BREAKING
Top Ad
බුකිය

හොර හිත - (එරන්ද ගිනිගේ)

T

The Leader

November 12, 2023 • 10:39 AM

හොර හිත - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකික සමාජයේ මා නිරීක්ෂණය කරන විශේෂ චර්යාවක් තමයි අනෙකාට “හොරා” යැයි කීමට
  • පැහැදිලි සාක්ෂි නොමැතිව එහෙම චෝදනා කිරීම වරදක් ලෙසයි ශිෂ්ටසම්පන්න සමාජය දකින්නේ.
  • අනුන්ට හොරා කියන අය බොහෝ වෙලාවට ඇත්තටම හොරු නේද?
  • හැමෝම තමන්ගේ ජීවිත කාලය තුළ මකන කෑල්ලක් හරි හොරකමක් කරලා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති අසාමාන්‍ය නැඹුරුව. මා ජීවත්ව තිබෙන වෙනත් සමාජවල නම් සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම ලෙහෙසියෙන් අනුන්ට හොරා කියන්නේ නැහැ. පැහැදිලි සාක්ෂි නොමැතිව එහෙම චෝදනා කිරීම වරදක් ලෙසයි ශිෂ්ටසම්පන්න සමාජය දකින්නේ. නමුත් ලක් සමාජයේ මේ තත්ත්වය වෙනස්. ලාංකිකයා හරිම ලෙහෙසියෙන් අනෙකාට හොරා යනුවෙන් චෝදනා කරනවා. ඒ ඇයි?

“බොරු කියන හැම මිනිහම විශ්වාස කරන්නේ අනෙක් හැමෝම බොරු කියනවා කියලයි” යනුවෙන් කියමනක් තිබෙනවා. ඒ වගේ හොරකම් කරන හැම මිනිහම හිතන්නේ අනෙක් හැමෝම හොරකම් කරනවා කියලද? අනුන්ට හොරා කියන අය බොහෝ වෙලාවට ඇත්තටම හොරු නේද? මගේ එක මාමා කෙනෙකු මට කියා තිබෙනවා ඔහුගේ ව්‍යාපාර කළේ වංචනිකව කියා. හැබැයි ඔහු බිස්කට් පෙට්ටි උස්සගෙන අරගලයට ගියා. ගිහිල්ලා කිව්වා “රාජපක්ෂලා ඩොලර් බිලියන ගාණක් හොරකම් කළා” කියලා. ඔබේ පවුල්වලත් ඉන්නවා නේද එහෙම උදවිය? ඔබේ මිත්‍රයන් ඉන්නවා නේද වංචාවෙන් මුදල් උපයන? හැබැයි කතා කළොත් බනින්නේ අනුන්ට හොරා කියලා නේද? ඒ අනුව අපට ඉහත නිරීක්ෂණය පැහැදිලි කරන්න යම් හේතුවක් ලැබෙනවා. ඒ තමයි සමස්තයක් හැටියට ගත්තම ලංකාවේ බොහෝ මිනිස්සු චූටි හෝ හොරකම් කරන නිසා ඔවුන් විශ්වාස කරනවා අනෙක් හැමෝමත් හොරකම් කරනවාය කියා.



නමුත් මට හිතෙනවා මේ පැහැදිලි කිරීම අතාර්කිකයි කියා. ලංකාවේ බහුතර වැසියන් හොරුන් යැයි කීමට සාක්ෂි නැහැ. හැමෝම තමන්ගේ ජීවිත කාලය තුළ මකන කෑල්ලක් හරි හොරකමක් කරලා ඇති. නිර්මාල් දේවසිරි 83 කළු ජූලිය වෙලාවේ මොරටුවේ පෙට්ටි කඩයක් කරගෙන හිටිය දෙමළ මුදලාලිට ගහලා කඩේ බඩු හොරකම් කළා. නමුත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස අදත් හොරකම් කරනවාද කියා මා දන්නේ නැහැ. ලංකාවේ බහුතර බෞද්ධයන් තමාට අයිති නැති දෙයක් කඩා වඩා ගැනීම පවක් හැටියට විශ්වාස කරනවා. මගේ මාමා කතෝලික. ඔහු පවුලට එකතු වුණේ මගේ නැන්දනිය කසාද බැඳලා. කතෝලිකයන්ට පුළුවන් පව් කමා කරගන්න.



මට හිතෙන්නේ මෙතන වෙන්නේ Psychological Projection එකක්. එනම් තමාගේ යටි හිතේ ආශාවන් අනෙකාට ප්‍රක්ෂේපනය කිරීමක්. ලංකාවේ බහුතරයක් මිනිස්සු ලොකුවට හොරකම් කරන්නේ නැති වුණාට අනුන්ගේ දෙය අත්පත් කරගන්න හරි ආසයි. හොරකම් නොකළාට “හොර හිත” වැඩ කරනවා. අන්සතු ලස්සන කාර් එකක් දැක්කම ඒක තමන් සතු කරගන්න හිතෙනවා. අන්සතු ලස්සන ගෙයක් දැක්කම ඒක තමන් සතු කරගන්න හිතෙනවා. අන්සතු ලස්සන ගැහැණියක් දැක්කම ඒක තමන් සතු කරගන්න හිතෙනවා. මේක තමයි ලක්වැසියන්ගේ ප්‍රබලම මනෝ කර්මය. පවටත් වඩා නීතියට තිබෙන බය නිසා හොරකම් නොකර ඉන්නවා.



නමුත් අර මැඩගෙන ඉන්න හොර හිත අනුන්ට ප්‍රක්ෂේපනය කරනවා. අල්ලපු ගෙදර මිනිහා ලොකු ගෙයක් හැදුවම ඒක හොරකම් කරන්න එන “හොර හිත” නොදැනුවත්වම දානවා අල්ලපු ගෙදර මිනිහට. ඒ මිනිහට හොරා කියනවා. මේ මානසික තත්ත්වය වැඩිපුර දකින්න ලැබෙන්නේ JVP කාරයන්ගෙන්. ඔවුන්ගේ සමස්ත දේශපාලනයම පදනම් වෙලා තියෙන්නේ අනෙකාට “හොරා” යැයි කීම මත පමණයි. හොර හිත් තියෙන අයට ඒක වැඩ කරනවා. මගේ මාමා මේ පාර ඡන්දෙ දෙන්නේ JVP එකට කියලයි ඔහු කියන්නේ...



පිළිගත හැකි සාක්ෂි නොමැතිව කිසිවෙකුට හොරා යැයි චෝදනා කිරීම බරපතල වරදක්. ඔබටත් මේ මානසික අර්බුදය තිබෙනවා නම් ඔබ තේරුම් ගන්න ඔබට තිබෙන්නේ “හොර හිතක්” කියා. අන්සතු දේ අත්පත් කර ගැනීමට ඔබට එන හොර සිතුවිලි ගැන කල්පනාවෙන් ඉන්න. එහෙම හිතුන ගමන් එය හඳුනාගෙන ඒ මොහොතේම එය දුරලන්න. අනුන්ට හොරා කියමින් තමන්ගේ හොර හිත අස්වසා ගන්නවා වෙනුවට හොරකම් නොකර ඔබට හැකි පමණින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඔබට යමක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මහන්සි වී කැප වී සාධාරණව එය උපයා ගන්න. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2023 නොවැම්බර් 12

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...