BREAKING
Top Ad
විදේශ

උත්තරාඛණ්ඩ් උමග කඩා වැටීම: සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹේ

T

The Leader

November 28, 2023 • 10:26 AM

උත්තරාඛණ්ඩ් උමග කඩා වැටීම: සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි
  • කම්කරුවන් බේරා ගැනීම සිදුවන්නේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි.
  • එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර.
  • සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

කම්කරුවන් 41 බේරා ගැනීම ආරම්භ වී තිබේ.

කම්කරුවන් බේරා ගැනීම සිදුවන්නේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි.

එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවෙමින් පවතී.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය.

බේරා ගන්නා පිරිස සදහා ගිලන්රථ පමණක් නොව හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබේ.


iofuywei94උමඟ අසලට රැස්ව සිටින ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) පිරිස් සහ අනෙකුත් ගලවා ගැනීමේ ක්‍රියාකාරීන්


නොවැම්බර් 12 වැනිදා සිට උතුරු ඉන්දියාවේ උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා වෙත ළඟාවීමට සමත්වූබවට ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශකර සිටිති.

මේ කම්කරුවන් දින 17ක් තිස්සේ උමඟ තුළ සිරවී සිටියේ ය.

ඒ අසල සිදුවූ නායයෑමක් හේතුවෙන් සුන්බුන් රැසක් කඩා වැටීමෙන් පසු, මේ උමඟ ඉදිකරමින් සිටි කම්කරුවන් එය තුළ සිරවිය. නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නැතැ යි සිතනු ලැබේ.

කඩා වැටුණු උමඟේ සුන්බුන් හරහා ඇතුළු කරන ලද සෙන්ටිමීටර 90ක විෂ්කම්භයෙන් යුත් පයිප්පයක් හරහා මේ කම්කරුවන් එක් පුද්ගලයා බැගින් මුදාගැනෙණු ඇත.

ලෝහ දඬු කැපීමට සිදුවීම මුදා ගැනීමේ ප්‍රයත්නයන්ට නැවත නැවතත් බාධා කළ අතර, ලිහිල් පස සහ දැඩි පාෂාණ විසින් කැණීමේ ප්‍රගතිය මන්දගාමීකර තිබුණි.

පසුගිය සිකුරාදා (නොවැ 24), පැය කිහිපයක් තුළ කම්කරුවන් පිටතට ගැනෙනු ඇතැ යි නිලධාරීන් කියා සිටිය ද, අනතුරුව විශාල විදුම් යන්ත්‍රයක් උමඟ තුළ දී කැඩී ගියේ ය.

මේ කම්කරුවන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය වෙනම පටු නලයක් හරහා සපයනු ලැබුණි.


zdg346උමගේ කොටසක් කඩා වැටී තිබුණේ ඉරිදා උදෑසන ය

මෙම අනතුර සිදුවූයේ ඉන්දීය වේලාවෙන් ඉරිදා අලුයම 5:00ට පමණ වන අතර සිල්ක්‍යාරා නමැති මෙම උමග කඩා වැටී ඇත්තේ, එහි ආරම්භක කෙලවරේ සිට මීටර් 200ක් පමණ දුරින් කම්කරුවන් ඒ තුළ සිටියදී බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අර්පන් යදුවන්ෂි බීබීසී හින්දි වෙත පැවසීය.

උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිල්ක්‍යාරා උමං මාර්ගය උත්තරාඛණ්ඩ්හි තිබෙන සුප්‍රසිද්ධ වන්දනා ස්ථාන සමග පවතින සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ෆෙඩරල් රජය දියත් කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසකි. හිමාල කඳු වැටිය සහ ග්ලැසියර කිහිපයක් පිහිටා ඇති කඳුකර ප්‍රාන්තයක් වන මෙය හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක නිවහන වේ.

ඒ ආසන්නයේ සිදු වූ නාය යාමක් හේතුවෙන් උමග මතට විශාල ප්‍රමාණයේ සුන්බුන් පතිත වීම එය කඩාවැටීමට හේතු විය. ගොඩගැසුණු සුන්බුන් හේතුවෙන් සේවකයන් වෙත ලබා දුන් ඔක්සිජන් සැපයුම ඇනහිටිණි.

බලධාරීන් පැවසුවේ, ඉරිදා රාත්‍රියේ වෝකි ටෝකි භාවිත කරමින් සිරවී සිටින පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමට හැකි වූ බව ය.

ඉදිකිරීම් කටයුතු සඳහා උමං මාර්ගයට ජලය සැපයීමට එළන ලද නළ මාර්ගයක් මේ වන විට සේවකයන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීම සඳහා යොදා ගන්නා බව ද ඔවුහු පැවසූහ.

zdfw4g4ගලවා ගැනීමේ නිලධාරීහු කැණීම් යන්ත්‍ර සහ අනෙකුත් බර යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කරමින් සිටිති.


ගලවා ගැනීමේ නිලධාරීහු කැණීම් යන්ත්‍ර සහ අනෙකුත් බර යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කරමින් සිටිති. අනතුර සිදුවූ ස්ථානයේ වීඩියෝවල දැක්වෙන්නේ, ගලවා ගැනීමේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි ජේසීබී යන්ත්‍ර මගින් මඩ සහ ගල් ඉවත් කරන අයුරු ය.

"අපි උමග ඇතුළට මීටර් 15ක් [අඩි 49ක්] පමණ ගමන් කර තිබෙනවා. අපි පැත්තකින් තමයි උමග ඇතුළට යන්නේ," උත්තර්කාෂි නගරයේ උසස් පොලිස් නිලධාරියෙකු වන ප්‍රශාන්ත් කුමාර් සඳුදා ඒඑන්අයි ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පැවසීය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...