BREAKING
Top Ad
බුකිය

අළුතෙන්ම පටන්ගමු.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

November 3, 2023 • 5:27 AM

අළුතෙන්ම පටන්ගමු.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ අති දැවැන්ත පරාජයෙන් පස්සේ ටීම් එකේ වගේම අනික් හැමෝගෙම මූණු ඇඹුල් වෙලා තියනවා දැක්ක. සමහරු අඬන්න වගේ. සමහරු හතර අතේ බනිනවා.
  • මම කියන්නේ එහෙම නැතුව ඇත්ත රණශුරයෝ වගේ ඇත්තටම දිනන්න මෙතන ඉඳන් වැඩ කරමු.
  • ඒකයි ඉතිහාසය.  රට ඇතුලේ ගහන ක්‍රිකට් වැඩි කරන්න ඕනි.
  • විශේෂයෙන් ක්ලබ් ක්‍රිකට්, පාසල් ක්‍රිකට්.
අකුරු ප්‍රමාණය (Font Size):

කේන්තිය, ආවේගය, බලාපොරොත්තු රහිත බව වගේම රටේ සමස්තයක් හැටියට තියන කඩාවැටීම වගේ හැම දෙයක්ම මේ බැනීම සඳහා පාදක වෙලා තියනවා. ඒ ඔක්කොම හරි.

දැන් ආයේ මේ තරඟාවලියේ රැඳී සිටීමක් ගැන හිතන්න ඕනි නැහැ. මම කියන්නේ තව කවුරුහරි දිනනකම් හරි පරදිනකම් හරි ඉඳල අනුන්ගේ පානෙන් පිනට ලෝක කුසලානේ ඕනි නැහැ. මීට කලිනුත් මම දැක්ක ඒ වගේ පෝස්ට්. අරය පැරදුණොත් අපි ගොඩ වගේ. මම කියන්නේ එහෙම නැතුව ඇත්ත රණශුරයෝ වගේ ඇත්තටම දිනන්න මෙතන ඉඳන් වැඩ කරමු.  

පළමුවෙන් අපි මෙතැන ඉඳන් ආවේගයට ඉඩ නොදී තාර්කික සහ සබුද්ධික වෙමු. එකෙන් පටන් ගම්මු. 

396724304 727802946051491 6773877314484205002 n

ප්‍රථමයෙන් මේ පරාජය අමතක කරලා ඊළඟ සියලු තරඟ සඳහා අපේ කණ්ඩායමේ මනස හදමු. ඉන්දියාව ලොකුයි මාරයි කියල හිතන එක නවත්වල අපේ උන් ඉන්දියාව ක්‍රිකට් නොගහන තැනට ගහපු විදියවල් ගැන සොයමු. සනා මම හිතන්නේ ඉන්දියාවේ ගොඩක් පන්දු යවන්නෝ විශ්‍රාම ගන්වල තියනවා. 

ඒ වගේ මොන 'ලොකු' රටක් ආවත් උන්ට මුහුණ දෙන්න තාක්ෂණය සහ ඔරොත්තු දීම හදන්න ඕනි. ලෝකයේ සියලු නවීන තාක්ෂණය එක්ක අපි වැඩකරන්න ඕනි. අපි ලෝක කුසලානේ ගත්තේ ඔස්ට්‍රේලියාවට ගහල. ඒකයි ඉතිහාසය. 

රට ඇතුලේ ගහන ක්‍රිකට් වැඩි කරන්න ඕනි. විශේෂයෙන් ක්ලබ් ක්‍රිකට්, පාසල් ක්‍රිකට්. තරඟකාරී LPL ක්‍රිකට් උනත් කමක් නැහැ සුවිශේෂ දක්ෂතා හඳුනාගන්න පුළුවන් වෙන විදියට. අපේ මිෂන් එක ඊළඟ ලෝක කුසලානය කරගම්මු. 

ලෝකයත් එක්ක තියන තරඟ සහ කවුන්ටි ක්‍රිකට් වලටත් යන්න පුලුවන් නම් හොඳයි ගෝලීය අත්දැකීම් ගන්න. 

ai cric

ලෝකයේ ක්‍රිකට්වල සියලු අලුත් වර්ධනයන් ගැන පර්යේෂණයන් කරන්න ඕනි. අලුත් ක්‍රිකටර්ස්ල ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. ඒ සඳහා ටීම් එකක් ඉන්න ඕනි. ක්‍රිකට් රිසර්ච් ගැන වෙනම අවධානයක් තියෙන්න ඕනි (research institute). විශේෂයෙන් AI එක්ක (කෘතීම බුද්ධිය සහ ක්‍රිකට්) අපි ඉස්සරහට යන්න ඕනි. 

හැම පාසැලකම සහ හැම පළාතකම අලුත් ක්‍රිකටස්ල ගැන තොරතුරු රැස්කරගන්න ඕනි. අලුත් දක්ෂතා හොයාගන්න ඕනි.  ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනි. සියලු පැරණි ක්‍රීඩකයින්ගේ සහය මේ සඳහා එකතු කරගන්න ඕනි. 

sri lanka cricket counsil

විශේෂයෙන් මේ මට්ටමට ක්‍රිකට් පජාත කරපු ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක ගැන ඉතාම ඉක්මනින් තීරණයක් ගන්න ඕනි. 

වැටුණට කමක් නැහැ. නැගිටිමු! අපේ ආදරණිය ෆෑන්ස්ල වෙනුවෙන් ඒ දේ කරමු. 

මම ක්‍රිකට් ගැන දන්න ලොකු මඟුලක් නැහැ. ඒ නිසා දන්නා අය මීට වඩා කතාකරන්න. ඒක උදව් වෙයි. 

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...