ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිකුත් කළ නිවේදනයක් අනුව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 50 දෙනකු මියයන්නට ඇති බවයි.
අඟහරුවාදා (ඔක්. 31) ගාසා තීරය තුළ ගොඩබිම් සටනක දී ඊශ්‍රායල සෙබළුන් 11 දෙනෙකු මියගියබව ඊශ්‍රායලය ප්‍රකාශ කරන අතර එය සෙබළුන් 300ක් සහ එක්දහස් එකසියයක් පමණ සිවිල් වැසියන් මරා දමමින් ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව දිනක් තුළ වැඩිම සෙබළුන් පිරිසක් මියගිය අවස්ථාව ලෙස ඔවුන් සඳහන් කරයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනය කර සිටින්නේ ගාසා හි විශාලතම සරණාගත කඳවුර වන ජබාලියා වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්, පහරදීම් සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කාර්යයක් ඉටුකළ හමාස් අණදෙන නිලධාරි ඉබ්‍රහිම් බිආරි මරා දැමුණු බවයි.
බිආරි මෙන්ම භූගත උමං සංකීර්ණයේ සිටි හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ප්‍රහාරයෙන් අනතුරුව මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙක් පවසා තිබේ. සටන්කාමීන් නොවන පිරිසගේ ජීවිත හානි පිළිබඳව සොයා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් කඳවුරෙහි සිටි බව හමාස් ප්‍රකාශක හසීම් කාසම් ප්‍රතික්ෂේප කරන අතර එය සිවිල් ජනතාව මරා දැමීම වසා ගැනීමට ඊශ්‍රායලය ගොතන ලද්දක් බව පවසා තිබේ.
පලස්තීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 50 දෙනකු මියගොස් 150දෙනකු තුවාල ලබා ඇති බවයි.
ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි
T
The Leader
November 1, 2023 • 4:04 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් මරා දැමුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර යි.
- සටන්කාමීන් නොවන පිරිසගේ ජීවිත හානි පිළිබඳව සොයා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
- කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් කඳවුරෙහි සිටි බව හමාස් ප්‍රකාශක හසීම් කාසම් ප්‍රතික්ෂේප කරන අතර එය සිවිල් ජනතාව මරා දැමීම වසා ගැනීමට ඊශ්‍රායලය ගොතන ලද්දක් බව පවසා තිබේ.
- පලස්තීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 50 දෙනකු මියගොස් 150දෙනකු තුවාල ලබා ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



