ලෝක කුසලාන උපදේශක කාර්ලෝස් කෝඩෙයිරෝ ඉල්ලා අස්වෙයි: පරිපාලනය මුළා කළ බවටත් චෝදනා!
එංගලන්ත අගමැති ඇන්ඩි බර්නම්ගේ අප්‍රසාදයටත්, ලොව පුරා පාපන්දු සංගම් හා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝෂාරෝපණයටත් ලක්වීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සිය මතභේදාත්මක සැලසුම් ඉවත් කරගෙන තිබෙනවා.
මේ සැලසුම්වලින් ඉදිරියට ගියහොත් ලෝක කුසලානය ඇතුළු සියලුම FIFA තරගාවලියන් වර්ජනය කරන බවට යුරෝපීය පාපන්දුවේ පාලකයින් වන UEFA තර්ජනය කළ අතර CONCACAF (උතුරු/මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන්) හා AFC (ආසියාව) ද එම ප්‍රහාරය ශක්තිමත් කළා. ඉන්ෆන්ටීනෝ යටතේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පරිහානියට යන ආකාරය මේ සම්මේලන පෙන්වා දුන්නා.
ඉන්ෆන්ටීනෝගේ සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට අමතරව CONCACAF සාමාජිකයින්ගෙන් ඉතා විශාල පිරිසකට, පාපන්දු ක්‍රීඩාව පාලනය කිරීමේ ඉන්ෆන්ටීනෝගේ හැකියාව පිළිබඳ තිබෙන විශ්වාසය නැතිවීගෙන යන බව පැවසෙනවා.
තත්ත්වය තවත් බැරෑරුම් කරමින්, ඉන්ෆන්ටීනෝගේ විශේෂ උපදේශක හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2026 ලෝක කුසලාන ධවල මන්දිර කාර්ය සාධක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කරනු ලැබූ Carlos Cordeiro ඉල්ලා අස්වී තිබෙනවා.
FIFA ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Kevin Lamour නිවේදනයක් නිකුත් කරමින්, ඉන්ෆන්ටීනෝගේ සැලැස්ම මගින් ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඔහුගේ ම පරිපාලනය හිතාමතාම මුළා කර ඇතැයි පවසා තිබෙනවා.
තමාගේ ව්‍යාපෘතියේ මුල් අරමුණට තිබුණු රුචිය නැතිවෙමින් එමගින් සාමාජික සංගම් අතර බෙදීමක් හටගෙන තිබීම පැහැදිළි බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ යෝජනාව ඉදිරියට නොයන බවත් ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.
මේ අනුව FIFA සභාපතිවරයාගේ ජීවිතය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය එහි කූට ප්‍රාප්තිය කරා යාමේදී එකවිට සැමතැන පෙනී සිටීම සඳහා අමෙරිකාව හරහා පියාසර කරමින් සිටියදී ඔහුගේ ජීවිතය පසුගිය මස මුලදී එසේ වෙනස් වෙමින් තිබුණා.
ජූලි 19 වැනිදා අමෙරිකානු ජනාධිපතිවරයා සමග එකට සිටිමින් ස්පාඤ්ඤය ට ජයග්‍රාහී ලෝක කුසලානය පිරිනමද්දී තමා ලෝකයේ මුදුනේ සිටින බවක් ඉන්ෆන්ටීනෝ ට හැඟෙන්නට ඇති. ඊට සති දෙකකටත් අඩු කාලයකට පසුව, ඔහු FIFA තරගාවලියන්ගේ කොටස් පෞද්ගලික ආයෝජනයට විකිණීමේ ඔහුගේ සැලසුම් හකුළා ගනිමින් අද තනිවී සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




