BREAKING
Top Ad
විදේශ

සංක්‍රාන්ති ලිංගිකයින් වන්ධ්‍යකරණය කිරීම ව්‍යවස්ථාවට පටහැනියි - ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය

T

The Leader

October 27, 2023 • 10:59 PM

 සංක්‍රාන්ති ලිංගිකයින් වන්ධ්‍යකරණය කිරීම ව්‍යවස්ථාවට පටහැනියි - ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නීතිය අභියෝගයට ලක් කරමින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ගොනු කළ පෙත්සමකින් පසුව මෙම තීන්දුව ලබාදුනි
  • 2004 වසරේ පැනවූ එම නීතියට අනුව, රටවැසියන්ට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට ඉඩ ලැබුණේ ප්‍රජනන හැකියාවක් නොමැති නම් පමණි.
  • 25) අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ය.
  • හියුමන් රයිට්ස් වොච් (HRW) නමැති මානව හිමිකම් සංවිධානය, "අපවාදාත්මක සහ යල් පැන ගිය" නීතියක් ලෙස එම නීතිය හඳුන්වා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ත්‍රී පුරුෂභාවය නිල වශයෙන් වෙනස් කිරීමට පෙර පුරවැසියන් වන්ධ්‍යකරණයට ලක්විය යුතු බවට වන ජපාන නීතිය ව්‍යවස්ථා විරෝධීයැ යි ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2004 වසරේ පැනවූ එම නීතියට අනුව, රටවැසියන්ට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට ඉඩ ලැබුණේ ප්‍රජනන හැකියාවක් නොමැති නම් පමණි.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවක එම නීතිය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව බදාදා (ඔක්. 25) අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ය.

හියුමන් රයිට්ස් වොච් (HRW) නමැති මානව හිමිකම් සංවිධානය, "අපවාදාත්මක සහ යල් පැන ගිය" නීතියක් ලෙස එම නීතිය හඳුන්වා තිබුණි.

"ජපානයේ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සඳහා වූ වැදගත් ජයග්‍රහණයක්" ලෙස හඳුන්වමින් ඔවුහු බදාදා එම තීන්දුව සැමරූහ.

"මෙම තීන්දුව ජපානයේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ සෞඛ්‍යය, පෞද්ගලිකත්වය සහ ශාරීරික ස්වාධිපත්‍යය සඳහා වන අයිතිවාසිකම් තහවුරු කරනවා," ජපානයේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂිකා කනායේ ඩෝයි බීබීසීය වෙත පැවසුවා ය. "මේ අපවාදාත්මක වූ...අවශ්‍යතාවය ඉවත් කරන්න කියලා අවුරුදු ගණනක් පුරා සිදුවුණු උද්දේශන සහ නඩු කටයුතු වල ප්‍රතිඵලයක් විධියට තමයි මේක වෙන්නේ."

එම නීතිය ව්‍යවස්ථානුකූලයැ යි තීරණය කරමින් අධිකරණය විසින් 2019 වසරේ දී දෙන ලද තීන්දුවක් මෙම තීන්දුව මඟින් ආපසු හරවා තිබේ.

 

 Japan 2023.10.28

 ජපානය යනු, වන්ධ්‍යකරණය සැත්කම් අනිවාර්ය රටවල් 18 අතරින් ද එකකි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද විරුද්ධ වන අවශ්‍යතාවයකි. සමලිංගික විවාහ නීත්‍යනුකූලව පිළි නොගන්නා G7 කණ්ඩායමේ එක ම රට වන්නේ ද ජපානය යි.

පෙත්සම ගොනුකළ කාන්තාව වසර ගණනාවක් තිස්සේ හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම නිසා ඇගේ ප්‍රජනන හැකියාව දැනටමත් හීනවී ඇති බව ත්, ශල්‍යකර්මයෙන් ශාරීරික පීඩා විඳීම මෙන් ම, අතුරු ආබාධ ඇති වීමේ අවදානමක් ද මතු කර ඇති බවත් මෙම කාන්තාවගේ නීතීඥවරයා තර්ක කළේ ය.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට පෙර ඇගේ ඉල්ලීම පවුල් අධිකරණය මෙන් ම මහාධිකරණය විසින් ද ප්‍රතික්ෂේප කර තිබුණි.

නමුත් මෙම නීතිය වෙනස් කිරීමට විරුද්ධ ඇතැම් කණ්ඩායම් තර්ක කර තිබුණේ, ශල්‍යකර්මයකින් තොරව ලියාපදිංචි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට මිනිසුන්ට අවසර දෙන්නේ නම් එය කාන්තාවන්ට අනාරක්ෂිත හැඟීමක් ඇති කළ හැකි බව ය. එය නීතිමය ව්‍යාකූලත්වයට හේතු විය හැකි බවට ද ඔවුහු තර්ක කළහ.

 සමාජයේ ගතානුගතික කොටස් සහ දේශපාලනඥයින්ගේ විරුද්ධත්වය ඇතත්, මෑතකාලීන මත විමසුම් මඟින් LGBTQ-හිතකාමී නීති සඳහා සහයෝගය වැඩෙන බවක් පෙන්නුම් කර තිබේ.

මෙම මස මුල දී, ප්‍රාදේශීය පවුල් අධිකරණයක් සංක්‍රාන්ති ලිංගික පුරුෂයෙකුට පක්ෂව තීන්දුවක් ලබා දුන්නේ ය. ජෙන් සුසුකි නමැති ඔහු ශල්‍යකර්මයකට භාජනය වීමකින් තොරව ස්ත්‍රී පුරුෂභාවය නීත්‍යනුකූලව වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

පවුල් අධිකරණයේ විනිසුරු ටකෙහිරෝ සෙකිගූචි, වත්මන් නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය මඟින් නියම කර ඇති සෑම මිනිසෙකුට ම එක හා සමානව ගරු කළ යුතු ය යන්න උල්ලංඝණය කර ඇති බව පැවසුවේ ය.

(BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...