BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●
Top Ad
ක්‍රීඩා

කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!

T

The Leader Desk

August 16, 2026 • 4:14 PM

කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජංගම දුරකථනය කොල්ලකෑමට ආ මැර කල්ලියට විරෝධය පෑම නිසා 27 හැවිරිදි ජාතික පාපන්දු ක්‍රීඩකයා වීදියේදීම ගල්වලින් ගසා ඝාතනය කෙරේ.
  • උගන්ඩාවේ ජනතාව රටේ ඉතාමත් ජනප්‍රිය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙක් 27 වැනි වියේදී මිය යාම පිළිබඳව ශෝක වනවා.
  • ඔවෝරිගේ ජංගම දුරකථනය සහ ඔහු ළඟ තිබූ අනෙකුත් දේවල් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී ඊට විරෝධය පෑමෙන් පසුව ඔහුට මාරාන්තික පහර දීමක් සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.
  • වීදියේදී එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ රටම කම්පා කළ මරණය ඔවෝරි ළඟ තිබූ දේ පැහැර ගෙන පලා යාමට පෙර පුද්ගලයින් පිරිසක් මාර්ගයේ අතුරා තිබූ ගල්වලින් ඔහුට සිහි නැති වනතුරු පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු අය කියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කය පළවෙද්දී, සති කිහිපයක් තුළ ක්‍රීඩා තරු දෙකක් බිලිගත් කැම්පාලා වීදි අපරාධ රැල්ලට එරෙහිව යුක්තිය ඉල්ලා රටපුරා විරෝධතා.

උගන්ඩාවේ ජනතාව රටේ ඉතාමත් ජනප්‍රිය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙක් 27 වැනි වියේදී මිය යාම පිළිබඳව ශෝක වනවා. හිටපු පාපන්දු නායකයෙකු වන ඩේවිඩ් ඔවෝරි (David Owori) පදිංචිව සිටි කැම්පාලා අගනුවර නිවස අසලදී වීදි මැර කල්ලියක් ඔහුට මිය යනතුරු පහර දී තිබෙනවා.

ඔවෝරිගේ ජංගම දුරකථනය සහ ඔහු ළඟ තිබූ අනෙකුත් දේවල් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී ඊට විරෝධය පෑමෙන් පසුව ඔහුට මාරාන්තික පහර දීමක් සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

උගන්ඩා ප්‍රිමිය ලීගයේ වාර්තාගත ශූරයින් වන Sports Club (SC) Villa කණ්ඩායමට ඔවෝරි නායකත්වය දුන්නේ දකුණු-පසුපෙල හා මැදපෙල යන ස්ථාන දෙකේ ම ක්‍රීඩා කරමින්. ඔහු රටේ ජාතික පාපන්දු කණ්ඩායම ද නියෝජනය කර තිබෙනවා.

වීදියේදී එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ රටම කම්පා කළ මරණය

vnbvcbcvn

ඔවෝරි ළඟ තිබූ දේ පැහැර ගෙන පලා යාමට පෙර පුද්ගලයින් පිරිසක් මාර්ගයේ අතුරා තිබූ ගල්වලින් ඔහුට සිහි නැති වනතුරු පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු අය කියා තිබෙනවා.

ඔවෝරි ඉක්මනින් අසල තිබූ වෛද්‍ය ශායනයකට ගෙන ගොස් එතැනින් නගරයේ පෞද්ගලික රෝහලකට මාරුකර යැවූවත් ඔහු තුවාලවලින් මිය ගියා.

ඔවෝරිගේ ඝාතනයේ කම්පනය උගන්ඩාව හරහා දැනී තිබෙන අතර ක්‍රීඩා ලෝලීන් හා කණ්ඩායම් සගයින් ඇතුළු පාපන්දු ප්‍රජාව මෙන්ම දේශපාලකයින් ද යුක්තිය ඉල්ලා හඬ නගනවා.

උගන්ඩාවේ අපේක්ෂාවන් උසුලා ගෙන ගිය පාපන්දු තරුවක් කණ්ඩායමට අහිමි වී ඇතැයි උගන්ඩා පාපන්දු සංගමය ප්‍රකාශ කරනවා.

ඔවෝරි ට ගෞරව පිණිස මිනිත්තුවක නිහඬතාවක් පැවැත්වූ එරට පාර්ලිමේන්තුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.


ලීග් ශූරතාව ගෙනා SC Villa නායකයාගේ පාපන්දු දිවිය

vbdrfcd

වසර දෙකක් යුරෝපයේ ක්‍රීඩා කිරීමෙන් පසුව මේ අතිදක්ෂ ක්‍රීඩකයා දෙවැනි ක්‍රීඩා වාරයක් සඳහා SC Villa කණ්ඩායමට නැවත පැමිණියේ 2023 වසරේ. ඔවෝරි මිය යන අවස්ථාවේ ඔහු වැඩිම කාලයක් වර්තමාන උගන්ඩා ජාතික පාපන්දු සංචිතයේ සිටි ක්‍රීඩකයින්ගෙන් කෙනෙකුව සිටියා.

උසස් මට්ටමෙන් ක්‍රීඩා කරමින් සිටි කණ්ඩායම වසර 20කට පසුව ඔවුන්ගේ පළමු ලීග් ශූරතාව කරා මෙහෙයවූ ඔහු, 2024 වසරේදී එම කණ්ඩායමට උගන්ඩා පාපන්දුවේ වාර්තාගත 17 වැනි ඉහළම කිරුළ ලබා දීමට උපකාරී වුණා.

තරග බිමේදී මෙන්ම ඉන් පිටතදීත් ඔවෝරිගෙන් සිදුවූ බලපෑම ඔහුට කණ්ඩායම සමග 2027 ජනවාරි දක්වා කොන්ත්‍රාත් දිගුවක් ලබා දුන්නා.


කැම්පාලා වීදි මැරයන්ට බිලි වූ දෙවැනි ක්‍රීඩා තරුව

Sydney Gongodyo

2021 Africa Cup of Nations තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මෙහෙයුමේදී ද ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ අතර මෑතදී ප්‍රදර්ශනය කළ දස්කම් මත ඔහු ජාතික කණ්ඩායමේ අනාගත කැඳවීම්වල ප්‍රබල තරගකරුවෙකු බවට පත්ව සිටියා.

ඩේවිඩ් ඔවෝරිගේ ඝාතනය සිදුවන්නේ තවත් උගන්ඩානු ක්‍රීඩා තරුවක් වන ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක Sydney Gongodyo ගේ මරණය සිදුවී සති කිහිපයක් පමණක් ගෙවී ගොස් තිබූ පසුබිමක. කැම්පාලා මැර කල්ලියක් විසින් ඔහු මරා දැමුවේත් මිය යනතුරු පහර දීමෙන්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...