳට ඉංග්‍රීසි සහ රසායන විද්‍යාව දන්නා කෙනෙක් පත්කරයි. ඒ නිසා බය වෙන්න එපා.

මම කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික දේවල් එක්ක වැඩ කරන්න යද්දී අනුරට ලංකාවේ ඉන්න හොඳම පරිවර්තකයාගේ උදව්ගන්න පුළුවන් වෙයි. එලිසබෙත් මහ රැජින වගේ ඉංග්‍රීසි කතාකරන්න නෙවෙයි අපිට ඕනි කවුරුහරි අපේ රටේ පාලකයා රටට වැදගත්, රටට වාසිදායක, රට ඉහළට ඔසවා තබන තීරණ ගන්න එක. එතනයි දේශපාලනය තියන තැන.


ඉංග්‍රීසි දන්නා එවුන් මේ රටට කරපු දේවල් අපි දැක්ක හින්ද අනුරගේ ඉංග්‍රීසි දැනීම හෝ නොදැනීම හෝ ග්‍රැෆයිට් පැටලීම නෙවෙයි ඇත්ත ප්‍රශ්නේ. කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ග්‍රැෆයිට් වලින් රටට වාසියක් අත්වෙන්නේ හෝ අත්කර දෙන්නේ කොහොමද කියන එක.

මහ රැජිණගේ ව්‍යක්ත ඉංග්‍රීසියෙන් මේ රටට කෙළවනවා කියන එකද වටින්නේ නැත්නම් කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි මේ රටට වාසියක් අත්කර ගන්නවා හෝ අත්කර දෙනවා කියන එකද වටින්නේ? මට වටින්නේ දෙක.


තවත් භාෂාවක් දැනගැනීම විශාල බෝනස් එකක් කියල නොදැන නෙවෙයි මේක ලිවේ. භාෂාවට වඩා දේශපාලනය වැදගත් කියල කියන්න.

අතිරේකවත් ලියනවා නම් ග්‍රැෆයිට් ප්‍රශ්නේ හරහා ජාතික ජන බලවේගෙට එන නෙගටිව් මාකටින් එකත් උදව්වේවි තවත් චන්ද වැඩි වෙන්න....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
ඉංග්‍රීසි පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භාෂා අධ්‍යයන අංශය
සබරගමුව විශ්ව විද්‍යාලය

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



Uvindu Kurukulasuriya ගේ සටහනක්
 
ඊයේ සිට බුකියෙ මිනිරන් හාරන උන්ගෙ ඉංගිලිසි දැනුම ගැන අප්‍රමාණ සංතෝසයි!

එකක් නෙමෙයි දෙකක් දාල හාරන්න බලන්න!

පුප කහගන්න නියපොත්තක් නැහැ, ඒ උනාට අනුන්ට වචනයක් වැරදුනාම බලන්න ඕන.

xdgte46

Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)

කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...