BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
ක්‍රීඩා

ලොව වේගවත්ම මිනිසා යුග දිවියට!

T

The Leader Desk

September 7, 2026 • 3:37 PM

ලොව වේගවත්ම මිනිසා යුග දිවියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශකයකට වැඩි ආදර අන්දරය මල්ඵල ගන්වමින්, 40 වැනි උපන්දිනයේදී පෙම්වතිය කැසී බෙනට්ට දියමන්ති මුදුවක් පළඳවයි.
  • ඒ, ඔහුගේ 40 වැනි උපන්දින සාදයේදී ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතියට විවාහය යෝජනා කරමින්.
  • බෝල්ට්ගෙන් හය හැවිරිදි ඔලිම්පියා සහ පස් හැවිරිදි තන්ඩර් හා සේන්ට් යන නිවුන් දරුවන් සිටින කැසී බෙනට්, විවාහ යෝජනාව ඉදිරිපත් වීමට පෙර ඇගේ දිගුකාලීන ආදරවන්තයාට ඔහුගේ 40 වැනි උපන්දිනයට ආදරය හඟවන උපහාරයකින් ගෞරව කළා.
  • "මගේ පුංචි ලෝකයේ කේන්ද්‍රය ඔයායි" “මගේ ආදරය, මගේ ගෙදර, හැමදාම මගේ දෙය” යනුවෙන් ඇය ඇගේ අගෝස්තු 21 ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවට කැප්ෂනය යොදා තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


තිදරු මවක වූ සිය දිගුකාලීන පෙම්වතියට ජීවන ධාවන පථයේ ස්ථිර සහකාරිය වන්නැයි ලොව වේගවත්ම මිනිසාගෙන් ආදරණීය ආරාධනයක්!

ලොව වේගවත්ම මිනිසා වන යූසේන් බෝල්ට් ඔහු හා කැසී බෙනට්ගේ (Kasi Bennett) ආදර කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඔහුගේ 40 වැනි උපන්දින සාදයේදී ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතියට විවාහය යෝජනා කරමින්.

අට-වතාවක ඔලිම්පික් රන් පදක්කම්ලාභියා කැසී ට විවාහ යෝජනාව ඉදිරිපත් කළේ දෙදෙනා දශකයකට වැඩි කාලයක් ඇසුරු කිරීමෙන් පසුවයි.

නිරූපිකාවක වන කැසී, බෝල්ට්ගේ උපන්දින සාදයට පැමිණ සිටියේ ඇයගේ ඔ්වලාකාර දියමන්ති මුද්ද පැලැඳ ගෙනයි.

බෝල්ට්ගෙන් හය හැවිරිදි ඔලිම්පියා සහ පස් හැවිරිදි තන්ඩර් හා සේන්ට් යන නිවුන් දරුවන් සිටින කැසී බෙනට්, විවාහ යෝජනාව ඉදිරිපත් වීමට පෙර ඇගේ දිගුකාලීන ආදරවන්තයාට ඔහුගේ 40 වැනි උපන්දිනයට ආදරය හඟවන උපහාරයකින් ගෞරව කළා.

"මගේ පුංචි ලෝකයේ කේන්ද්‍රය ඔයායි"

“මගේ ආදරය, මගේ ගෙදර, හැමදාම මගේ දෙය” යනුවෙන් ඇය ඇගේ අගෝස්තු 21 ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවට කැප්ෂනය යොදා තිබුණා. “ඔයා ඇදහිය නොහැකි තාත්තා කෙනෙක් සහ ඇත්තටම අපේ පුංචි ලෝකයේ කේන්ද්‍රයයි. ඔබේ ලෙගසිය අතිවිශිෂ්ටයි. නමුත් එය පිටුපස සිටින මිනිසා තමයි මාව හැමදාකම ආඩම්බරයට පත් කරන්නේ. ඔයාත් එක්ක අපි නිර්මාණය කර තිබෙන මේ විනෝදජනක ජීවිතයට මම ඉතාම කෘතඥ වනවා.”

ඉතිහාසයේ වේගවත්ම මිනිසා සමග ඇසුර 2013 වසරේදී ආරම්භ කරමින් කැසී බෙනට් දිගටම ඔහුට චියර් කරමින් සිටියදී, තමා ඇයගේ ලොකුම ලෝලියා බවට බෝල්ට් ද ඔප්පු කළා. සැබැවින්ම, ඔහුට ඇයගේ 36 වැනි උපන්දිනය වෙනුවෙන් විශේෂ සටහනක් නොතබා සිටීමට නොහැකි වුණා.

බෝල්ට්ගේ ඇසින් දුටු චමත්කාරය

“ලෝකයේ ඉන්න වඩාත්ම චමත්කාර ජනක කාන්තාවට, ශ්‍රේෂ්ඨ සහකාරියට හා ඊටත් වඩා හොඳ මවට සුභ උපන්දිනයක් වේවා” යනුවෙන් ඔහු ජූලි මාසයේදී ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කළා. “ඔයා‌ගේ අනාගතය ඔයාට ගෙනෙන්නේ සතුට හා සෞභාග්‍යය පමණක් බව මම දන්නවා. ඔබ දේවාශිර්වාදය ලැබූ කාන්තාවක්. මට ඔයාගේ ජීවිතයේ ඉන්න ලැබීම ගැන මම සතුටු වනවා. නැවත වරක්, සුභ උපන්දිනයක්!”

ඔවුන්ගේ රත්තරං ආදරයේදී තමාගේ ප්‍රධාන උදාහරණය වන්නේ තම මව්පියන් වන වෙලෙස්ලී බෝල්ට් හා ජෙනිෆ බෝල්ට් බව යූසේන් බෝල්ට් මීට පෙර අනාවරණය කර තිබුණා.

“මට ඕන ඒ වගේ වෙන්නයි, මට ඕන මගේ මව්පියන්ට තිබුණු දේවල් ලබා ගන්නයි” ඔහු 2016 වසරේදී පවසා තිබුණා. “හැමදේම හරියටම තියෙන බවට සහතික කර ගන්න මට මගේ වෙලාව ගන්න ඕන.”

“ඇය සතුටින් නම් මමත් සතුටින්” යනුවෙන් බෝල්ට් කියනවා. “මම පහුගිය අවුරුදුවල බලා සිටියේ, එයා තමයි හරිම කෙනා කියලා සහතික කර ගන්න මට උවමනා වී තිබූ නිසායි.”

යූසේන් බෝල්ට් හා කැසී බෙනට් දැන් එකට අත්වැල් බැඳගෙන ජීවන ධාවනයේ අවසන් රේඛාව පසු කිරීමට බලා සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලොව වේගවත්ම මිනිසා යුග දිවියට! | The Leader