BREAKING
Top Ad
විදේශ

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

T

The Leader

November 27, 2023 • 12:06 AM

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියෙරා ලියෝන් රාජ්‍යයට (C) ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කරමින් එරට ෆ්‍රීටවුන් අගනුවරට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිස පසුව නගරයේ පිහිටි බන්ධනාගාරයකට ඇතුළු වී එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවිය.
  • එරට ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) පවසා ඇත්තේ ආයුධ සන්නද්ධ සියලු දෙනා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.
  • සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට, ගිනිකොන දෙසින් ලයිබෙරියාවට සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු බටහිර අප්‍රිකානු රටකි.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලකිල්ලට ගනිමින් රට පුරා බලපැවැත්වෙන පරිදි මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බවය.

හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කරමින් එරට ෆ්‍රීටවුන් අගනුවරට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිස පසුව නගරයේ පිහිටි බන්ධනාගාරයකට ඇතුළු වී එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවිය.

කෙසේ වෙතත් මධ්‍යම පඩෙම්බ පාර (Central Pademba Road) බන්ධනාගාරයෙන් රැඳවියන් කොපමණ පිරිසක් පිටතට පැමිණියේද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව ද එම වාර්තාවල දැක්වේ. 

එමෙන්ම මෙම පිරිස් හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කර ඇති බව ද සඳහන්වේ. 

ඒ අනුව හටගෙන ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට සියෙරා ලියෝන් රජය කටයුතු කර ඇත.

එරට ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) පවසා ඇත්තේ ආයුධ සන්නද්ධ සියලු දෙනා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

එහි වත්මන් තත්වය සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා කවුන්සල් ජනරාල් ආචාර්ය සුදත් අබේවික්‍රම (Dr Subash Abeywikrema, Sri Lankan Honorary Consul in Sierra Leone) මෙසේ කරුණු පැහැදිලි කිරීමක් කළේය.

සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට, ගිනිකොන දෙසින් ලයිබෙරියාවට සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු බටහිර අප්‍රිකානු රටකි. ඝර්ම කලාපීය දේශගුණයක් ඈති රටක් වන සියරා ලියෝනයේ පරිසරය වැසි වානාන්තර වල සිට සැවානා බිම් දක්වා වෙනස් වේ. වර්ග කිලෝමීටර 71,740 නැතහොත් වර්ග සැතපුම් 27,699 [4] පුරා පැතිරුනු මුලු භූමි ප්‍රමාණයක් සහිත මෙම රට භූගෝලීය කලාප හතරකට බෙදා ඇත. උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත සහ බටහිර ප්‍රදේශය ඒවා වන අතර මෙම කළාප නැවත දිස්ත්‍රික්ක 14 කට බෙදා ඇත.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...