BREAKING
Top Ad
විදේශ

ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මියයයි

T

The Leader

November 30, 2023 • 3:47 AM

ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මියයයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීතල යුද සමයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ, ලෝ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු ඇමරිකානු රාජ්‍ය
  • 1923 මැයි 27 වනදා ජර්මනියේ යුදෙව් පවුලක උපන් කිසිංජර් මියයන විට ඔහුගේ වයස වසර සියයකි.
  • ඔහු ඇමරිකාව සහ චීනය අතර මෙන්ම ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සබඳතා පුළුල් කිරීමට දායක වූ අතර වියට්නාම යුද්ධය අවසන් කිරීමේදී ද වැදගත් කාර්යයභාරයක් ඉටු කළේ ය.
  • 1970 දශකයේ මැද භාගයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගියද, බලයට පත්වූ සෑම ඇමරිකානු ජනාධිපතිවරයකුම පාහේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී කිසිංජර් ගේ උපදෙස් පැතීම සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ.


1923 මැයි 27 වනදා ජර්මනියේ යුදෙව් පවුලක උපන් කිසිංජර් මියයන විට ඔහුගේ වයස වසර සියයකි.

2007 sum nixon

හෙන්රි කිසිංජර්, ඇමරිකා එක්සත් ජනපද ජනපති රිචඩ් නික්සන් හා ජනපති ජෙරල්ඩ් ෆෝර්ඩ් යටතේ රාජ්‍ය ලේකම් ධුරය සහ ජාතික ආරක්ෂක උපදේශක ධුරය දැරූ අතර ඇමරිකානු ඉතිහාසය තුළ ජාතික ආරක්ෂක උපදේශක සහ රාජ්‍ය ලේකම් තනතුරු දෙකම එකවිට දැරූ එකම තැනැත්තා ඔහුයි.

henry kissinger gettyimages 515575050

ඔහු ඇමරිකාව සහ චීනය අතර මෙන්ම ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සබඳතා පුළුල් කිරීමට දායක වූ අතර වියට්නාම යුද්ධය අවසන් කිරීමේදී ද වැදගත් කාර්යයභාරයක් ඉටු කළේ ය.

1970 දශකයේ මැද භාගයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගියද, බලයට පත්වූ සෑම ඇමරිකානු ජනාධිපතිවරයකුම පාහේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී කිසිංජර් ගේ උපදෙස් පැතීම සිදුවිය.

ඉකුත් ජූලි මාසයේ දී ද කිසිංජර් චීනයේ සංචාරයක නිරත වූ අතර එය චීනය හා ඇමරිකාව අතර උණුසුම්කාරී තත්ත්වයක් පැවති අවස්ථාවක සිදු වූ සංචාරයක් ලෙස සැලකිය හැකි ය.

හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ අභාවය ගැන ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය ශෝකය පළ කර තිබේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...