BREAKING
Top Ad
බුකිය

කෙනෙක් නගරයට ආවා කියල නාගරිකයෙක් වෙන්නෙ නෑ - (චින්තන ධර්මදාස)

T

The Leader

November 3, 2023 • 10:02 AM

 කෙනෙක් නගරයට ආවා කියල නාගරිකයෙක් වෙන්නෙ නෑ - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාගරික ජීවිතය කියන්නෙ හරිම ආස්වාදනීය දෙයක්. ඒත් මොකක් හරි හින්ද අපි ගැමිකමට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
  • මේ සැලකිලිමත් බව හොඳ හෝ නරක විදිහට අපිට විනිශ්චය දෙන්න පුළුවන්.
  • වැදගත්ම දේ පුද්ගලිකත්වය ගැන අදහස.
  • ඇත්තටම නාගරිකත්වයේ කේන්ද්‍රය කියන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

නාගරිකත්වය කියන්නෙ ළග ළග බිල්ඩිං, හෝන් සද්ද, වාහන කියන එක නෙමෙයි. නාගරිකත්වය කියන්නෙ වෙනස් විදිහක සංස්කෘතික ආස්වාද පැවැත්මක්.

නගරයේ හැම කෙල්ලෙක්ම කොල්ලෙක්ම ලස්සනයි. පෙනුම ගැන සැලකිලිමත්. ඇඳුම ගැන සැලකිලිමත්. සුවඳ ගැන සැලකිලිමත්. කන බොන දේ ගැන සැලකිලිමත්. මේ සැලකිලිමත් බව හොඳ හෝ නරක විදිහට අපිට විනිශ්චය දෙන්න පුළුවන්.

ඒත් නාගරිකත්වය කියන්නෙ අපිට අපේ ජීවිතය සංස්කෘතික සහ සෞන්දර්ය පාර්ශ්වයන්ගෙන් පොහොසත් කරන්න බල කිරීමක්.

ගම එහෙම නෙමෙයි. ගම කියන්නෙ නගරයට වඩා විශාල කාල අවකාශ අත්දැකීමක්. ගම කියන්නෙ ලොකුවට පැතිරුනු ඉඩම්. ඕන තරම් කාලය. ගැමි ජීවිතේ ආස්වාද කලාපයන් වෙනස්. විවිධත්වය අඩුයි. පංචේන්ද්‍රිය සංතර්පනය ගැන අදහස සීමිතයි.

වැදගත්ම දේ පුද්ගලිකත්වය ගැන අදහස. ඒක නාගරික අදහසක්. ඇත්තටම නාගරිකත්වයේ කේන්ද්‍රය කියන්න පුළුවන්. ගැමියාට අනුව පුද්ගලිකත්වය නරක දෙයක්.

කෙනෙක් නගරයට ආවා කියල නාගරිකයෙක් වෙන්නෙ නෑ. එයා නාගරික සංස්කෘතිය වැළඳගන්නවාද කියන එකයි කාරණය. කෙනෙකුට ගැමියෙක් වගේ නගරයේ ඉන්නත් පුළුවන්.

ගමක ඉන්නෙ මුල් පදිංචිකාරයො. නගරෙක ඉන්නෙ පිටස්තරයො. ඒ පිටස්තරභාවය තමයි නාගරික මනසේ සෞන්දර්ය ය.


Chinthana D (චින්තන ධර්මදාස)
 දේශපාලන හා සමාජ විශ්ලේෂක
 අධ්‍යක්ෂ - facultyofsex
  #truepatriotlk
  #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

WhatsApp Image 2023 11 03 at 7.11.22 PM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...