BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

කුවේටය පරදා ශ්‍රී ලංකාවට ඩේවිස් කුසලාන ටෙනිස් තෙවැනි කොටසට උසස් වීමක්

T

The Leader Desk

July 26, 2026 • 1:46 PM

කුවේටය පරදා ශ්‍රී ලංකාවට ඩේවිස් කුසලාන ටෙනිස් තෙවැනි කොටසට උසස් වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්නා සහ තෙහාන්ගේ දස්කම් හමුවේ තීරණාත්මක තරගයේදී කුවේට් පිල අසරණ වෙයි
  • ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ සිවු දිනක් තිස්සේ පැවති ඩේවිස් කුසලාන ආසියා/ඔෂනියා සිවු වැනි කොටසේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තෙවැනි කොටසට සුදුසුකම් ලැබුවේ කුවේටය 2-0කින් පරාජය කරමින්.
  • අප්නා පෙරේරා ලකුණු 7-5, 2-6 හා 6-2කින් කුවේට් කණ්ඩායමේ බාඩර් අලාබ්දුල්ලා පරාජය කළ තරගය පැය 2යි මිනිත්තු 39ක කාලයක් පැවැත්වුණා.
  • පැයයි මිනිත්තු 36ක් තිස්සේ පැවති තීරණාත්මක දෙවැනි ඒකල තරගයේදී ඔහු කුවේටයේ එසා කබාසාඩ් පැරදවීමට සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රබල කටාර් පිල පරදවමින් ඇරඹි ශ්‍රී ලංකා මෙහෙයුම අපරාජිතව නිමාවට

ඩේවිස් කුසලාන ටෙනිස් ආසියා/ඔෂනියා තෙවැනි කොටසේ තරගාවලියට උසස් වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. ශ්‍රී ලංකාව සමග කටාර් දේශය ද තෙවැනි කොටසට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ සිවු දිනක් තිස්සේ පැවති ඩේවිස් කුසලාන ආසියා/ඔෂනියා සිවු වැනි කොටසේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තෙවැනි කොටසට සුදුසුකම් ලැබුවේ කුවේටය 2-0කින් පරාජය කරමින්.

අප්නා පෙරේරා ලකුණු 7-5, 2-6 හා 6-2කින් කුවේට් කණ්ඩායමේ බාඩර් අලාබ්දුල්ලා පරාජය කළ තරගය පැය 2යි මිනිත්තු 39ක කාලයක් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය සම්පූර්ණ කළේ තෙහාන් විජේමාන්න. පැයයි මිනිත්තු 36ක් තිස්සේ පැවති තීරණාත්මක දෙවැනි ඒකල තරගයේදී ඔහු කුවේටයේ එසා කබාසාඩ් පැරදවීමට සමත් වුණා.

‌මේ ජයග්‍රහණ සමග ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේ එහි එකම අපරාජිත කණ්ඩායම ලෙසින් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඩේවිස් කුසලාන ආසියා/ඔ්ෂනියා සිවු වැනි කොටසේ මෙහෙයුම ජයග්‍රාහීව ආරම්භ කළේ තරගාවලියේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටි කටාර් දේශය පරදවමින්. සත්කාරක රට එම ජයග්‍රහණය ලබා ගත්තේ තෙහාන් විජේමාන්න මාර්ගයෙන්. තරගාවලියේ ආරම්භක ඒකල ඉසව්වේදී ඔහු තරගයේ පිටුපස සිට නැගිටිමින් මොසා අල්හාර්රාසි පරාජය කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව හා කටාර් තෙවැනි කොටසේ තරගාවලියට සුදුසුකම් ලබද්දී ඉරාකය හා ටර්ක්මෙනිස්තානය පහළ කොටසට වැටුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 fgdrffgdrer

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...