BREAKING
Top Ad
බුකිය

By the rivers of Babylon - (එරන්ද ගිනිගේ)

T

The Leader

October 10, 2023 • 11:01 AM

By the rivers of Babylon - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අහලා තියෙනවද සිංදුව? Boney M ලා කියන්නේ. 1978 විවෘත ආර්චිකේ සමග ලංකාවට ආව
  • ගීතයේ වචන එන්නේ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ Pslam 137 න්.
  • 6 වැනි සියවසේ බැබිලෝනියාවේ හෙවත් නූතන ඉරාකයේ.
  • සමහර විට ඉපදිලත් ඉන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩිස්කෝ ගීතයක්. නිර්මාල් දේවසිරිගේ සමකාලීනයන් බෙල් බොටම් ගහගෙන නටපු ගීතයක්.

මේ වෙලාවේ ගිනියම් වෙමින් තිබෙන ඊශ්‍රායලයට මේ ගීතය සම්බන්ධයි. ගීතයේ වචන එන්නේ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ Pslam 137 න්.

“By the rivers of Babylon, there we sat down, yea, we wept, when we remembered Zion.

Rivers of Babylon

බයිබලයේ කියන හැටියට මේ සිදුවීම වෙන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ බැබිලෝනියාවේ හෙවත් නූතන ඉරාකයේ. මේ පැත්තෙන් ශාක්‍ය ජනපදයේ සිද්ධාර්ථ ගෞතම කුමාරයා ඉපදෙන්න වසර දහයකට පහළොවකට විතර කලින්. සමහර විට ඉපදිලත් ඉන්න ඇති. දුර්වල වෙමින් තිබුණු යුදා රාජධානියට මාරක ප්‍රහාරයක් එල්ල කරන බැබිලෝනියානුවන් යුදෙව්වන්ගේ පරම පූජනීය ජෙරුසලම බිමට සමතලා කළා කියනවා. පරාජයට පත්වුණු යුදෙව්වන් ජීවග්‍රහයෙන් අල්ලගෙන වහලුන් විදිහට අරගෙන ගියාලු බැබිලෝනියාවට.

මෙතන කියන rivers අර අපි පොඩි කාලේ ඉතිහාසයට ඉගෙන ගත්ත යුෆ්රටීස් සහ ටයිග්‍රස් ගංගා දෙකලු. යුදා දේශයේ වැසියන් හෙවත් යුදෙව්වන් හෙවත් ඊශ්‍රායල් ජාතිකයන් ඔවුන්ගේ මව්බිමෙන් බොහෝ ඈත විදේශයක සිරකරුවන්ව නුහුරු නුපුරුදු ගං ඉවුරක නැවතිලා තමන්ගේ වේදනාව ගැන යාදින්නක් කීවාලු දෙවියන්ට.


Jerusalem
සහ රාන්ගේ එකෙක් පාස්කු ඉරිදා ගැහුව දේවස්ථානයක් නම් කරලා තිබුණේ සයන් නමින්. සයන් කියන්නේ ජෙරුසලමට යුදෙව්වන් කියන නමක්. යුදෙව්වන්ගේ මහා රජු ඩේවිඩ් හදපු ලස්සන නගරය. එයා තමයි ගොලායත් යෝධයව එක ගල් පහරින් නැසූ පොඩි කොල්ලා. ඒ ජේසු බිළින්දා ඉපදෙන්න වසර 1,000 කට විතර කලින්. ඊශ්‍රායල්වරුන්ට තියෙනවා ඔය භූමියට ලිඛිත ඉතිහාස ඔප්පුවක්. එතන ශිෂ්ටාචාරය හැදුවේ ඔවුන්.



ඔය බයිබල් ගීතිකාව කිහිප දෙනෙකුම සංගීතවත් කර තිබෙනවා. වඩාත්ම ජනප්‍රිය වුණේ Boney M ලාගේ වර්ෂන් එක. ඇමරිකාවට වහලුන් ලෙස කුදලාගෙන ගිය අප්‍රිකානු කළු ජාතිකයන්ට මේ ගීතිකාව අදාළයි. රස්තෆාරිලා යුදෙව් ගෝත්‍රයකින් පැවත එනවා කියා ඔවුන් විශ්වාස කරනවා. වසර දහස් ගණනකට පෙර ගං ඉවුරක මිමිණුව සෝ ගීතය අදටත් අපේ දෙසවන් පුරා රැව්දීම දේව හාස්කමක් කියා ඔවුන් හිතනවා ඇති.

යුදෙව්වන්ට පුදුම දෛවයක් ඔවුන්ගේ දෙවියන් දීලා තියෙන්නේ. ඔවුන්ට ඔවුන් හදාගත්ත ශුද්ධ වූ භූමියේ ඉන්න දෙන්නෙම නැහැ. කවුරු හරි ඇවිල්ලා ගහලා එලවනවා. මම මේ කල්පනා කළේ ඊයේ පෙරේදා අර හමාස් ත්‍රස්තයන් ඊශ්‍රායලයට පැනලා ජීවග්‍රහයෙන් අල්ලාගෙන පැහැර ගෙන ගිය ගැහැණු පිරිමි පොඩි දරුවන් සමහර විට ගායනා කරනවා ඇති නේද… “බැබිලෝනියාවේ ගං ඉවුරේ බිමට පහත් වී අපි හැඬුවා මතක් වී අපි උන්හිටි තැන්…”

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ඔක්තෝබර් 10

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...