BREAKING
Top Ad
බුකිය

"පුතෝ උඹව මරණව මරණවාමයි.. කාලෝ මට කිවා'' -උවිඳු

T

The Leader

September 2, 2019 • 10:29 PM

"පුතෝ උඹව මරණව මරණවාමයි.. කාලෝ මට කිවා'' -උවිඳු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පුතෝ උඹව මරණව මරණවාමයි, මම අද කිව්ව කියල ඩයරියෙ ලියා ගනින්," කියල කාලෝ අංකල් මට කිව්ව.
  • මට කාලෝ අංකල් ඉස්සෙලම හම්බවෙන්නෙ 76දි මට මතක විදියට.
  • කාලෝ ඇත්තටම මගේ ලමා කාලයේ විරයෙක්.
  • මම ඉස්සෙලම 1000ක් විතර පිරිසකට කතාවක් දුන්නෙත් එයාගෙ ඒ වැඩේ නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

එයා කිව්ව "විජයගෙන් පස්සෙ ඒ වගේ තර්ක කරන එකෙක් හම්බඋනේ මට උඹ විතරයි" කියල. ඒත් මම තාම ඉන්නව, ඒත් කාලෝ අන්කල්/ සහෝදරය නික්ම ගිහින්.

මට කාලෝ අංකල් ඉස්සෙලම හම්බවෙන්නෙ 76දි මට මතක විදියට. සමසමාජ කාරයෙක් වෙච්ච තාත්ත එක්ක ගියපු ලොකු මීටිමකදි. තව අන්කල් කෙනෙක් අපි වගේ පොඩි අයට ඒ ගොල්ලන් ලවා ඔටෝග්‍රාෆ් කරගන්න කියල හදාගෙන ආපු පොඩි පොත් පිංචවල් දුන්න. මම කාලෝ ගාවට ගිහින් ඒක දුන්න. "කාලෝ කියල බල්ලෙකුත් ඉන්නව" කියල හිනා වෙවී එකේ අත්සන් කරා. කාලෝ ඇත්තටම මගේ ලමා කාලයේ විරයෙක්. එයා තමා කොවූර් එක්ක එකතුවෙලා ගිනිපාගන වැඩ, දේව/අද්බූත වැඩවලට අභියෝග කරේ. ඒ රැශනිලිස්ට් බලපෑම අදටත් මගේ ජීවිතය හැඩගසා ගන්න බලපාල තියෙනව.

පොඩි කාලෙ සැරෙන් සැරෙන් හමුවුනත්, අපි දෙන්න ලොකුවට ආශ්‍රය කරන්න ගත්තෙ මම විශ්ව විද්‍යාලයේ ගියාට පස්සෙ. මම නවක වදයට ලක් නොවී ඒකට විරුද්ධව ෆයිට් කරපු එක එයාට ලොකු ආශ්වාදයක් උනා. එයා කැළණිය විශ්ව විද්‍යාලයෙ වෛද්‍ය පීඨයට හැම අවුරුද්දෙම මාව ගෙනත් දේශණාවක් දෙන්න කියනව. මම ඉස්සෙලම 1000ක් විතර පිරිසකට කතාවක් දුන්නෙත් එයාගෙ ඒ වැඩේ නිසා. වැඩේ ඉවර උනාම මට ලියුම් කවරෙක දාල සල්ලි දෙනව. මම එපා කිව්ව පලවෙනි පාර. එයා කිව්ව "පුතෝ උඹ විතරයි විශ්ව විද්‍යාල ශිෂ‍යයෙක් හැටියට ඉන්න ගමන් දේශණ ගාස්තු ලැබෙන එකම එකා" කියල. ඉතිං මගෙත් ඒකට යන සෙට් එක ඒ සල්ලි වලින් කොටුවට ඇවිත් බුරියානි පාරක් දානව.

කාලෝ මට කියා දුන් බොහෝ දේ ඇත, ඒ ඔහුගේ ටෙලිෆෝන් නොම්බරයේ සිට මහාවංශය දක්වා විහිදෙන අත්දැකීමක් දේවල් මතක තියා ගන්නා විදි- උන්ට මොක උනාද Murdered, Overthrown in battle, Killed, Assassination - MOKA -.උන්ට මොක උනාද?

Sep 3 talk 1ඒ මනුස්සයට මාර ඉවක් තියෙන්නෙ. දවසක් උදේ එයාගෙ ඒකාලෙ තිබ්බ වෝක්ස් වැගන් එකේ ඇවිත් ඇඳගෙන නගින්න කිව්ව මගේ බෝඩිමට ඇවිත්. මමත් ගියා. යන කොට කිව්ව චන්ද්‍රිකා බුද්ධි මණ්ඩලයක් දාල ජනවාර්ගික ප්‍රශ්ණය විසඳන්න ඔයත් ඒකෙ ඉන්න ඕනෙ කියල මම කිව්ව කියල. මාව ඒකට එක්කගෙන ගියාට සමහරු කැමති උනේ නැහැ, මොකද මම ඒ වෙන කොටත් විශ්ව විද්‍යාල ශිෂ‍යයෙක් නිසා. ඒත් කාලෝ මාව ඩිෆෙන්ඩ් කරා උවිඳු ඉන්නම ඕනෙ කියල. ඒකෙ හිටියෙ ගොඩක් චන්ද්‍රිකා ඉස්සරහ දෙකට තුනට නැමෙන මහාචාර්‍යවරු. ඒක මාර අත්දැකීමක්. ඒත් ඒ ලොකු කමිටුවෙන් චන්ද්‍රිකා හමුවෙන්න මාස් පතා යන පස් හය දෙනාට හැමදාම මාවත් දැම්ම ඒගොල්ල. 99දි චන්ද්‍රිකා මගේ මූණ බලන් යූඑන්පී කාරයො කියන කන් මම ඒකට ගියා. එහෙම කියන්න හේතුව මම දිගටම රනිල් එක්ක කතා කරන්න මේක විසඳන්න අවංක උවමනාවක් තියෙනව නම් කියල කිව්ව එක (ඒ ගැන පසුවට).

මගේ පුතා හම්බවෙන්න ඉන්න කොට දවස් දීල තිබ්බෙ දවස් දහයකට කලින්. ඉතිං ඉන්නව ඉන්නව බබා හම්බවෙන්නෙ නැහැ. වයිෆ් බය වෙලා. කාලෝ ඇවිත් ඇඳේ වාඩිවෙලා, වයිෆ්ව අල්ලගෙන පැය ගාණාක් කතාකරා. මම යන ගමන් ඇහැව්ව දැන් ලමයෙක් ලැබුනම හදා ගන්නෙ කොහොමද, මොනව හරි ක්‍රමවේද තියෙනවද කියල. අපි කතා කර කර ගියා. එයාගෙ ගෙදර ගිහින්, වෙනද වගේ, එයා හිනා වෙලා අර පොත ගන්න කිව්ව. ඒක ලොකු පොතක්, එකේ තියෙනව ලොකේ ලොකුම ප්‍රාඥයින් ගෙ ලමා කාලය ගැන. ඇඳේ දිගාවෙලා ඉඳගෙන මට කියවන්න කිව්ව දෙක තුනක්. මම හඬ නගා කියෙව්ව ඉතින් එයා මට හැමදාම කියනව වගේ. එයා හිනා වෙනව. දැන් තේරෙනවද කිය කියා. එයා එයාගෙ දුවයි පුතයි ගැනත් මට ගොඩාක් විස්තර කිව්ව. මම මහාචාරර්‍ය. ඒ දෙන්න කිය කියා. එහෙම ක්‍රමයක් නැහැ. උන් හැදෙන්නෙ උන්ට ඕන විදියට.

2000දි මට ලංකාව දාල එන්න උන වෙලාවෙ, ඇවිත් මට මතකයි ටෙලිෆෝන් බූත් එකකට ගිහින් පවුම් 20ක් විතර වියදම් කරල පැය ගානක් කාලෝට බැන්න විදිය. ඒ එයා මර්ධනකාරී පාලනයක් ඒ වෙන කොට ගෙනියන චන්ද්‍රිකාට උදවු කරන්න පටන් ගැනීම ගැන. එයත් එක එක තර්ක දැම්ම. මම පිළිගත්තෙ නැහැ, අදටත් පිළිගන්නෙ නැහැ.

එයා මට අන්තිමට හම්බ උනේ බානි රේමන්ඩ් එකේ ලසන්තගෙ බොඩිය තිබ්බ උදේ පාන්දර. එදත් මාව පැත්තකට, ඒ කියන්නෙ රේම්න්ඩ් එකේ පිලිකන්නට අතෙන් ඇදගෙන ගිහින් රාජපක්‍ෂල කියන්නෙ තිරිසන්නු පරිස්සම් වෙයන් පුතෝ කියල දිග හෑල්ලක් කිව්ව. මම කිව්ව ඔයා අවුරුදු විසි ගාණටත් ඉස්සර මම මැරුම් කනව කිව්ව, ඒත් මම තාම ඉන්නවනෙ කියල. ඒත් මම ඊට දවස් කීපයකට පස්සෙ ලංකාවෙන් ආව අපි කීප වතාවක් ටෙලිෆෝන් එකෙන් කතා කරා.

මම මීට දවස් ගාණකට ඉස්සර සංකල්ප (Dr Sankalpa Marasinghe) මල්ලිට කීව ගිහින් කාලෝ අංකල් එක්ක කතා කරල රෙකෝර්ඩ් කරගන්න කියල ගොඩාක් දේවල් ගැන. දැන් ටිකකට කලින් සංකල්ප මල්ලි මාව ඇහරවල කිව්ව "අයියේ කාලෝ අංකල් නැති උනා කියල"

Sep 3 talk 2විශ්ව විද්‍යාල සංස්කෘතිය ගැන දැන් ටයිප් කරගෙන යන මගේ පොතට පෙරවදන ලියන්න හිටියෙත් කාලෝ. ඒත් කාලෝ ගියා. ඒත් එතුමා අපිට හිතන්ට බොහෝ දේ දායද කර තිබේ. එතුමා දුර්ලභ ගණයේ මහාචාර්‍ය වරයෙකි. විශේෂයෙන්ම දොස්තර අය එතුමාව අධ්‍යයනය කල යුතුය, ඒ ගොඩක් අය දොස්තර රස්සාව හැර මෙලෝ අට මගුලක් දන්නේත් නැත, ඒව ගැන උනන්දුවක් ද නැත. ඒ වගේම කාලෝ කිසි දාක ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරේද නැත.

එතුමා පින්ලන්තයේ පිටුවහලේ සිටිනවිට ලියූ Towards a peaceful Sri Lanka - Six introductory seminaras for university students කියන පොත නැවත මුද්‍රණය කල යුතුය. එය සිංහලටත් පරිවර්තනය කර තිබේ. එය සකස් කර ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන්ට දේශණ හයක් ලෙසය. ලංකාවේ මේ පොත ගැන අවශ්‍ය තරම් සකාච්ඡාවක් ඇති උනේ නැත. ඒ මුද්‍රිත පිටපත් ගණන සීමා සහිත වූ නිසා විය හැක. එය නැවත මුද්‍රණය කර ඒ ගැන සාකච්ඡාවක් ගෙනියන්න.

එතුමාගේ "නරක පැති" ගැන - ඒ කියන්නෙ චන්ද්‍රිකාටත් මහින්දටත් උදවු කිරීමට පෙලඹීම ගැන මම මොකුත් මෙතන ලියන්නේ නැත. ඒ එතුමා ඒ කිසිවකින් මුදලක් හම්බ නොකරපු කෙනෙක් නිසාවෙනි. කොටින්ම කියනවා නම් හිත හොඳ අම්මන්ඩි හැම දාම බඩින් වගේ සීන් එකක් එතන.

සුභ ගමන් කාලෝ අන්කල්, කාලෝ සහෝදරයා!

('කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

"පුතෝ උඹව මරණව මරණවාමයි.. කාලෝ මට කිවා'' -උවිඳු | The Leader