මිනසෝටා හි පැවති රැලියකදී ප්‍රේක්ෂකාගාරයේ සිටි කාන්තාවක් ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස ඔහු මේ බව සඳහන් කර තිබුණි.
"මම හිතන්නේ අපිට විරාමයක් අවශ්‍යයි. විරාමයක් කියන එකෙන් අදහස් කළේ සිරකරුවන් එළියට ගන්න කාලය හදලා දෙන එකට," යයි ඔහු පැවසිය.
ජනපතිවරයා එහිදී සඳහන් කළේ මානුෂිය ආධාර සැපයීම සහ හමාස් සටන්කරුවන් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240 දෙනා සම්බන්ධයෙන් බව ධවල මන්දිරය පසුව නිවේදනය කර තිබුණි.




