BREAKING
Top Ad
බුකිය

අර්ජුන එපිසෝඩය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

November 7, 2023 • 5:56 AM

අර්ජුන එපිසෝඩය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියානු කලාපයේ ක්‍රිකට් කියන්නේ ආගමක් වගේ දෙයක්. මිනිස්සු ඉක්මනින් අවධානය යොමුකරන දෙයක් වගේම සංවේදී වෙන දෙයක්.
  • සමහර විට ඒක ඒ තරම් සමාජීය ලෙස බලපෑම් සහගත නැතුව ඇති එංගන්තය ඔස්ට්‍රේලියාව වගේ තැන්වල.
  • විශේෂයෙන් ජයග්‍රහණ අඩු අපේ වගේ ලෝකෙක ලෝක කුසලාන ජයග්‍රහණයක් කියන්නේ සෑහෙන පමණ දෙයක් බ්‍රෑන්ඩ් එකක් වෙන්න.  දිගින් දිගට ලංකාවේ ක්‍රිකට් ලබපු පරාජය ඇතුලේ පසුගිය දවස්වල සමස්ත ලාංකික ප්‍රේක්ෂකයෝ අවුල්වෙලා හිටියේ.
  • එස්එම්එස් එකකින්ලු දැනගත්තේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මම හිතන්නේ යමෙකුට ඉතාම ඉක්මණින් ජනප්‍රිය වෙන්න ක්‍රිකට් ක්‍රීඩාකිරීම, ක්‍රිකට් පරිපාලනයේ ඉඳීම වගේම ක්‍රිකට් ගැන කතාකිරීම උනත් බලපානවා. සමහර විට ඒක ඒ තරම් සමාජීය ලෙස බලපෑම් සහගත නැතුව ඇති එංගන්තය ඔස්ට්‍රේලියාව වගේ තැන්වල. හැබයි අපේ තත්වය ගොඩක් වෙනස්.

ක්‍රිකට් එක්ක ලොකු මුදලක් ගැවසෙනවා. ඒ එක්කම ඒ එක්ක දේශපාලනය බැඳිලා තියනවා. ඒ නිසාම ඒකෙ සෙලබ්‍රිටි වාසියක් තියනවා. මාකටින් කරන්න පුළුවන් ලේසිම විෂයක්. 

ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් ! - රටපුරා විරෝධතා පවත්වන්නැයි ඉල්ලයි

ඉම්රාන් ඛාන්

ඉම්රාන් ඛාන් වගේ කෙනෙක්ට දේශපාලනයට එන්න සම්පුර්ණයෙන්ම බලපෑම් සහගත උනේ ක්‍රිකට් වලින් උපයාගත්ත ජනප්‍රියත්වය සහ පෞරුෂය. විශේෂයෙන් ජයග්‍රහණ අඩු අපේ වගේ ලෝකෙක ලෝක කුසලාන ජයග්‍රහණයක් කියන්නේ සෑහෙන පමණ දෙයක් බ්‍රෑන්ඩ් එකක් වෙන්න. 

දිගින් දිගට ලංකාවේ ක්‍රිකට් ලබපු පරාජය ඇතුලේ පසුගිය දවස්වල සමස්ත ලාංකික ප්‍රේක්ෂකයෝ අවුල්වෙලා හිටියේ. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයට වගේම ක්‍රීඩා ඇමතිවරයාටත් යමක් කරන්න බලකෙරිලා තිබ්බ. ඒකෙ ප්‍රථිපලයක් හැටියට ඇමති රොෂාන් රණසිංහ තිබුණ ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝසිකරලා අලුත් සභාපති කෙනෙක් සහ පාලක මණ්ඩලයක් පත්කලා. ඒකෙ නෛතික තත්වය ගැන මම එතරම් දන්නේ නැහැ. 

මම කියන්නේ ඒ පත්කරපු එකේ හෝ පත්කරපු කට්ටියගේ හොඳ නරක නෙවෙයි. මේකට කට්ටිය දක්වපු ප්‍රතිචාරය ගැන. 

kjScreenshot 2023 11 06 at 15.07.55 copy

ඔන්න ඇමතිවරයා දැම්ම මේ කමිටුව ගැන හොයන්න රනිල් වෙනම කමිටුවක් දාල. මේ ගැන එයා දැනගෙන හිටියේ නැහැලු. එස්එම්එස් එකකින්ලු දැනගත්තේ. දැන් කැබිනට් තීරණයක් ගන්න ඕනිලු. 

ගොඩක් අය කමිටුවේ ඉන්න අනික් සාමාජිකයෝ ගැන නොසතුට පළකරනවා. ඒ ඔක්කොම පිළිගන්න පුළුවන්. 

ඒ අතරේ ජාතික ජන බලවේගය වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති කිව්වා මොනවා කරත් බංකොලොත් රටක ක්‍රිකට් විතරක් ගොඩඑන්නේ නැහැ කියල. ගොඩක් වෙලාවට එයාල දරන්නේ එයාල බලයට ආවට පස්සේ සියල්ල හොඳ අතට හැරෙයි වගේ අදහසක්. එයාලගේ පැත්තෙන් එහෙම කියන එකේ අවුලක් නැතිවෙන්න පුළුවන්. 



ඒ කියන්නේ කවුරුත් අර්ජුන ආපු එක ගැන ලොකු හොඳක් කියන්නේ නැහැ. එක්කෝ පොඩ්ඩක් නක්කලේට ටුක්කනවා. නැත්නම් පන්දුව නිදැල්ලේ යන්න අරිනවා.

මට හිතෙන්නේ හුඟක් අය බයයි අර්ජුන ආවට. අර්ජුනගේ දහසකුත් එකක් වැරදි ඇති. අවුල් ඇති. ඒක නෙවෙයි ප්‍රශ්නේ. 

ඇත්තටම ප්‍රශ්නේ තමයි එයා ක්‍රිකට් අතට අරගෙන වැඩේ හරියට ගොඩදාල දුන්නොත් ඒකෙන් ලොකු සමාජ - දේශපාලන වාසියක් එන්න පුළුවන් එක. අවංකව ගත්තොත් ඒක මේ වෙලාවේ ගොඩක් අයට ඕනි නැති දෙයක්. තව තව 'චරිත' මතුවෙනවට කවුද මේ වෙලාවේ කැමති වෙන්නේ?  

වැඩේ ටිකක් හරි ගොඩගියොත් ඉම්රාන්ට වගේ අර්ජුනටත් කියන්න පුළුවන් වෙයි හරි නායකත්වයක් තිබ්බොත් මේ රට ගොඩදාන්න පුළුවන් කියන එක. ඒකට උදාහරණයක් ලෙස ක්‍රිකට් ගොඩදැමීම එයාට මාකට් කරන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට ඒ වගේ දෙයක් නැගල යන්නත් පුළුවන්. 

ඊටත් වඩා කියවෙන දේ තමයි අර්ජුන වගේ කෙනෙක්ට හෝ ඒ වගේ වෙනත් කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් දේශපාලන හිඩැසක් තවමත් මේ භූමියේ තියනවා කියන එක. 

ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් දේශපාලන භූමිය තවමත් විවෘතයි...

කොළඹ යනුවෙන් යමක් නොපවතී ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...