BREAKING
Top Ad
විදේශ

සුබ ගමන් යාළුවා !

T

The Leader

October 29, 2023 • 3:03 AM

සුබ ගමන් යාළුවා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘Friends’ ටෙලිකතා මාලාවේ චැන්ඩ්ලර් බිං(ග්) චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී තිබේ.
  • ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී ඔහු හමු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
  • නිව් යෝර්ක් හි ජීවත් වන තරුණ මිතුරන් හය දෙනකු ගැන කියැවෙන රූපවාහිනී කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ 1994 සිට 2004 දක්වා විකාශය විය.
  • එහි අවසන් කතාංගය එක්සත් ජනපදයේ ප්‍රේක්ෂකයින් මිලියන 52.5ක් විසින් නරඹා ඇති අතර එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මිය යන විට ඔහු 54 වන වියේ පසු විය.

ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී ඔහු හමු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

නිව් යෝර්ක් හි ජීවත් වන තරුණ මිතුරන් හය දෙනකු ගැන කියැවෙන රූපවාහිනී කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ 1994 සිට 2004 දක්වා විකාශය විය.

එහි අවසන් කතාංගය එක්සත් ජනපදයේ ප්‍රේක්ෂකයින් මිලියන 52.5ක් විසින් නරඹා ඇති අතර එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් විය. මෙම කතා මාලාව අදට ද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක් උසුලයි.

chandler bing

පෙරී (වම්පස) Friends ටෙලියේ අනෙකුත් තරු සමඟ (1997)

පෙරී සිය නිවසේ උණුසුම් ජලය සහිත නාන බේසමක සිහිසුන්ව සිටියදී හමුව ඇති බව යි ඔහුගේ මරණය පළමුව වාර්තා කළ ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ TMZ සඳහන් කර තිබුණේ.

1969 වසරේදී මැසචුසෙට්ස්හි උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ අයෙකු විය.

නව යොවුන් වියේදී ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන පෙරී, ‘බෝයිස් විල් බී බෝයිස්හි’ චෑස් රසල් ලෙස රඟපෑ අතර ‘ග්‍රෝවින්ග් පේන්ස්’ ඇතුළු රූපවාහිනී කතා මාලාවලට මෙන්ම ‘ෆූල්ස් රශ් ඉන්’, ‘ඕල්මෝස්ට් හීරෝස්’ සහ ‘ද හෝල් නයින් යාඩ්ස්’ ඇතුළු චිත්‍රපට කිහිපයක ද රංගනයෙන් දායක විය.

chandler bing friends

කෝට්නි කොක්ස්, ජෙනිෆර් ඇනිස්ටන් සහ මැතිව් පෙරී Friends හි

නමුත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් දිනූ රංගන ශිල්පියෙකු බවට පත් වූයේ, ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව හරහා ය.එහි රංගනය වෙනුවෙන් ඔහු 2002 වසරේදී ප්‍රයිම්ටයිම් එමී සම්මානය සඳහා ද නිර්දේශ විය.

ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව නිෂ්පාදනය කළ වෝනර් බ්‍රදර්ස් ටීවී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, “අපගේ ආදරණීය මිතුරා වන මැතිව් පෙරීගේ අභාවයෙන් අපි මහත් සේ කම්පනයට පත්ව සිටිමු” යනුවෙනි.

"මැතිව් කියන්නේ අතිශය දක්ෂ නළුවෙක් වගේම වෝනර් බ්‍රදර්ස් රුපවාහිනි පවුලේ නොමැකෙන කොටසක්."

  131557967 mediaitem131557966


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...