BREAKING
Top Ad
විදේශ

ළමා මරණ නිසා ඉන්දුනීසියාවේ කැස්ස පැණි සමාගමක ලොක්කෙක්ට සිරදඬුවම්

T

The Leader

November 2, 2023 • 6:42 AM

ළමා මරණ නිසා ඉන්දුනීසියාවේ කැස්ස පැණි සමාගමක ලොක්කෙක්ට සිරදඬුවම්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා මරණ 200කට වැඩි සංඛ්‍යාවකට වගකිවයුතු කැස්ස පැණියක් නිෂ්පාදිත ඉන්දුනීසියානු සමාගමක හිමිකරු සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.
  • විෂ සහිත ද්‍රව්‍ය අතිරික්ත වශයෙන් අඩංගු කැස්ස සිරප් නිෂ්පාදනය කරන බවට ඉන්දුනීසියාවේ Afi Farma නම් සමාගමට චෝදනා එල්ල විය.
  • Afi Farma සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අරීෆ් ප්‍රසේත්යා හරහප් ට වසර 9ක සිරදඬුවම් සහ අනෙකුත් විත්තිකරුවන්ට වසර 7 බැගින් වූ සිර දඬුවමක් රජයේ නීතිඥවරු විසින් ඉල්ලා තිබුණි.
  • අදාළ සමාගම විසින් කැස්ස පැණිය නිෂ්පාදනයේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂාවට ලක් නොකර ඒ වෙනුවට සැපයුම්කරුගේ තත්ත්ව සහ ආරක්ෂක සහතික මත විශ්වාසය තබා ඇති බව රජයේ නීතිඥවරු චෝදනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔවුන්ට වසර දෙකක සිර දඬුවමක් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන එකක (ඇමරිකානු ඩොලර් 63,056) දඩයක් නියම විය.

විෂ සහිත ද්‍රව්‍ය අතිරික්ත වශයෙන් අඩංගු කැස්ස සිරප් නිෂ්පාදනය කරන බවට ඉන්දුනීසියාවේ Afi Farma නම් සමාගමට චෝදනා එල්ල විය.

Afi Farma සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අරීෆ් ප්‍රසේත්යා හරහප් ට වසර 9ක සිරදඬුවම් සහ අනෙකුත් විත්තිකරුවන්ට වසර 7 බැගින් වූ සිර දඬුවමක් රජයේ නීතිඥවරු විසින් ඉල්ලා තිබුණි.

අදාළ සමාගම විසින් කැස්ස පැණිය නිෂ්පාදනයේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂාවට ලක් නොකර ඒ වෙනුවට සැපයුම්කරුගේ තත්ත්ව සහ ආරක්ෂක සහතික මත විශ්වාසය තබා ඇති බව රජයේ නීතිඥවරු චෝදනා කර ඇත.

ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඖෂධ වර්ග චේතාන්විතව නිෂ්පාදනය සම්බන්ධයෙන් විත්තිකරුවන් සිව්දෙනා වරදකරුවන් බව නැගෙනහිර ජාවා හි කෙදිරි දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා විසින් තීන්දු කර තිබේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...