BREAKING
Top Ad
බුකිය

රිකට් සෙල්ලම් - (එරන්ද ගිනිගේ)

T

The Leader

November 4, 2023 • 3:36 AM

 රිකට් සෙල්ලම් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ වැසියන්ගේ මෝඩකම කෙතරම් දැයි තේරුම් ගත හැක්කේ ඔවුන් රිකට් සෙල්ලම කෙරෙහි දක්වන ආකල්පය නිරීක්ෂණය කිරීමෙනි.
  • අර WWF තරගවල රෙස්ට්ලින් ගහගන්නේ ඇත්තටම කියා විශ්වාස කරන බොළඳ මිනිසුන් හා ලාංකික රිකට් උමතුවන් අතර වෙනසක් නැත.
  • ඇදහිය නොහැකි වෙළඳපොළ වටිනාකමක් ඇති ව්‍යාපාරයකි.
  • එදා මෙන්ම අදත් එම සෙල්ලම්කරුවන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය, ගැහැණුන්, ආයුධෝපකරණ ඇතුළු සියලු කම්සැප ඔවුන්ට නොඅඩුව ලබා දේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉහනිකට පැහුණු මිනිසුන් පවා තවමත් විශ්වාස කරන්නේ රිකට් යනු සැබැවින්ම කරන ක්‍රීඩාවක් කියාය. ඔවුන් හිතන්නේ තරගයක ජය පරාජය තීරණය වන්නේ ක්‍රීඩකයන්ගේ සැබෑ ක්‍රීඩා කෞශල්‍යය මත කියාය. අර WWF තරගවල රෙස්ට්ලින් ගහගන්නේ ඇත්තටම කියා විශ්වාස කරන බොළඳ මිනිසුන් හා ලාංකික රිකට් උමතුවන් අතර වෙනසක් නැත. මෙය ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වැනි මේ කලාපයේ රවටලටත් පොදු ලක්ෂණයකි.

රිකට් යනු දැන් කාලයක සිට තනිකරම වෙළදපොළ ව්‍යාපාරයකි. ඇදහිය නොහැකි වෙළඳපොළ වටිනාකමක් ඇති ව්‍යාපාරයකි. එහි භාණ්ඩය රිකට් නොවේ. එහි භාණ්ඩය වන්නේ රිකට් සෙල්ලමට වහ වැටී සිටින මෝඩ ප්‍රේක්ෂකයා යි. හරියටම කිව්වොත් එම ප්‍රේක්ෂකයාගේ වේදනාව යි. සතුටු සහ දුක් වේදනාව යි. ඉන්දියා සහ ලංකා රිකට් සෙල්ලම්කරුවන් අතර තරගයේ විකිණුවේ ලංකාවේ සුවහසක් මෝඩ රිකට් ලෝලීන්ගේ ප්‍රකෝපිත සෝ සුසුම් සහ ඉන්දියාවේ කෙලකෝටියක් මෝඩ රිකට් ලෝලීන්ගේ උපහාසාත්මක සිනහවයි. සෙල්ලම තියෙන්නේ එතනයි. පිටියේ නොවේ.

Pollice Verso*oil on canvas*97,4 x 146,6 cm*1872

 ඇරීනා සෙල්ලම් යනු අලුත් දෙයක් නොවේ. ඉපැරණි රෝමයේ කොලොසියමේ සිදු කළේ මෙයයි. එකල රෝම අධිරාජයා කොලොසියම හැදුවේ මෝඩ රෝමානු වැසියා මිලට ගැනීමටය. එදා පිටිය මැද සටන් කළ ග්ලැඩියේටරයන් වෙනුවට අද ඉන්නේ වීවා හෝ කොකාකෝලා හෝ මයිලෝ හෝ බී පුෂ්ටිමත් වුණු රිකට් සෙල්ලම්කරුවන්ය. එදා ඔවුන් හොඳින් රැක බලාගත් සිරගෙවල් මෙදා කඩදාසිවල අත්සන් කරන කොන්තරාත්තුය. එදා මෙන්ම අදත් එම සෙල්ලම්කරුවන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය, ගැහැණුන්, ආයුධෝපකරණ ඇතුළු සියලු කම්සැප ඔවුන්ට නොඅඩුව ලබා දේ.

 

සෙල්ලම පෙර සිටම ෆික්ස් කර ඇත. ජය පරාජය පෙර සිටම තුන්ඩු කොළවල ලියා ඔට්ටු අල්ලා ඇත. එය ශ්‍රී ලංකා රිකට් ආයතනයේ (පුද්ගලික ව්‍යාපාරයකි) සිට පුහුණුකරුවන් දක්වා දැනගෙන සිදුවෙන සෙල්ලමකි.

ඇතැම් අවස්ථාවල රිකට් සෙල්ලම්කරුවන්ද එය දනී. අහුවෙන මැච් ෆික්සින් අල්පයකි. අහු නොවෙන මැච් ෆික්සින් බොහෝය. මෝඩ රිකට් ලෝලියාගේ වේදනාවන් සමග සෙල්ලම් කිරීම අතිශය විනෝදය දනවන්නකි. රිකට් වෙළදපොළ ධනවතුන්ගේ ආතල් එක ඔබේ වේදනාවයි. සුපිරිම වැඩේ නම් ධනවතුන්ගේ ඒ ආතල් එක වෙනුවෙන් ටිකට් මිලදී ගෙන, ඩේටා කපාගෙන, කාලය නාස්ති කරගෙන වියදම් කරන්නෙත් එම අමන ප්‍රේක්ෂකයන්ම වීමයි. මීට වඩා හොඳ සෙල්ලමක් තව ඇතිද!

Koli 2023.11.04
ලංකාවේ මෝඩ ප්‍රේක්ෂකයාට වඩාත් හිත රිදී ඇත්තේ විරාත් කෝලි ඊයේ ලංකාවේ උන්ට දැමූ කින්ඩිවලටය. “මහත්තුරුන්ගේ ක්‍රීඩාව” ගැන කියමින් ඒ ගැන ලියන ආඩපාලි දකින රිකට් වෙළදපොළ අයිතිකරුවන් දෙකොණින් සිනා සේ. මැතිව්ස්ගේ කිඹුල් කඳුළු දැක හොටු පෙරාගෙන අඬන උන් දකින විට එම අයිතිකරුවන්ගේ කාම තණ්හාව මොහොතකට සංසිඳේ. නියම සෙල්ලම එයයි. මධ්‍යමාන ප්‍රේක්ෂකයා තුළ උද්වේගකර සංවේදනා ඇති කිරීමයි. ඔවුන් මානසිකව මැඩවීමයි. විනෝදය ඇත්තේ එතනයි.


ධර්මය අපට මග වේවා!

eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 නොවැම්බර් 3


WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...