BREAKING
Top Ad
විදේශ

කේරළයේ දේව මෙහෙ­ය­කට එල්ල කළ බෝම්බ ප්‍රහා­ර­ ගැන පුළුල් විමර්ශනයක්

T

The Leader

October 30, 2023 • 3:12 AM

කේරළයේ දේව මෙහෙ­ය­කට එල්ල කළ බෝම්බ ප්‍රහා­ර­ ගැන පුළුල් විමර්ශනයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිදෙනකු මියගොස්, පනස් දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ සිදු වූ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විශේෂ මට්ටමේ විමර්ශනයක්
  •    ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව වීඩියෝ පටයක් ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ පාපොච්චාරණය සනාථ කරගැනීම සඳහා තවමත් කටයුතු කරමින් සිටින බවට කේරළ පොලිසිය ප්‍රකාශ කර යි.
  • සිදුවීමෙන් ටික වේලාවකට පසුව, ඩොමිනික් මාටින් නම් පුද්ගලයා ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබුණි.
  • සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කර ඇති බව කේරළයේ ප්‍රධාන අමාත්‍ය ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරම්භ කර තිබේ.

29 ඉරිදා දින කලමාසරි පළාතේ දේව මෙහෙයක් අතරතුර මෙම පිපිරීම් මාලාව සිදුව ඇත.   

ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව වීඩියෝ පටයක් ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ පාපොච්චාරණය සනාථ කරගැනීම සඳහා තවමත් කටයුතු කරමින් සිටින බවට කේරළ පොලිසිය ප්‍රකාශ කර යි.

"ඔහු අපගේ අත්අඩංගුවේ පසුවන නමුත් ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරමින් ඉන්නේ, ඊට ටික කාලයක් යාවි," යනුවෙන් කේරළ පොලිසියේ මහජන සම්බන්ධීකාරක නිලධාරියකු වන ප්‍රමෝද් කුමාර් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබේ. 

යෙහෝවා ගේ සාක්ෂිකරුවන් නම් ආගමික කණ්ඩායම විසින් සංවිධානය කරන ලද, පුද්ගලයින් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙමින් දින තුනක් පුරා පැවැත්වුණු මෙම දේව මෙහෙය අතරතුර සිදුවූ පිපිරීම් මාලාවෙන් පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයේ දී ම මියගොස් තිබු අතර දරුණු පිළිස්සුම් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක අද (3) උදෑසන මියගොස් ඇත.

සිදුවීමෙන් ටික වේලාවකට පසුව, ඩොමිනික් මාටින් නම් පුද්ගලයා ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබුණි.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කර ඇති බව කේරළයේ ප්‍රධාන අමාත්‍ය ප්‍රකාශ කර ඇත.  

එසේම, දිල්ලි අගනුවර ද ආරක්ෂාව තර කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කේරළයේ දේව මෙහෙ­ය­කට එල්ල කළ බෝම්බ ප්‍රහා­ර­ ගැන පුළුල් විමර්ශනයක්  | The Leader