BREAKING
Top Ad
විදේශ

ඇෆ්ගනිස්ථානය අභිබවා මියන්මාරය 'අබිං' නිෂ්පාදනයෙන් ලොව අංක එකට

T

The Leader

December 12, 2023 • 5:48 AM

ඇෆ්ගනිස්ථානය අභිබවා මියන්මාරය 'අබිං' නිෂ්පාදනයෙන් ලොව අංක එකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්ථානය අභිබවමින් මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.
  •   2023 දී මියන්මාරයේ පොපි වගා කරන ප්‍රදේශ හෙක්ටයාර 47,000 (අක්කර 116,140) ලෙස ගණන් බලා ඇත - එය පසුගිය වසරට සාපේක්ෂව 18%ක වැඩිවීමකි.
  • 2018 වසරේ දී UNODC ඇස්තමේන්තුගත කළ අන්දමට, ඇෆ්ඝනිස්ථානයේ ආර්ථිකයට ඕපියම් වගාවෙන් ලබාදුන් දායකත්වය 11%ක් පමණ වේ.
  • යුරෝපයේ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ඇති හෙරොයින්වලින් 95%ක්ම ඇෆ්ඝන් ඕපියම්වලින් නිපදවූ ඒවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම වසරේ දී මියන්මාරය, ඕපියම් (අබිං) නිෂ්පාදනය 36% කින් ඉහල දමා ඇතැයි එම වාර්තාව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.

නීත්‍යානුකූල ආර්ථික අවස්ථා සීමිත වීම, වෙලඳපොලවල් සහ රාජ්‍ය යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය සීමා සහිත වීම, උද්ධමනය, මුදලේ අගය අවප්‍රමාණ වීම නිසා නරක අතට හැරෙන ආර්ථිකය වැනි හේතු ඉකුත් වසරේ දී පොපි වගාව ඉහල දැමීමට මියන්මාර ගොවීන් ගත් තීරණයට සැලකිය යුතු බලපෑමක් කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි.  

2023 දී මියන්මාරයේ පොපි වගා කරන ප්‍රදේශ හෙක්ටයාර 47,000 (අක්කර 116,140) ලෙස ගණන් බලා ඇත - එය පසුගිය වසරට සාපේක්ෂව 18%ක වැඩිවීමකි.

.

2022 අප්‍රේල් මාසයේ දී, ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් පොපි වගාව රට තුල (හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යය වන ඕපියම් මෙයින් නිස්සාරණය කෙරෙයි) මුළුමනින්ම තහනම් කිරීමෙන් පසු එම වගාව 95%කින් පහත වැටීම ද, මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්වීමට මූලික වී ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානය මේ වසරේ ඕපියම් (අබිං) ටොන් 330ක් නිෂ්පාදනය කර ඇතැයි ගණන් බලා තිබේ. 

1200x900
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (UNODC) අනුව, 2021 වසරේ දී ලොව විශාලතම ඕපියම් නිෂ්පාදකයා ඇෆ්ඝනිස්ථානය වූ අතර ලොව ඕපියම් සැපයුමෙන් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වගා කෙරුණේ එහි ය.

2018 වසරේ දී UNODC ඇස්තමේන්තුගත කළ අන්දමට, ඇෆ්ඝනිස්ථානයේ ආර්ථිකයට ඕපියම් වගාවෙන් ලබාදුන් දායකත්වය 11%ක් පමණ වේ. යුරෝපයේ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ඇති හෙරොයින්වලින් 95%ක්ම ඇෆ්ඝන් ඕපියම්වලින් නිපදවූ ඒවා ය.

 120219519 gettyimages 520569398
ඕපියම් පොපි ශාකයේ කොටස් පිරිපහදු කිරීමෙන් හෙරොයින් ඇතුළු තදබල ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය කීපයක්ම නිපදවීමේ දී යොදාගැනෙන මූලික අමුද්‍රව්‍යය ලැබේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...