BREAKING
Top Ad
බුකිය

ජනපතිගේ ගුවන් තො‍ටුපොළ සංචාරය: මහින්දට මෙහෙම කරන එක හරි නෑ නේද?

T

The Leader

January 16, 2020 • 11:57 PM

ජනපතිගේ ගුවන් තො‍ටුපොළ සංචාරය: මහින්දට මෙහෙම කරන එක හරි නෑ නේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ. බොහෝදෙනෙකු ජනාධිපතිවරයාගේ මෙම හදිසි කඩා පැනීමේ මෙහෙයුම බෙහෙවින් අගයකිරීමට ලක්කර ඇතත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය හැල්ලුවට ලක්කරමින් සිටිති. ජනාධිපතිවරයාගේ ගුවන් තොටුපල සංචාරය සම්බන්ධයෙන් 'lankadaily.com' කර්තෘ, මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත. ගුවන් තො‍ටුපොළ බාර ඇමැති කවුද? ..ඇයි ඒ මිනිහව මෙච්චරටම අසරණ කරන්නේ ? ගුවන් තො‍ටුපොළ දැන් මහින්ද පවුලේ බූදලයක් වගේ තියෙන එකක්නේ. අධ්‍යක්ෂවරු 2ක්ම පවුලේ සාමාජිකයන්.. ඒ තියෙද්දි ගුවන් තොටුපළට කඩා වැදිලා අරක කරපන් මේක කරපන්.. අනම් මනම් කිව්වාම ඒක මහින්දටත් හරි නෑ නේද? ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්විය. ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය. තිලක් වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත එම විවේචන සිදුවිය. අමාත්‍යංශවලින් සියයට 70ක් පවුලේ සාමාජිකයින් අතර බෙදාගත් රාජපක්ෂවරුන්, සිය පවුලේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස පත්කළේ 'විද්වත් කමිටුවේ' නිර්දේශමත දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවේ විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් අදාල විද්වත් කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය නාලක ගොඩහේවා පැවසුයේ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ නොකළ ඇතැම් පුද්ගලයින්ට ද බලධාරීන් විසින් පත්වීම් ලබාදී ඇති බවයි. සබඳි පුවත් : පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න! 'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' -ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ.
  • බොහෝදෙනෙකු ජනාධිපතිවරයාගේ මෙම හදිසි කඩා පැනීමේ මෙහෙයුම බෙහෙවින් අගයකිරීමට ලක්කර ඇතත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය හැල්ලුවට ලක්කරමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ.

බොහෝදෙනෙකු ජනාධිපතිවරයාගේ මෙම හදිසි කඩා පැනීමේ මෙහෙයුම බෙහෙවින් අගයකිරීමට ලක්කර ඇතත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය හැල්ලුවට ලක්කරමින් සිටිති.

ජනාධිපතිවරයාගේ ගුවන් තොටුපල සංචාරය සම්බන්ධයෙන්  'lankadaily.com' කර්තෘ, මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

ගුවන් තො‍ටුපොළ බාර ඇමැති කවුද? ..ඇයි ඒ මිනිහව මෙච්චරටම අසරණ කරන්නේ ? ගුවන් තො‍ටුපොළ දැන් මහින්ද පවුලේ බූදලයක් වගේ තියෙන එකක්නේ. අධ්‍යක්ෂවරු 2ක්ම පවුලේ සාමාජිකයන්.. ඒ තියෙද්දි ගුවන් තොටුපළට කඩා වැදිලා අරක කරපන් මේක කරපන්.. අනම් මනම් කිව්වාම ඒක මහින්දටත් හරි නෑ නේද?

ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්විය.

ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය.

තිලක් වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත එම විවේචන සිදුවිය.

අමාත්‍යංශවලින් සියයට 70ක් පවුලේ සාමාජිකයින් අතර බෙදාගත් රාජපක්ෂවරුන්, සිය පවුලේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස පත්කළේ 'විද්වත් කමිටුවේ' නිර්දේශමත දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවේ විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් අදාල විද්වත් කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය නාලක ගොඩහේවා පැවසුයේ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ නොකළ ඇතැම් පුද්ගලයින්ට ද බලධාරීන් විසින් පත්වීම් ලබාදී ඇති බවයි.

සබඳි පුවත් :

පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න

මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න!

'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' -ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...