BREAKING
Top Ad
විදේශ

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

T

The Leader

January 30, 2024 • 8:58 AM

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට
  • 2022 වසරේ දී ඔහුගේ විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු වී දැනටමත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටියි.
  • තමාට එල්ල වී ඇති සියලුම චෝදනා දේශපාලන අරමුණු සහිත ඒවා බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත.
  • රහස් පනත යටතේ ඉම්රාන් ඛාන් වරදකරු ලෙස නම් කරනු ලබන්නේ ඔහුට තරග කිරීම තහනම් කර ඇති මහ මැතිවරණයට සතියකට පෙරය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

2022 වසරේ දී ඔහුගේ විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු වී දැනටමත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටියි.

තමාට එල්ල වී ඇති සියලුම චෝදනා දේශපාලන අරමුණු සහිත ඒවා බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත.

රහස් පනත යටතේ ඉම්රාන් ඛාන් වරදකරු ලෙස නම් කරනු ලබන්නේ ඔහුට තරග කිරීම තහනම් කර ඇති මහ මැතිවරණයට සතියකට පෙරය.

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ උප සභාපති හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද විශේෂ අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ.

ඒ, ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටියදී ඇමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා විසින් පකිස්තානය වෙත යවන ලද රහස් රාජ්‍ය තාන්ත්‍රික ලිපි ලේඛන හෙළි කිරීමට අදාළවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් බලයෙන් නෙරපා හැරීමට මාසයකට පෙර 2022 වසරේ මාර්තු මාසයේ පැවැති දේශපාලන රැලියකදී ඔහු පෙනී සිට තිබේ.

එහිදී ඉම්රාන් ඛාන් වේදිකාවට පැමිණ සිටියේ තමාට එරෙහිව විදේශ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව කියන ලිපියක් අතැතිවයි.

fgdter
"ඉම්රාන් ඛාන් බලයෙන් පහ කළහොත් සියල්ලටම සමාව ලැබෙනු ඇති" බව ඔහු එහිදී පැවසුවේය.

එහෙත් ඔහු රට නම් කළේ නැත. නමුත් අනතුරුව ඔහු ඇමෙරිකාව දැඩි ලෙස විවේචනය කළේය.

ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාව රහසිගත ලේඛනයක් හෙළි කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානි කිරීමක් බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කර තිබේ.

අවසාන චෝදනාව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දඬුවමට පවා හේතුවක් විය හැක.

අගෝස්තු මාසයේ සිට ඉම්රාන් ඛාන්ව රඳවා සිටින බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ අධිකරණයක් තුළදී මෙම නඩුව පසුගිය මාස කිහිපය පුරා විභාග කෙරුණි.

එය ආවරණය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවලට අවසර ලබා දුන්නේ නැත.

මෙම නඩුව කඩිනමින් විභාග කරන ලෙස විනිසුරුවරයාට පසුගියදා දන්වා ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන ලදී.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය පවසා ඇත්තේ එම අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරන බවයි.

පකිස්තානයේ මහ මැතිවරණය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිත පසුබිමක් තුළ බලධාරීන් විසින් PTI පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වළක්වන බවට එල්ල වන චෝදනා මධ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු ගණනාවකට එරෙහිව සටන් කරමින් සිටියි.

(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...