BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

මලල ක්‍රීඩා පරිපාලනයට බරපතල චෝදනා කරමින් තේරීම් කමිටුව එකවර ඉල්ලා අස්වෙයි!

T

The Leader Desk

July 28, 2026 • 8:11 AM

මලල ක්‍රීඩා පරිපාලනයට බරපතල චෝදනා කරමින් තේරීම් කමිටුව එකවර ඉල්ලා අස්වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *තේරීම් ලැයිස්තු අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම සහ අභූත චෝදනා එල්ල කිරීම ගැන විරෝධය
  • ජයසේකර සහ රවි විද්‍යාලංකාර අත්සන් තැබූ ඒකාබද්ධ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදී ඇත.
  •   ඉල්ලා අස්වීමට බලපෑ ආසන්න හේතූන්   තමන් වසර කිහිපයක් තිස්සේ මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළද, නිදහස් හා සාධාරණ ලෙස තේරීම් කටයුතු සිදු කිරීමට ඉඩකඩ නොලැබුණු බව ඉල්ලා අස්වූ සාමාජිකයෝ පෙන්වා දෙති.
  • ස්වේච්ඡාවෙන් ඉටුකළ දීර්ඝකාලීන සේවය අගය කිරීම වෙනුවට, අභූත චෝදනා එල්ල කරමින් මලල ක්‍රීඩා ප්‍රජාව ඉදිරියේ තම සේවය හෑල්ලුවට ලක්කිරීම නිසා ඇතිවූ දැඩි මානසික පීඩනය හමුවේ මෙම පියවර ගත් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

*ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෙත: මලල ක්‍රීඩා සභාපතිගෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

 

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අතිශය වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ යැයි දැඩි ලෙස චෝදනා කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයෝ ඊයේ (ජූලි 27) තම තනතුරුවලින් එකවර ඉල්ලා අස්වී තිබේ.

 

හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ඩී.ඒ. දයාරත්න, හිටපු ජාතික ක්‍රීඩක කර්නල් එම්.කේ.පී. ජයසේකර සහ රවි විද්‍යාලංකාර අත්සන් තැබූ ඒකාබද්ධ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදී ඇත.

 

ඉල්ලා අස්වීමට බලපෑ ආසන්න හේතූන්

 

තමන් වසර කිහිපයක් තිස්සේ මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළද, නිදහස් හා සාධාරණ ලෙස තේරීම් කටයුතු සිදු කිරීමට ඉඩකඩ නොලැබුණු බව ඉල්ලා අස්වූ සාමාජිකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම තේරීම් කමිටුව විසින් නිල වශයෙන් තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛන කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස් කිරීම, තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ ඇතැම් ක්‍රීඩකයන් අත්තනෝමතික ලෙස නැවත කණ්ඩායම්වලට ඇතුළත් කිරීම සහ ඒ හරහා තේරීම් කමිටුව කෙරෙහි සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇතිකිරීම මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ස්වේච්ඡාවෙන් ඉටුකළ දීර්ඝකාලීන සේවය අගය කිරීම වෙනුවට, අභූත චෝදනා එල්ල කරමින් මලල ක්‍රීඩා ප්‍රජාව ඉදිරියේ තම සේවය හෑල්ලුවට ලක්කිරීම නිසා ඇතිවූ දැඩි මානසික පීඩනය හමුවේ මෙම පියවර ගත් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

 

මලල ක්‍රීඩා සංගමයේ සභාපතිගේ ප්‍රතිචාරය 

 bimal virawansa

මෙම හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති බිමල් විජේසිංහ සඳහන් කළේ, තම සංගමය සහ තේරීම් කමිටුව අතර කිසිදු ආකාරයක පෞද්ගලික හෝ පරිපාලනමය ගැටුමක් නොතිබූ බවයි.

ඉල්ලා අස්වූ සාමාජිකයන් විසින් මෙතෙක් මෙරට මලල ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකරන ලද දීර්ඝකාලීන ස්වේච්ඡා සේවය සහ දායකත්වය තම සංගමය ඉහළින්ම අගය කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...