BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ: ජපනුන්ගේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම!

T

The Leader Desk

July 27, 2026 • 4:19 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ: ජපනුන්ගේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාංගණ පිරිසිදු කරන ජපන් ප්‍රේක්ෂකයන්ට නිවෙස්වලින් නැගෙන චෝදනා සහ දෙබිඩි පිළිවෙත ගැන පළවන මත
  • ජපානයේ පිරිමින් මීට වඩා වැඩියෙන් ගෙදර දොරේ වැඩ කටයුතුවලට දායක විය යුතුව තිබෙන්නේ නිවසේ වැඩ කරමින් ඔවුන් ගත කරන කාලය ලෝකයේ අඩුම කාලයන් අතරෙහි තිබෙන නිසා බව එම පෝස්ටරයේ සටහන් කර තිබෙනවා.
  • මේ පෝස්ටුවට X සමාජ මාධ්‍ය වේදිකාවේ ‘ලයික්ස්’ 60,000ක් ලැබී තිබෙනවා.
  • ප්‍රසිද්ධ ස්ථානවල කාලය ගත කිරීමෙන් පසුව ඒවායේ පිරිසිදුකම හා පිරිසිදු කිරීම ගැන අවධානය යොමු කිරීම ජපන් සංස්කෘතියට ආවේණික දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

  • දිනකට මිනිත්තු 47ක නිවසේ වැඩ: ගෙදර දොරේ කටයුතුවලදී ජපන් පිරිමින් ලෝකෙන්ම අන්තිම තැනට


  • ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වැනි ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් අවසානයේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම නිසා ජපන් ක්‍රීඩා ලෝලීන් ගෝලීය වර්ණනාව හිමි කරගෙන සිටියත් ඔවුන්ගේ ගෘහස්ථ පුරුදු දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.

    ලෝක කුසලාන තරගවලින් පසුව ක්‍රීඩා මණ්ඩප සුද්ද කිරීම පිළිබඳව ජපාන පාපන්දු ලෝලීන් වසර ගණනාවක් තිස්සේ ප්‍රශංසාව දිනා ගෙන සිටිනවා. එහෙත් මේ වතාවේදී ඔවුන්ට නිවෙස්වලින් නැගෙන චෝදනාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

    මෙවර ලෝක කුසලානයේ තරගයක් අවසන්ව තිබියදී කුණු දමන මලු අතේ තබාගෙන ක්‍රීඩා මණ්ඩපයන්හි ආසන පේලි පීරන ජපන් ක්‍රීඩා ලෝලීන්ගේ ඡායාරූප මතුවීමෙන් පසුව සමහරු එයින් දුටුවේ, ප්‍රසිද්ධියේ පිරිසිදු වන අතරතුර නිවසේ ඒ වගකීම බිරින්දෑවරු මත පටවන පිරිමින්ගේ දෙබිඩි පිළිවෙතක්.

    එම ඡායාරූප දිස්වූ සැණින් එක් ජපන් පෝස්ටරයක් වෛරල් වුණා. ක්‍රීඩාංගණයේ කුණු කසළ අහුලන ජපන් ක්‍රීඩා ලෝලියෙක් සිටින එම පෝස්ටරයේ ඒ පුද්ගලයා ම ඔහුගේ නිවසේ සෝපවක හාන්සි වී සිටින අයුරු පෙන්නුම් කරන අතර කිලිටි ඇඳුම් බහාලූ කූඩයක් ළඟ තිබියදී ඔහු සෝපාවේ ඇලවී ඔහුගේ දුරකථනය පාවිච්චි කරමින් සිටිනවා. ඔහුගේ බිරිඳ පිඟන් සෝදනවා.

    ජපානයේ පිරිමින් මීට වඩා වැඩියෙන් ගෙදර දොරේ වැඩ කටයුතුවලට දායක විය යුතුව තිබෙන්නේ නිවසේ වැඩ කරමින් ඔවුන් ගත කරන කාලය ලෝකයේ අඩුම කාලයන් අතරෙහි තිබෙන නිසා බව එම පෝස්ටරයේ සටහන් කර තිබෙනවා.

    මේ පෝස්ටුවට X සමාජ මාධ්‍ය වේදිකාවේ ‘ලයික්ස්’ 60,000ක් ලැබී තිබෙනවා.

    “ලෝකය බේරගන්න හැමෝටම උවමනායි, නමුත් පිඟන් කෝප්ප හෝදන්න අම්මාට උදව් කරන්න කාටවත් අවශ්‍ය නැහැ” යනුවෙන් එක් X භාවිතා කරන්නෙක් කියා  තිබෙනවා.

    “කුඩා දරුවෙක් ගෙදර ඉඳිද්දී ළමයින් බලා ගැනීමයි අනෙක් වැඩයි බිරිඳට බාර දීලා ලෝක කුසලාන තරගය නරඹන්න ආපු කෙනෙක් මේ කුණු අහුලන පුද්ගලයින් අතරේ ඉන්නවාමයි” තවත් කෙනෙක් ලියා තිබෙනවා.

    ප්‍රසිද්ධ ස්ථානවල කාලය ගත කිරීමෙන් පසුව ඒවායේ පිරිසිදුකම හා පිරිසිදු කිරීම ගැන අවධානය යොමු කිරීම ජපන් සංස්කෘතියට ආවේණික දෙයක්.

    කෙසේ වෙතත්, ගෙදර දොරේ කාර්යයන් වෙනුවෙන් වැය කරන කාලය අතින් ජපානයේ පිරිමින් සිටින්නේ ඉතා ඉහළ සංවර්ධනයක් ලැබූ රටවල් අතරෙහි අන්තිම ස්ථානයේ.

    ජපානයේ කාන්තාවන් දිනකට පැය තුනකට වැඩි කාලයක් පඩි රහිතව වැඩ කරමින් කාලය ගත කරන බවත් මෙහිදී ජපන් පිරිමියෙක් වැය කරන්නේ දිනකට මිනිත්තු 47ක් පමණක් බවත් සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

    මේ විසමතාව විශේෂයෙන් තරුණ පවුල් ජීවිතවල ඉතා පැහැදිලි ලෙස දක්නට ලැබෙනවා. වයස අවුරුදු හයෙන් පහළ දරුවන් සිටින ද්විත්ව-ආදායම්ලාභී නිවැසියන්ගෙන්, හැමදාම සිදුකරන ගෙදර කටයුතු වෙනුවෙන් කාන්තාවන් දිනකට පැය හතකට වඩා වැඩි කාලයක් ගත කරද්දී පිරිමින් ඒ සඳහා වෙන් කරන්නේ පැය දෙකකට වඩා අඩු කාලයක් පමණක් බව 2021 වසරේදී ජපාන රජය විසින් කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

    ලොකු උත්සවයන්ගෙන් පසුව ජපානයේ ප්‍රසිද්ධ ස්ථාන බොහෝ විට අපද්‍රව්‍යවලින් පිරී තිබියදී විදේශයන් හි කුණු ඇහිලීමෙන් කරන්නේ ප්‍රෝඩාවක් බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

    එහෙත් නිවසේ කටයුතුවලදී ඇති මේ බෙදීම සම්බන්ධයෙන් වන විවාදය ප්‍රබල වෙමින් තිබියදී, ජපාන ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීමේ ආදර්ශමත් ක්‍රියාව උනන්දු කළ යුතු දෙයක් මිස සමච්චලයට ලක්කළ යුතු දෙයක් නොවන බවට බොහෝ දෙනා තර්ක කරනවා.

    මේ ආකාරයේ පිරිසිදු කිරීම් වෙනත් රටවල ක්‍රීඩා ලෝලීන් කෙරෙහි ද බලපෑමක් ඇතිකර තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

    ජපනුන්ගේ ක්‍රියාවට සමාන අයුරින් පෘතුගීසි ක්‍රීඩා ලෝලීන් ද විශාල ප්ලාස්ටික් මල්ලක් අතැතිව ක්‍රීඩා මණ්ඩපවල කුණු කසල එකතු කරමින් සිටින අයුරු මෑතකදී සමාජ මාධ්‍ය වීඩියෝවකින් දර්ශනය වුනේ මේ ප්‍රවණතාව ආරම්භ කිරීමේ ගෞරවය ජපානයේ ක්‍රීඩා ලෝලීන්ට ලැබෙමින්.

    warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
    'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
    gunasekera33@gmail.com

     

     

    whatsapp 202507155

    The Leader • WhatsApp නිල සේවාව

    අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

    නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

    The Leader • අප ගැන

    Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

    තව කියවන්න (Read More)→

    Discussion (0)

    Join the Conversation

    Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

    Loading discussion...