විවෘත ඉසව් සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාග: මෙවර තරගාවලියට අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක්
දිවයිනේ ප්‍රධානතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ජාතික ශූරතාවලිය 111 වැනි වතාවටත් අගෝස්තු 7 සිට 23 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය හා ඉහළින්ම ශ්‍රේණිගත දේශීය තරගාවලිය මෙවර බලගැන්වීමට YETI Ndurance (Private) Limited ආයතනය ඉදිරිපත්ව සිටිනවා.
මේ තරගාවලිය සඳහා සුපුරුදු පරිදි අයැදුම් පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබුනත් ඒ ඒ ඉසව් සඳහා උචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු පමණක් තෝරා ගත් බව සංවිධායකයින් පවසනවා. තරගාවලිය දිගටම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගනිමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මේ ප්‍රධානතම දේශීය තරගාවලියට සහභාගි වීම පිණිස සෑම වසරකම දිවයිනට පැමිණීමට ඔවුන් මහත් උනන්දුවෙන් සිටිනවා.
ශ්‍රී ලංකා ජාතික ටෙනිස් ශූරතාවලිය කණිෂ්ඨ, විවෘත, ජ්‍යෙෂ්ඨ හා රෝදපුටු යන ඉසව්වලින් යුත් වැඩසටහනකින් පරිපූර්ණව තිබෙන්නේ පරම්පරා ගණනාවක් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට එක් කරමින් සහ ශ්‍රී ලාංකේය ටෙනිස් ක්‍රීඩාවේ තීව්‍රතාව හා විවිධත්වය ප්‍රදර්ශනය කරමින්.

කණිෂ්ඨ ශූරතාවලිය බාලක හා බාලිකා ඒකල හා යුගල අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ වයස් ඛාණ්ඩවලින් පැවැත්වෙනවා. විවෘත ශූරතාවලියට පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සහ මිශ්‍ර යුගල ඉසව් ඇතුළත් වනවා. මේ සියලු විවෘත තරග වෙනුවෙන් මුදලින් ත්‍යාග පිරිනැමෙන අතර එහි මුළු මුදල රුපියල් මිලියනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ජාතික ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ තරගාවලියේ අධ්‍යක්ෂ ස්ටීවන් රාජ් පද්මනාදන් මහතාගේ මඟ පෙන්වීම යටතේ. ෂෙහාරා මඩවල මෙනෙවිය තරගාවලියේ තරග තීරකවරිය වශයෙන් කටයුතු කරනවා.
තරගාවලිය සඳහා භාවිතා කරන්නේ Wilson US Open ටෙනිස් බෝල. මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ Wilson – Trident Distributors ආයතනය.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
2026 ජාතික ටෙනිස් ශූරතාවලිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී - වමේ සිට දකුණට: යසීර් ෆාරුක් (කළමනාකාර අධ්‍යක්ෂ - Trident Distributors), අනූප මත්තමගොඩ (ටෙනිස් සංවර්ධන ප්‍රධානී - ශ්‍රී ලංකා ටෙනිස් සංගමය), ෂෙහාරා මඩවල (තරගාවලි තරග තීරකවරිය), ස්ටීවන් රාජ් පද්මනාදන් (තරගාවලියේ අධ්‍යක්ෂ), රුක්මාල් කුරේ (උපසභාපති - ශ්‍රී ලංකා ටෙනිස් සංගමය), එස්. සුදර්ශන් (භාණ්ඩාගාරික - ශ්‍රී ලංකා ටෙනිස් සංගමය) හා YETI Ndurance (Private) Limited ආයතනයේ නිශේලි පෙරේරා (සම-නිර්මාතෘ) සහ මලික් පෙරේරා (ප්‍රධාන විධායක)




