BREAKING
Top Ad
බුකිය

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම

T

The Leader

January 4, 2020 • 11:31 PM

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්'
  • මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා.
  • ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්.
  • මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම. වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ.

දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා.

මම අද උදේ මේ ගැන පෝස්ටුවක් දැම්මා. මේ ජෝක් වීම යහපාලනය ට උනත් උණා. ඒ ජෝක් වීම හරවන්න ආයේ කවදාවත් බැරිවුණා ඒ මතවාදය කනත්තට යනකල් ම. යහපාලන මරණයෙන් පස්සේ අදටත් යම් යම් තැන්වල දී ඒක ඉස්මත්තට එනවා.

text 5 2මිනිසුන්ගේ දිනපතා ජීවිතය නපුරු සිහිනයක් (nightmare) වෙමින් පවතිනවා. ඒවාට විසඳුම හොයන්න හදන ආණ්ඩුව ඉන්නේ ආර්ථික මළ පුඩුවක හිරවෙලා (system deadlock). බඩු මිල අහස උසට. ණය කන්ද එහෙමමයි. කන්න තියෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විතරයි.

ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්. මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා.

රන්ජන් කරන්නේ මේ 'නොහැකියාවේ' (බැරි බැරි යාවේ) දෘෂ්ටිය ජෝක් එකක් කරන එක. රැවුල කපනවා. ආෆ්ටර් ෂේව් දානවා, රාළහාමි ව හග් කරනවා, වීඩියෝ කරනවා, වැඩ කිඩ කෝටියයි. සීරියස් දේශපාලඥයෙකුට කරන්න බැරි දේ මෙයා කරනවා.

උදාහරණ වශයෙන් චම්පික ගත්ත දවසේ හැමෝගෙම මූණේ තිබුණේ ඩිම් ලුක් එකක්. ඔක්කොමල ඩිම් උනා. මේ වෙලාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ජෝක් එකක් වීම. සමස්ථ දෘෂ්ටියේ ඇත්ත පරාජය එන්නේ එතැනින්. න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා.

තමන් කරන දේ ගැන එච්චර අදහසක් රන්ජන් ට නැතුව ඇති. ඒත් අපි අවට තියන නාස්තික බව රන්ජන් ගේ ජෝක් එක ඇතුලේ ගොඩක් පිළිබිඹු වෙනවා.

text 5 3ලයිසන් කරන්න පරක්කු වෙච්ච පිස්තෝලෙට අමතරව නිල් චිත්‍රපට තිබුණා කියනවා. DVD තිබුණා කියනවා. සෙක්ස් ටෝයි තිබුණා කියලත් කියනවා..කෙල්ලො එව්ව ලියුමුත් තියනවා කියනවා. කොහොම උනත් ඒවා ගැන වැඩි තැකීමක් නැතුව මිනිහා දිගටම රැවුල කපනවා.

 ලොකු දේපළක් තියන, දරුවෝ මල්ලෝ ඉන්න බුර්ෂුවා දේශපාලුවෝ වගේ පොර වද වෙන්නේ නැහැ පොලිසිය ඉස්සරහා. ඒකම පොලිසියට වදයක් උණා. මොකද අත ඇරලා යන්න බැරි දෙයක් ඒ මාදිවෙල ගෙදර නම් පේන්න නැහැ.

 මේ කවුරුත් හොරු අල්ලන්නේ නැහැ මල්ලි! ඒක තමයි එයා විසින් විසංයෝජනය කරපු වැදගත් ම ලාංකික දෘෂ්ටි මායාව (ideological illusion). ඇත්තම ඇත්ත යථාව. රන්ජන් කියන්නේ ඒ අනුව ජෝක් එකකට වඩා ලාංකික දේශපාලන යථාවේ පිළිබිඹුවක්.

ඔස්කාර් යන්න තරම් ලොකු හීන මට නැහැ. උඹලට වගේ මට නැතිවෙන්න දෙයක් නැහැ. තියෙනවා නම් මගේ ජීවිතේ තියෙන්නේ ඔය අල්ලලා තියනවා වගේ වගේ කුණු කන්දල් ටිකක් තමයි. ඔව්, ඒ කුණු කන්දල් අස්සේ මම නිල් චිත්‍රපට බලනවා තමයි. උඹලා සිංහල බෞද්ධ පොඩි ළමයි උනාට මම පොඩි ළමයෙක් නෙවෙයි. අනේ බම්බු ගහපල්ලා...මම ගිහිං එන්නම් මල්ලි!

(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ - මෙය ඔහුගේ ලිපියක් නොවන බව සඳහන් කර තිබේ)

 

සබැඳි පුවත්:

රංජන් අද අධිකරණය හමුවට :'පොහොට්ටුවාදියොත්' නොසතුටින්' - ලංකා සී නිව්ස් කියයි

රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? 'කන්පියුස්' නැද්ද ?

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් !

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...