BREAKING
තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●
Top Ad
ක්‍රීඩා

ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි

ලිංගික අපචාර චෝදනා රැසක් හමුවේ ආසියානු ක්‍රීඩා උළෙල අතරමග දමා පලාගිය ජාත්‍යන්තර හොකී නිලධාරී ගුරින්දර් සිං සංඝා පිළිබඳ අනාවරණය.

Pasan

Pasan

October 2, 2026 • 8:38 PM

ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා හොකී තරගාවලියේ තරග විනිශ්චයකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි ඉන්දියාවේ ගුරින්දර් සිං සංඝා (Gurinder Singh Sangha) තරගාවලිය අවස...
  • ආසියානු හොකී සම්මේලනය විසින් තරග විනිශ්චයකාර කළමනාකරුවෙකු ලෙස පත්කර තිබූ මේ ජාත්‍යන්තර හොකී විනිසුරු හා තාක්ෂණික නිලධාරියා මෙසේ ජපානයෙන් පලාගොස් තිබෙන්නේ ඔහුට එරෙහිව ලිංගික අපචාරයේ පැමිණිලි ගණනාවක් එල්ල වීමෙන් පසුව බව වාර්තා වනවා.
  • මැලේසියාවෙන් පැමිණ සිටි හොකී නිලධාරිනියක සමග සංඝා නොමනා ලෙස හැසිර ඇති බව පැවසෙනවා.
  • ඇයට උපදෙස් දෙන හා උගන්වන මුවාවෙන් අවස්ථා ගණනාවකදීම ඇය වැළඳ ගැනීමට උත්සාහ කළ ඔහු ඇයව සිපගෙන ඇතැයි ද වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා හොකී තරගාවලියේ තරග විනිශ්චයකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි ඉන්දියාවේ ගුරින්දර් සිං සංඝා (Gurinder Singh Sangha) තරගාවලිය අවසන් වීමට පෙර ජපානයෙන් පිටව ගොස් තිබෙනවා.

ආසියානු හොකී සම්මේලනය විසින් තරග විනිශ්චයකාර කළමනාකරුවෙකු ලෙස පත්කර තිබූ මේ ජාත්‍යන්තර හොකී විනිසුරු හා තාක්ෂණික නිලධාරියා මෙසේ ජපානයෙන් පලාගොස් තිබෙන්නේ ඔහුට එරෙහිව ලිංගික අපචාරයේ පැමිණිලි ගණනාවක් එල්ල වීමෙන් පසුව බව වාර්තා වනවා.

මැලේසියාවෙන් පැමිණ සිටි හොකී නිලධාරිනියක සමග සංඝා නොමනා ලෙස හැසිර ඇති බව පැවසෙනවා.

ඇයට උපදෙස් දෙන හා උගන්වන මුවාවෙන් අවස්ථා ගණනාවකදීම ඇය වැළඳ ගැනීමට උත්සාහ කළ ඔහු ඇයව සිපගෙන ඇතැයි ද වාර්තා වනවා. සිද්ධියෙන් පසුව ඇය මැලේසියානු තරග විනිශ්චයකාර කළමනාකරුට ඒ ගැන පැමිණිලි කර තිබෙනවා.

සංඝා ඔහු නතර වී සිටි හෝටලයේ සේවිකාවක සමගත් නුසුදුසු ආකාරයෙන් හැසිරෙමින් ඔහුගේ කාමරයේදී ඇයට අසභ්‍ය වීඩියෝ පෙන්වා තිබෙනවා.


හෝටලයේ අතවරය සහ පෙර පැමිණිලි විමර්ශනය

මේ ආසන්නතම පැමිණිල්ල සංඝාට එරෙහිව නැගුණු පළමු චෝදනාව නෙවෙයි. 2025 වසරේ ජනවාරි මාසයේ රන්චි නගරයේදී ඉන්දියා හොකී ලීගය පැවැත්වෙන අතරතුර ඔහුට එරෙහිව යොගිටා පාසි නමැති තරග විනිසුරුවරිය නිල පැමිණිල්ලක් ගොනු කළේ ඔහු තරග විනිසුරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදීයි. ඉන්දියා හොකී සම්මේලනය පසුව එම පැමිණිල්ල ලැබුණු බවට ස්ථිර කරමින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා.

2025 ජනවාරි 20 වැනි දින රන්චි හි කණ්ඩායම නැවතී සිටි හෝටලයේ පැවති අන්‍යෝන්‍ය ක්‍රියාවකදී සංඝාගේ හැසිරීම “අනවශ්‍ය හා නුසුදුසු” වූ බවත් එයින් තමා අපහසුතාවට පත්වූ බවත් පාසි එම පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට හා නිලධාරිනියන්ට ආරක්ෂිත හා ගෞරවනීය සේවා වටපිටාවක් සහතික කරන ලෙසට ඇය ඉන්දියා හොකී සම්මේලනයට උදක් බලකර සිටියා.


ඉන්දීය හොකී ක්ෂේත්‍රයේ අර්බුදය තීව්‍ර වෙයි

ජපානයෙන් මේ අලුත්ම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියානු හොකී ක්ෂේත්‍රය තුළ සිදුවන අයුතු ලෙස හැසිරීම් පිළිබඳව වැඩිවෙමින් තිබෙන පැමිණිලි සියුම් පරීක්ෂාවකට ලක්ව තිබීම මධ්‍යයේයි. මේ වසර මුලදී, සහාය සේවක මණ්ඩලයේ සාමාජිකයෙකුට එරෙහිව හිරිහැර කිරීමේ චෝදනා මතුවීමෙන් පසුව ඔහු ජාතික කඳවුරකින් ඉවත් කිරීමට ඉන්දියා හොකී බලධාරීන් පියවර ගත්තේ සිද්ධිය පිළිබඳව දැනගත් විගස ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවට ප්‍රකාශ කරමින්.

ඉන්දියා හොකී සම්මේලනයේ නිලධාරියෙකුගේ ලිංගික හිරිහැරය හා බලය අනිසි ලෙස භාවිතය පිළිබඳව 2026 අප්‍රේල් මාසයේ නැගුණු චෝදනාවක් හා කණිෂ්ඨ කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිනියක සම්බන්ධයෙන් වූ 2025 වසරේ සිදුවීමක් ඇතුළු වෙනත් පැමිණිලි සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට ඉන්දියා හොකී සම්මේලනයට සිදුව තිබුණා.

මංගල කාන්තා ඉන්දීය හොකී ලීගය පැවැත්වෙන අතරතුර තරුණ ක්‍රීඩිකාවන්ට හිරිහැර කිරීමේ චෝදනා පිළිබඳව බලධාරීන්ට දැන්වීමෙන් පසුව එක් පුහුණුකරුවෙකු රැයකදී ඉවත් කෙරුණා.


(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

වර්නන් ගුණසේකර

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...