BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Biz

පෙට්‍රෝලියම් එක ලබපු ලාභය බිලියන 131කින් වැඩි වෙලා

T

The Leader Desk

December 4, 2024 • 6:03 AM

පෙට්‍රෝලියම් එක ලබපු ලාභය බිලියන 131කින් වැඩි වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අට තුළදි රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපිපෙනෙන ලෙස වැඩිවි ඇති බැව් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සදහන් වේ.
  • ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුළදි ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය.
  • ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුළ ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩිවි ඇත.
  • 2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනයත් සමග ඉල්ලුම ඉහළයාම හේතුවෙන් ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩිවි ඇත.

ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුළදි ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුළ ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩිවි ඇත.

1197474 fuel prices

2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩුකරනු ලැබිය.


මේ හේතුවෙන් ඉන්ධන සදහා වු නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවම හා ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය වැඩවී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

(lankasara -ලලිත් චාමින්ද)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙට්‍රෝලියම් එක ලබපු ලාභය බිලියන 131කින් වැඩි වෙලා | The Leader