BREAKING
Top Ad
විදේශ

ඉන්දියාව දිනුවොත් මම නිරුවතින් යනවා - රේඛා

T

The Leader

November 18, 2023 • 11:54 AM

ඉන්දියාව දිනුවොත් මම නිරුවතින් යනවා - රේඛා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරිදා (නොවැම්බර් 19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන්
  • ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ "ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා" යනුවෙනි.
  •   සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇත.
  • ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ "ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා" යනුවෙනි.  

hdfgdfg

සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇත.

ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවය.

කෙසේ වෙතත් ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමන් එම ප්‍රකාශය සිදුකළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවය.

2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය හෙට (19) අහමදාබාද්හි දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සඳහා ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතය.

''ඕනෑම අභියෝගයකට සූදානම්'' - කැන්ගරුවන්ගෙන් සැර ප්‍රකාශයක්

fget5
විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා ඇත.

ඒ, 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබේ.

විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ලක්ෂයකටත් වඩා අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වීමට නියමිතය.

සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පවසයි.

හෙට දිනයේ අප ගේ අරමුණ එය බව ද පැට් කමින්ස් සඳහන් කරයි. 

(aruna.lk)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...