කෙල්සි හැචර් නමැති මෙම තරුණිය උපතින්ම ගර්භාෂ දෙකක් සහිත තැනැත්තියක් වන අතර ඇය ගැබ් ගැනීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ගර්භාෂවල වෙන වෙනම කළල දෙකක් වැඩෙමින් ඇති බවයි.
ඒ අනුව, ඇය එළඹෙන මාසයේ දී නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටියි.
මේ අයුරින් ගර්භාෂ දෙකක වෙන වෙනම දරුවන් ඇතිවීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි එරට වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ.




