BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

FIFA ප්‍රධානියාට එරෙහිව විශ්වාස-භංග යෝජනාවක් : : UEFA බලධාරීන්ගෙන් දැඩි ප්‍රහාරයක්!

T

The Leader Desk

August 2, 2026 • 2:39 PM

FIFA ප්‍රධානියාට එරෙහිව විශ්වාස-භංග යෝජනාවක් : : UEFA බලධාරීන්ගෙන් දැඩි ප්‍රහාරයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන තරග පෞද්ගලීකරණ සැලසුම් හකුළා ගත්තද FIFA සභාපතිවරයා කෙරෙහි පැවති විශ්වාසය බිඳවැටෙයි
  • යුරෝපීය පාපන්දු පාපන්දු පාලක මණ්ඩලයේ සාමාජික සංගම් 55 ම ඔහු ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමට කැමැත්තෙන් සිටින බව පැවසෙනවා.
  • FIFA ව්‍යවස්ථාව යටතේ, සාමාජික සංගම් 43ක සහයෝගය ඇතිව එවැනි මෝසමක් ගෙන ඒමේ හැකියාව UEFA ට තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com    
අකුරු ප්‍රමාණය (Font Size):


සාමාජික සංගම්වල සහයෝගයෙන් ඉන්ෆන්ටීනෝ ධුරයෙන් ඉවත් කිරීමේ හදිසි යෝජනාවකට යුරෝපීය පාලක මණ්ඩලය සැරසෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හා අනෙකුත් ප්‍රධාන තරගාවලියන් හි කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සැලසුම් අත්හැර දීමට සිදුවීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) විසින් ගෙන එනු ලබන විශ්වාස-භංග යෝජනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

‌මේ අලුත්ම තත්ත්වය මතුවන්නේ UEFA, මහාද්වීප සම්මේලන කිහිපයක් සහ FIFA තුළම සිටින ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ බලවත් විරෝධය හමුවේ යෝජිත FIFA Forward Enterprise (FFE) ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමෙන් පසුව FIFA නායකත්වය කෙරෙහි තිබෙන සියුම් පරීක්ෂාව වැඩිවෙමින් තිබියදී.

ඉන්ෆන්ටීනෝ සභාපති තනතුරෙන් ඉල්ලා අස්නොවුනහොත් ඔහුට එරෙහිව හදිසි විශ්වාස-භංග යෝජනාවක් ගෙන ඒමට UEFA සූදානමින් සිටින බව වාර්තා වනවා. යුරෝපීය පාපන්දු පාපන්දු පාලක මණ්ඩලයේ සාමාජික සංගම් 55 ම ඔහු ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමට කැමැත්තෙන් සිටින බව පැවසෙනවා. FIFA ව්‍යවස්ථාව යටතේ, සාමාජික සංගම් 43ක සහයෝගය ඇතිව එවැනි මෝසමක් ගෙන ඒමේ හැකියාව UEFA ට තිබෙනවා.

පෞද්ගලීකරණ යෝජනාව හකුළා ගැනීමේ FIFA තීරණය UEFA විසින් සාදරයෙන් පිළිගනු ලැබූව ද, ගෝලීය පාපන්දුවේ නායකත්වය හා පාලනය පිළිබඳව ඔවුන් දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යෝජනාව ඉවත් කර ගැනීම ‘සම්පූර්ණ ක්‍රීඩාවටම ජයග්‍රහණයක්’ ලෙස විස්තර කළ UEFA, “පාපන්දුව විකිණීමට නොවේ” යනුවෙන් ද ප්‍රකාශ කළේ එම යෝජනාවට විරුද්ධ වූ ක්‍රීඩා ලෝලීන්, පාපන්දු සමාජ, ලීග, ක්‍රීඩකයින්, ජාතික සංගම්, සම්මේලන හා දේශපාලන නායකයින්ට ස්තූතිය පළ කරමින්.

වර්තමාන FIFA නායකත්වය UEFA හි විශ්වාසය නැති කරගෙන සිටිනවා පමණක් නොව පාපන්දු පවුලේ අනෙක් බොහෝ සාමාජිකයන්ගේ විශ්වාසය ද පළුදු කරගෙන ඇතැයි යුරෝපීය පාලක මණ්ඩලය පවසන්නේ ඉන්ෆන්ටීනෝ FIFA සභාපති වශයෙන් 2016 වසරේ තෝරා ගනු ලැබූ අවස්ථාවේ ඔහු ලබා දුන් විනිවිදභාවයේ පොරොන්දු දිගටම පවත්වා ගෙන යාමට අසමත්ව ඇතැයි චෝදනා කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

FIFA ප්‍රධානියාට එරෙහිව විශ්වාස-භංග යෝජනාවක් : : UEFA බලධාරීන්ගෙන් දැඩි ප්‍රහාරයක්! | The Leader