ක්‍රීඩා
Showing page 45 of 152 (2,267 articles)

අසිෆ් අෆ්රිඩි: මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් ලබා ගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා
මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු පහක් ලබා ගත් ඉතිහාසයේ වයස්ගතම පන්දු යවන්නා ලෙස පාකිස්තානයේ අසිෆ් අෆ්රිඩි

ODI ඕවර 50ම දඟ පන්දු යවමින් කොදෙව්වෝ ඉතිහාසගත වෙති
වේග පන්දුවෙන් කලක් ක්‍රිකට් ලෝකය භීතියට පත්කළ බටහිර ඉන්දීය කොදෙව් පිල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ඕවර 50 ම දඟ පන්දු යවා තිබෙනවා.

කේප් වර්ඩ්: පාපන්දු ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන දෙවැනියට කුඩාම රට
ඉතා කුඩා දේශයක් වන කේප් වර්ඩ් (Cape Verde) ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා.

දොළොස් දහසක් සහභාගි වන CBL සමපෝෂ අන්තර් පාසල් අවු: 14න් පහළ ජාතික පාපන්දු ශූරතාවලිය 14 වැනි වරටත්
CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක (වමේ සිට සිවු වැනියට) විසින් ‘සමපෝෂ පාපන්දු තරගාවලියේ’ අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති බණ්ඩාර ලීලාරත්න ට පිරිනැමූ අවස්ථාව

අතපත්තුගේ වීර ක්‍රියාවෙන් බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවක්
චමරි අතපත්තු නායිකාවගේ කඩුලු තුනේ අතිවිශිෂ්ට අවසන් ඕවරය ආධාරයෙන් ශ්‍රී ලංකාව ඊයේ බංග්ලාදේශය ලකුණු හතකින් පරදවමින් 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඔවුන්ගේ පළමු ජයග්‍රහණය අත්කර ගත්තේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ප්‍රාණවත්ව තබා ගනිමින්.

2026 T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට

කැන්චා ෂර්පාවරයා: එවරස්ට් කන්ද ජයගත් පළමු කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අන්තිම සාමාජිකයාත් මිය යයි
කැන්චා ෂර්පාවරයා: එවරස්ට් කන්ද ජයගත් පළමු කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අන්තිම සාමාජිකයාත් මිය යයි

ශ්‍රී ලංකාව ද ඇතුළත් තුන්කොන් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි
පාකිස්තානයේදී නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියෙන්

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී මෙම සති අන්තයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමට ඕස්ට්‍රේලියානු සම්භවයක් ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.

පාකිස්තාන ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මරුට: ඇෆ්ගනිස්තානය තුන්කොන් තරගාවලිය වර්ජනය කරයි
පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු මරුමුවට පත්වීමෙන් පසුව අද නිවේදනයක් නිකුත් කර

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ; ශ්‍රී ලංකාව සමග තුන්-කොන් තරගාවලියෙනුත් ඉවත් වේ
ඇෆ්ඝනිස්ථාන ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ. පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි උර්ගුන් (Urgun) දිස්ත්‍රික්කයේ සිට නැගෙනහිර පක්ටිකා (Paktika) පළාතේ ෂරානා (Sharana) හි පැවැත්වෙන මිත්‍ර තරගයකට සහභාගී වීමට ගොස් සිටියදී, ඊයේ (17) පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඔවුන් තිදෙනා ඇතුළු තවත් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: වැස්ස හරස් වූ තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 10කින් ශ්‍රී ලංකාව පරදවයි
වර්ෂාවෙන් බාධා පැමිණෙමින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක පරාජයක් ලැබුවේ දකුණු අප්‍රිකාව මේ තරගාවලියේ ප්‍රදර්ශනය කරමින් සිටින ඔවුන්ගේ යෝධ බලය හමුවේ අසරණ වෙමින්.

එංගලන්තයට පැන්න ක්‍රීඩකයන් 10කට රතු වරෙන්තු
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් මෙරටට නැවත නොපැමිණි ක්‍රීඩකයන් දස දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කිරීමට සූදානම් වන බව ‘ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ ඊයේ (ඔක්. 17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේ ය.

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල රොනාල්ඩෝගෙන් නව වාර්තාවක්
හංගේරියාව ට එරෙහිව ලිස්බන් නුවරදී ගෝල් 2-2ක සමව අවසන් වූ තරගයේදී ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ගෝල් දෙකක්

පාපන්දු ලෝකය සෙලවෙයි: ගෝල් 0-2කින් පිටුපසින් සිටි ජපානය ගෝල් 3-2කින් බ්‍රසීලය පරදවයි
ගෝල් 0-2කින් පිටුපසින් සිට විවේක කාලයෙන් පසුව ජපානය නැවත සටනට අවතීර්ණ වෙමින් පාපන්දු යෝධයින් වන බ්‍රසීලය ගෝල් 3-2කින් පරාජය කිරීමෙන් මුළු පාපන්දු ලෝකය ම කම්පනය වී සිටිනවා.

