BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

'ප්‍රසිද්ධියේ සමාව ගත්තේ නැත්නම් නඩු දානවා' - ශ්‍රී ලයන්ස් සභාපති රග්බි සංගමයට කියයි!

T

The Leader Desk

July 27, 2026 • 10:58 AM

'ප්‍රසිද්ධියේ සමාව ගත්තේ නැත්නම් නඩු දානවා' - ශ්‍රී ලයන්ස් සභාපති රග්බි සංගමයට කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර හා ශ්‍රී ලංකා නිර්මාතෘ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා අවධාරණය කරනවා.
  • තමන් ශ්‍රී ලංකා රග්බි සංගමයට නිකුත් කරන මේ අවසාන නිවේදනයට ඔවුන් දක්වන ප්‍රතිචාරය මත ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමේ ‘ඒ’ කොටසේ 2026-27 තරග සහභාගිත්වය රඳා පවතිනු ඇතැයි ද ඒ මහතා පැවසුවා.
  • Dubai 7’s ශූරතාව පිට පිට දෙවතාවක් ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර රග්බි කණ්ඩායම ඩුබායි සත් සාමාජික (Dubai 7’s) විවෘත තරගාවලිය දෙවැනි වසරටත් ජයග්‍රහණය කරමින් එම ශූරතාව පිට පිට දෙවරක් හිමි කරගත් එකම කණ්ඩායම බවට පත්ව සිටිනවා.
  • යන සමාජ දෙකෙන් එකක් විසින් ඩැහැ ගැනීමට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘවරයා අනාවරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ ජැට් හෝල්ඩිංස් ආයතන සම්මන්ත්‍රණ ශාලාවේ සෙනසුරාදා පැවති ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජයේ 5 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉතාමත් හැඟීම්බරව කතා කළ ඔහු, ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි තරගාවලියේ ‘බී’ කොට‌සේ සිට ‘ඒ’ කොටසට පැමිණි දා පටන් ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමට මෙරට රග්බි බලධාරීන්ගෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලි බවත් ඔවුන් ශ්‍රී ලයන්ස් දෙස බැලුවේ වෙනත් රාජධානියකට පැමිණි නුසුදුසු කණ්ඩායමක් ලෙස බවත් කියා සිටියා.

 ‘බී’ කොටසේ සිට ‘ඒ’ කොටසට උසස් වූ මංගල තරගාවලියේදී ම වසර 70ක් පමණ පැරණි සී.එච්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම හා නාවික හමුදාව පරාජය කිරීමට ශ්‍රී ලයන්ස් සමත් වුණා.

ශ්‍රී ලයන්ස් පාලනාධිකාරය ඔවුන්ගේ රග්බි ක්‍රීඩකයින්ට වැටුප්‌ නොගෙවන බවත් එම කණ්ඩායමට ‘ඒ’ කොටසේ රග්බි ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් ඔවුන් ලක්ෂ 45ක මුදලක් තැන්පත් කළ යුතු බවත් කියමින් ශ්‍රී ලංකා රග්බි සංගමය මෙරට විද්‍යුත් නාළිකාවන් දෙකක ප්‍රවෘත්ති පළ කළ බව කී ආචාර්ය කැළුම් සුජිත් , එයින් තම ආයතනයේ ලාංජනයට හා කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවුනහොත් නීති මාර්ගයට පිවිසෙන බවත් පැවසුවා.

තමන් ශ්‍රී ලංකා රග්බි සංගමයට නිකුත් කරන මේ අවසාන නිවේදනයට ඔවුන් දක්වන ප්‍රතිචාරය මත ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමේ ‘ඒ’ කොටසේ 2026-27 තරග සහභාගිත්වය රඳා පවතිනු ඇතැයි ද ඒ මහතා පැවසුවා.

Dubai 7’s ශූරතාව පිට පිට දෙවතාවක්

c4y456
ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර රග්බි කණ්ඩායම ඩුබායි සත් සාමාජික (Dubai 7’s) විවෘත තරගාවලිය දෙවැනි වසරටත් ජයග්‍රහණය කරමින් එම ශූරතාව පිට පිට දෙවරක් හිමි කරගත් එකම කණ්ඩායම බවට පත්ව සිටිනවා. ජාත්‍යන්තර කෙළිබිමේ මෙසේ පෙලහර පාමින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය තවත් ක්‍රීඩාවන් ගණනාවක ද යෙදී සිටින බවත් ශ්‍රී ලාංකික රග්බි ක්ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් තමන් ඉදිරිපත් කළ ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට ‘ඒ’ කොටසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදෙන්නේ නම් තම ආයතනය සතු මුදල් ප්‍රතිපාදන අනෙක් ක්‍රීඩාවන් සඳහා යොදවමින් මෙරට රග්බි ක්‍රීඩාවෙන් ඉවත් වන බවත් ඔහු සඳහන් කළා.

ඉදිරියේදී පැවැත්වෙන රග්බි තරගාවලියන් හිදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබෙන බැවින් තම ක්‍රීඩකයින් 12 දෙනෙකු දැනටමත් නිදහස් කර ඇති බවත් මේ අය අතරින් බොහෝ දෙනා ඉලක්ක කරගෙන සිටින පසුපෙල ක්‍රීඩක මොහමඩ් නිස්රාන් හැව්ලොක්ස් හෝ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. යන සමාජ දෙකෙන් එකක් විසින් ඩැහැ ගැනීමට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘවරයා අනාවරණය කළා.

රග්බි සංගමයෙන් ලැබුණේ බෝල පහක් විතරයි

“අපි ‘ඒ’ කොටසේ ක්‍රීඩා කිරීමට ආවේ අපේ ක්‍රීඩකයන්ට රග්බි ක්‍රීඩාවේ ඉදිරියට යමින් ගෞරවය දිනා ගැනීමේ උත්සාහයක යෙදෙන්න ඔවුන්ට මාර්ගය විවෘත කර දෙන්නයි. මේ ක්‍රීඩකයන්ට අපි කොපමණ මුදලක් (රුපියල් මිලියන 4.2) වියදම් කර තියෙනවා ද කියලා අපේ අයවැය වාර්තාවෙන් පෙන්නුම් කරනවා. නමුත් මේ වෙනකන් අපට රග්බි සංගමයෙන් ලැබිලා තියෙන්නේ බෝල පහක් විතරයි. ඒගොල්ලන්ගේ උදව්ව එපමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිවලට අනුව, අපි සංගමයෙන් උදව් ඉල්ලගෙන හිඟමනේ ගිහින් නැහැ.”

ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ඔවුන්ගේ ම ක්‍රීඩාංගණයක් නැහැ. “ලංකාවේ පාළුවට ගිය ක්‍රීඩා පිටි ගොඩක් තියෙනවා. ඒවා සංවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් උදව් ලබා ගන්න අපට පුළුවන්. ඒ සඳහා අපට රජයේ සහයෝගය අවශ්‍යයි.”

‘ඒ’ කොටසේ කණ්ඩායම් අඩු කිරීම

 

sefe
අන්තර් සමාජ රග්බි නව ක්‍රීඩා වාරය ආරම්භ වීමට පෙර ‘ඒ’ කොටසේ කණ්ඩායම් 9  කණ්ඩායම් 7 දක්වා අඩු කිරීමට යන බව කියමින් රග්බි සංගම් කවුන්සලයේ අසුන් ගෙන සිටින පුද්ලයින්ගේ චේතනාව කුමක්දැයි කැළුම් සුජිත් මහතා ප්‍රශ්න කරනවා.

කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කරනවා වෙනුවට තිබෙන කණ්ඩායම් ද අඩු කිරීම මගින් ක්‍රීඩාව දියුණු කරන්නේ කෙසේද කියා මෙරට රග්බි ප්‍රජාවට විස්තර කර දෙන ලෙසට ඒ මහතා ශ්‍රී ලංකා රග්බි සංගමයට අභියෝග කරනවා. තමාගේ දැක්ම වන්නේ කණ්ඩායම් ගණන අවම වශයෙන් 14 දක්වා වැඩි කර තරගාවලිය පිට පළාත්වලට රැගෙන යාම බව ශ්‍රී ලයන්ස් සභාපතිවරයා පවසනවා.

ජාත්‍යන්තර මට්ටමෙන් වසර අටක් පැරණි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ඒ කාලය තුළ ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙන බව ද කැළුම් සුජිත් මහතා පෙන්වා දුන්නා.

“දකුණු අප්‍රිකාව, බහරේන්, ඔ්මානය, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල ශාඛා තිබියදී ශ්‍රී ලංකාවේ ශාඛාවක් ස්ථාපනය කරන්නෙ නැත්තේ ඇයි කියලා ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර කවුන්සලය කල්පනා කළා. ඒ අනුව මීට වසර පහකට ඉහත අපි ශ්‍රී ලංකාව ට ආවා. අපි ‘බී’ කොටසේ රග්බි ශූරයින් වෙලා ‘ඒ’ කොටසට ආවා. එදා ඉඳන් අපට රෝස මල් ලැබුනේ නැහැ. අපි වෙන කාගෙවත් රාජධානියකට ඇවිල්ලා අපේ අණසක පතුරුවන්න හදන පිරිසක් ලෙසටයි බොහෝ දෙනා අපි දිහා බැලුවේ. හොඳ ආගන්තුක සත්කාරයක් නෙවෙයි අපට ලැබුණේ. තරග බිමේදීත් අපට අසාධාරණ තීන්දු ගණනාවක් ලැබුණා. නමුත් එයින් නොසැලී ගෞරවනීය විදියට අපි ඉදිරියට ගියා.”

ක්‍රීඩාව සහ ක්‍රීඩා දේශපාලනය

ශ්‍රී ලයන්ස් පැමිණ සිටින්‌නේ ‘ක්‍රීඩාව’ කිරීමට මිස ‘ක්‍රීඩා දේශපාලනය’ කිරීමට නොවන බව ද කැළුම් සුජිත් මහතා අවධාරණය කළා. එහෙත් ක්‍රීඩාව දේශපාලනය කරගත් සුළු පිරිසක් එය තමන්ගේ බූදලයක් කර ගනිමින් සිටින බවත් ඔවුන් ශ්‍රී ලයන්ස් නාමය කෙලසමින් අපව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසුවා.

ජාත්‍යන්තරය සමග තිබෙන සබඳතා මත ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ද දක්ෂ විදෙස් ක්‍රීඩකයින් ගෙන්වා ගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය කැළුම් සුජිත් මහතා තම පාලනාධිකාරිය ඒ පිළිබඳව කැමැත්තක් නොදැක්වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඔසවා තැබීම අරමුණ වූ නිසා බව කියා සිටියා.

මේ වන විට ලොව රටවල් අටක ස්ථාපනය වී සිටින ශ්‍රී ලයන්ස් ළඟදීම තවත් රටවල් දෙකක් එක් කර ගන්නා බවත් තමන්ගේ ජාලය රටවල් 15ක් දක්වා දීර්ඝ කිරීම තම අභිප්‍රාය බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා කරන්නේ රග්බි පමණක් නෙවෙයි. නෙට්බෝල්, පාපන්දු, හොකී, මලල ක්‍රීඩා, ජිම්නාස්ටික් ඇතුළු ක්‍රීඩා 10කට ඔවුන්ගේ ජාත්‍යන්තර වෘක්ෂයේ අතු විහිදී තිබෙනවා. කරාටේ සහ තවත් ක්‍රීඩා කිහිපයකට ද ළඟදීම පිවිසීමට ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ක්‍රීඩා සමාජය බලාපොරොත්තු වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...