BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
ක්‍රීඩා

මත්පැන් පානය කර වාහනය ස්ටාට් කරන්න බැරි අගුලක් සවිකර ගන්නැයි ඩේවිඩ් වෝනර් ට උසාවියෙන් නියෝගයක්

T

The Leader Desk

August 19, 2026 • 3:40 PM

මත්පැන් පානය කර වාහනය ස්ටාට් කරන්න බැරි අගුලක් සවිකර ගන්නැයි ඩේවිඩ් වෝනර් ට උසාවියෙන් නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුධිර මධ්‍යසාර සීමාව දෙගුණයකින් ඉක්මවා රිය පැදවීම නිසා ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවාට දඩ සහ විශේෂ රියදුරු සීමා පැනවේ.
  • ඒ, ඔහුගේ ශරීරයේ මත්පැන් තිබෙන විට ඇන්ජිම පණගැන්වීම වළක්වන අතුරගුලක් (interlock) ඔහුගේ කාරයට සවි කරන ලෙසට උසාවිය නියෝග කර ඇති බැවින්.
  • මීට අමතරව, ඔහුට‌ ඔස්ට්‍රේලියානු ඩොලර් 1,500ක දඩයක් ද ගසා තිබෙනවා.
  • ඔහුට මේ දඬුවම් නියම කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිඩ්නි නුවරදී බීමත්ව රිය පැදවූ බවට වරද පිළිගැනීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිසිය දැක අසුන මාරු කිරීමට තැත්කළ වෝනර්ගේ වාහනයට මත්පැන් හඳුනාගන්නා අගුලක් සවිකිරීමට නියෝග.

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර් ට මින් ඉදිරියට බීමත්ව රිය පදවන්න බැහැ. ඒ, ඔහුගේ ශරීරයේ මත්පැන් තිබෙන විට ඇන්ජිම පණගැන්වීම වළක්වන අතුරගුලක් (interlock) ඔහුගේ කාරයට සවි කරන ලෙසට උසාවිය නියෝග කර ඇති බැවින්. මීට අමතරව, ඔහුට‌ ඔස්ට්‍රේලියානු ඩොලර් 1,500ක දඩයක් ද ගසා තිබෙනවා.

ඔහුට මේ දඬුවම් නියම කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිඩ්නි නුවරදී බීමත්ව රිය පැදවූ බවට වරද පිළිගැනීමෙන් පසුව. සාදයකින් පසුව වෝනර් ඔහුගේ පවුල සමග නිවස බලා කාරය පදවමින් සිටියදී සිදු කෙරුණු අහඹු ශ්වසන පරීක්ෂණයේදී 39 හැවිරිදි වෝනර්ගේ රුධිර මද්‍යසාර ප්‍රමාණය නීතියෙන් අවසර දී තිබෙන සීමාවෙන් දෙගුණයකට වඩා වැඩි වී තිබුණා.

මාර්ගය පසෙක පරීක්ෂකයින් සිටිනු දැකීමෙන් පසුව වෝනර් ඔහුගේ කාරය නවත්වා එහි සිටි කාන්තාවක සමග රියැදුරු අසුන හුවමාරු කර ගැනීමට උත්සාහ කළ අයුරු උසාවියට අසන්නට ලැබුණා.

එහිදී දුන් නියෝගයට අනුව වෝනර්, ඔහුගේ ශරීරය තුළ මද්‍යසාර ඇති බව දැනුනු විට ඔහුගේ කාරය පණගැන්වීම වළක්වන අතුරු අගුලක් සවි කරගත යුතු වනවා.

වෝනර් සිදුකළ වරද බරපතල කර තිබෙන්නේ ඔහුගේ දරුවන් ද කාරයේ සිටි නිසා බව අධිකරණ විනිසුරු ප්‍රකාශ කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මාධ්‍ය ආවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් වෝනර්ගේ වාණිජමය අවස්ථාවන්ට සිදුවූ හානියෙන් ඔහු අමතර දඬුවමක් විඳ තිබෙන නිසා ඔහුට අනවශ්‍ය දඬුවම් නොපැනවිය යුතු බවට ඔහුගේ නීතිඥවරයා උසාවියට කියා තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් 2024 වසරේදී සමුගත් ඩේවිඩ් වෝනර්, වර්තමානයේ Fox Sports Australia හි නිවේදකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු ඩාවින් නුවරදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ ‌ෙඑතිහාසික ටෙස්ට් ජයග්‍රහණය ආවරණය කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com     

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...