වරදකරුවන් වූ සිව්දෙනෙකුට අද (25) ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් ද නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන අපරාධකරුවන් පිරිසකටය.
පස්වන වැරදිකරු වන අජේ සෙති යන පුද්ගලයාට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත්තේ එම පිරිසට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය.
2008 සැප්තැම්බර් 30 වනදා මෙම ඝාතනය සිදුවී ඇත.
25 හැවිරිදි මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් එදින උණුසුම් පුවතක් විකාශය කිරීමට සූදානමින් රාත්‍රියේ සිය මාධ්‍ය ආයතනය තුළ රැඳි සිට අලුයම 3ට පමණ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත්ව ගොස් තිබුණි.
එම අවස්ථාවේ ඇය තනිව මෝටර් රථයෙන් ගමන් ගන්නා බව දුටු අපරාධකරුවන් පිරිසක් ඇයව ලුහුබැඳ ගොස් මෝටර් රථය නතර කරගැනීමට උත්සාහ කර ඇත.
නමුත් ඇය මෝටර් රථය නොනවත්වා ධාවන කිරීම හේතුවෙන් එයට උරණ වූ මෙම අපරාධකරුවන් පිරිස ඇයට වෙඩිතබා ඇති අතර එම වෙඩි තැබීමෙන් ඇයගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී ඇය මරණයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම අපරාධකරුවන් පිරිස එම අවස්ථාවේ වෙනත් මංකොල්ලයක් සඳහා සුදානමින් සිට ඇති බවත් සෞම්‍යා විශ්වනාදන්ව ඔවුන් දැක ඇත්තේ අහඹු සිදුවීමකින් බවත් එරට පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත.
(adaderana.lk)
මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
T
The Leader
November 25, 2023 • 9:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2008 වසරේදී රූපවාහිනී මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් ඝාතනය කිරීමේ සිද්ධියේ
- ඊට අමතරව පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් ද නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
- මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන අපරාධකරුවන් පිරිසකටය.
- පස්වන වැරදිකරු වන අජේ සෙති යන පුද්ගලයාට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත්තේ එම පිරිසට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



