BREAKING
Top Ad
බුකිය

ධර්මයට ලොකුම අපහාසය කර ඇත්තේ බුද්ධ චීවරය දරණ අතින් පහර දුන් මෝග භික්ෂූන්ය

T

The Leader

December 29, 2019 • 10:13 AM

 ධර්මයට ලොකුම අපහාසය කර ඇත්තේ බුද්ධ චීවරය දරණ අතින් පහර දුන් මෝග භික්ෂූන්ය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙලාව අරං කියවන්න..හරි වැරද්ද තේරුම් ගන්න.
  • ලොකුම අපහාසය කර ඇත්තේ දෙව් බඹුන් පවා වන්දනා කරන්නා වූ සූවාසූදහසක් සද්ධර්මය මේ පුද්ගලයාගේ ධර්ම ප්‍රචාරය නිසා විනාස වන්නේය යැයි සිතූ නුඹලා ය.
  • බුද්ධ දේශනාව හිංසාව ප්‍රතික්ෂේප කරයි..
  • මෙය අසාසිටි ඒ පහරකෑ පුද්ගලයා සෝවාන් ඵලයට පත්වී බුද්ධ සාසනයට පිවිස පැවිදිබව ලබා රහත්ඵලයට පත්වූවාහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාන්තර පරිකල්පිත විශ්වයක
එක් උදෑසනක බුදුන් වහන්සේ සමීපයට සුමන නම් එක්තරා භික්ෂුවක් පැමිණියාහ.

කිමෙක්ද කරුණ ?

බුදුරජාණන් වහන්ස.. ඔබ වහන්සේගේ ධර්මයට අපහාස කරමින් අන්‍යාගමිකයන් විසින් ඔවුන්ගේ මිත්‍යාදෘෂ්ඨික ධර්මයක් ප්‍රචාරය කරමින් ඇවිදින්නාහ. අප විසින් එය දක්නා ලදුව උන් අල්වා පහරක් ගසා මෙල්ල කරවා ඔබ වහන්සේගෙන් සමාව ගැනුමට ජේතවනාරාමයට කැඳවාගෙන ආවෙමු...

මහණ.. ඒ පුරුෂයා වහා නිදහස් කරන්න. මා ඔහු සමීපයට එන්නම්..

බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් සමග ඒ අන්‍යාගමික ප්‍රචාරකයා සමීපයට වඩින්නාහ.

හෙතෙමේ බුදුන් දැක හඬමින් බුදුන්ගේ දෙපාමුළ වැටී..

අනේ පින්වත් භාග්‍යවතුන් වහන්ස.. මා නොදැන කළ දේට අනුකම්පා කළ මැනවි...

මිතුර.. නැගිටින්න..
ඔබ කිසිදු වරදක් සිදු කර නැත..

අවට සිටි භික්ෂූහුද රාජපුරුෂයෝ ද නගර වැසියෝද වික්ෂිප්තව බලති..

ඇවැත්නි.. වහාම නුඹලා මොහුගෙන් සමාව ගත යුතුය..
නුඹලා බුද්ධ වංශයේ මිස ජාතිය හෝ අදහන ධර්මය මත අන් සතුන් වර්ග කර හිංසා කරනා පරපීඩක බ්‍රාහ්මණයෝ නොවෙති..

ලොකුම අපහාසය කර ඇත්තේ දෙව් බඹුන් පවා වන්දනා කරන්නා වූ සූවාසූදහසක් සද්ධර්මය මේ පුද්ගලයාගේ ධර්ම ප්‍රචාරය නිසා විනාස වන්නේය යැයි සිතූ නුඹලා ය.
හෙතෙමේට බුද්ධ චීවරය දරණ අතින් පහර දුන් මෝග භික්ෂූන් ය..

Budha text1

පින්වත්නි.. බුද්ධ දේශනාව හිංසාව ප්‍රතික්ෂේප කරයි.. මෛත්‍රිය අනුමත කරයි.. සියළු සත්වයෝ හිංසාවට බිය වෙති.. සියළු සත්වයන්ට මෛත්‍රිය වඩා උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පාංශුකූල චීවරය දැරූ ඔබ අන්‍යාගමිකයකුගේ ධර්ම ප්‍රචාරයක එල්ලී සිටීමෙන් ලැබෙන විමුක්තිය කුමක්ද..

 මහණෙනි.. මේ ධර්මය යම් දිනක විනාශ වන්නේ පිටස්තරයන් අතින් නොව..කඳ පණුවන් මෙන් සසුන තුළම සිට අධර්මය වපුරන දුසිල්වත් මහණුන් නිසා ය.

ඉදින් මෙය බුද්ධ ක්‍රමය නොවේ.

"මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. 

මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය."

පහුර බිම තියන්න..Budha text 2

අප අපගේ ධර්මය අවෛරයෙන්, අවිහිංසාවෙන් දේශනා කළ යුත්තේය.. අපගේ ධර්මයට නුගුණ කියන්නන් හෝ ධර්මය විනාශ කරන්නේයැයි සිතන වුන්ට පිළිතුරු දිය යුත්තේ ධර්මයෙන් මිස අධර්මයෙන් නොවේ. උපාලි ගෘහපතියා, අක්කෝස බමුණාව ඔබ සිහි කරගන්න.. ධර්ම ගැටළු පැන නැගි විට සාකච්ඡා කරමින් අවෛරයෙන් අවිහිංසාවෙන් ගැටළු නිරාකරණය කර ගන්න..

සියළු සත්වයෝ දඬුවමට හිංසාවට මරණයට බිය වෙති.. තමා උපමා කොට හිංසා නොකරන්න..නොමරන්න..

මෙය අසාසිටි ඒ පහරකෑ පුද්ගලයා සෝවාන් ඵලයට පත්වී බුද්ධ සාසනයට පිවිස පැවිදිබව ලබා රහත්ඵලයට පත්වූවාහ.


( සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනිමකි )

80479006 865537173880110 7514150730094084096 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...