BREAKING
ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●
Top Ad
ක්‍රීඩා

'ලෝක පාපන්දු ලොක්කා ඉවත් කිරීම FIFA කරන ලොකුම වැරැද්දක්' - ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්!

T

The Leader Desk

August 12, 2026 • 3:59 PM

'ලෝක පාපන්දු ලොක්කා ඉවත් කිරීම FIFA කරන ලොකුම වැරැද්දක්' - ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පෞද්ගලික ආයෝජන යෝජනාව හමුවේ FIFA සභාපතිවරයාට එරෙහිව කලාපීය පාපන්දු සම්මේලනවලින් දැඩි පීඩනයක්
  • එම යෝජනාව දැන් ඉවත්කර ගෙන ඇතත්, පාපන්දු ක්‍රීඩාවේ සිටින මහාද්වීප පාලක මණ්ඩල ඉන්ෆන්ටීනෝ ට එරෙහිව ඒකරාශිව සිටින්නේ FIFA සභාපති ලෙස ඔහුගේ ඉවත් කිරීම ඉල්ලමින්.
  • කෙසේ වෙතත්, ඉන්ෆන්ටීනෝ එම තනතුරෙන් ඉවත් කිරීම ලොකු වැරැද්දක් වනු ඇතැයි ට්‍රම්ප් සිතනවා.
  • ස්විස් ජාතික පරිපාලකයෙකු වන ඉන්ෆන්ටීනෝ ඔහුගේ තනතුරෙන් බලෙන් ඉවත් කළහොත් ඇත්ත වශයෙන්ම යළි කිසිදිනෙක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් මේ වසරේ තරම් ලාභදායක නොවනු ඇතැයි ට්‍රම්ප් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්ෆන්ටීනෝ නොමැති වුවහොත් ලෝක කුසලාන තරගාවලියට පැවැති සාර්ථකත්වය සහ ලාභදායී බව අහිමි වන බවට ට්‍රම්ප් කියයි

ජියානි ඉන්ෆන්ටීනෝ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළහොත් එය ලෝක පාපන්දුවේ පාලක මණ්ඩලය සිදුකරන ඉතා විශාල වැරැද්දක් වනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

ඔහු මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ඉන්ෆන්ටීනෝ ට ඔහුගේ තනතුරෙන් ඉවත් වන ලෙසට එල්ල වී තිබෙන පීඩනය වැඩිවෙමින් තිබීම මධ්‍යයේ ඔහු‌ගේ සහායට ඉදිරිපත් වෙමින්. ට්‍රම්ප්ගේ මේ මැදිහත්වීම ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ පෝස්ට් කර තිබෙන්නේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෞද්ගලික ආයෝජනයක මතභේදාත්මක යෝජනාවෙන් පසුව කලාපීය පාපන්දු සම්මේලනවලින් ඉන්ෆන්ටීනෝ ට එල්ල වන පීඩනය වැඩිවෙමින් තිබෙන මොහොතක. ලෝක කුසලානය හා පාපන්දු සමාජ ලෝක කුසලානයේ කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව හේතූවෙන් ලොව පුරා බොහෝ ජාතික පාපන්දු සංගම්වලින් එන පෙර නොවූ විරූ අවාසිදායක ප්‍රතික්‍රියාවකට මුහුණ දී සිටින අවස්ථාවක අමෙරිකානු ජනාධපතිවරයාගේ මේ අනුමැතිය ඉන්ෆන්ටීනෝ ට ලැබුණු මහත් ආශිර්වාදයක්.

එම යෝජනාව දැන් ඉවත්කර ගෙන ඇතත්, පාපන්දු ක්‍රීඩාවේ සිටින මහාද්වීප පාලක මණ්ඩල ඉන්ෆන්ටීනෝ ට එරෙහිව ඒකරාශිව සිටින්නේ FIFA සභාපති ලෙස ඔහුගේ ඉවත් කිරීම ඉල්ලමින්. කෙසේ වෙතත්, ඉන්ෆන්ටීනෝ එම තනතුරෙන් ඉවත් කිරීම ලොකු වැරැද්දක් වනු ඇතැයි ට්‍රම්ප් සිතනවා. ස්විස් ජාතික පරිපාලකයෙකු වන ඉන්ෆන්ටීනෝ ඔහුගේ තනතුරෙන් බලෙන් ඉවත් කළහොත් ඇත්ත වශයෙන්ම යළි කිසිදිනෙක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් මේ වසරේ තරම් ලාභදායක නොවනු ඇතැයි ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ඔහුගේ Truth Social පෝස්ටුවේ මෙසේ ලියා තිබෙනවා: “ඔ්නෑම හේතුවක් මත සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ඉවත් කිරීම ගැන අවම වශයෙන් සලකා බැලීමකින් පවා FIFA සිදුකරනු ඇත්තේ දරුණු වැරැද්දක්. මෙතෙක් පැවති වඩාත්ම සාර්ථක ලෝක කුසලානයට මූලිකත්වය ලබා දුන් ඔහු විශිෂ්ට පුද්ගලයෙක්. ඔහු ගියොත්, එය නැවත කවදාවත් මේ තරමට සාර්ථක හෝ වාසිදායක තරගාවලියක් වෙන්නේ නැතිවේවි. මේ කාරණය සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීම ගැන ඔබට ස්තූතියි. ජනාධිපති DJT”

වසර කිහිපයක සිට ට්‍රම්ප් සහ ඉන්ෆන්ටීනෝ අතර සමීප සබඳතාවක් ගොඩනැගී තිබෙන අතර එයට උතුරු අමෙරිකාව හරහා පැවති 2026 ලෝක කුසලාන තරගාවලිය පුරාම විවේචන එල්ල වුණා.

ඉන්ෆන්ටීනෝගේ සහායට ට්‍රම්ප්ගේ පැමිණීම වාර්තා වන්නේ ඔහු ඉන්ෆන්ටීනෝගේ ලෝක කුසලාන තරගාවලියේ කොටස් විකිණීමේ සැලසුම පිළිබඳව කලින් දැන නොසිටි බවට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුවයි. මෙය පුදුමාකාර ප්‍රතිචාරයක් වූයේ මේ දෙදෙනාගේ සමීප බව පමණක් නොව එම සැලැස්මට අනුව යෝජිත ආයෝජක සමූහය මෙහෙයවන Thrive Eternal නමැති මූල්‍ය ආයතනය ට්‍රම්ප්ගේ බෑණාගේ සොහොයුරා වන ජොෂුවා කූෂ්නර් විසින් පිහිටුවා කළමනාකරණය වන බව ද සැලකිල්ලට  ගැනීමේදීයි. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් විමසා තිබූ බව ද ඒ දිනවල වාර්තා වී තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...