BREAKING
Top Ad
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා ලෝලී ඡන්දවලින් ගොඩයාමට සැරසේ !

T

The Leader

December 18, 2023 • 5:47 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා ලෝලී ඡන්දවලින් ගොඩයාමට සැරසේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ දකුණු කැරලයිනා ප්‍රාන්තයේ විශාලතම සරසවි දෙක වන ක්ලෙම්සන් හා දකුණු කැරලයිනා යන දරුණු ප්‍රතිවාදීන් අතර වාර්ෂිකව
  • ඔහු මෙසේ සහභාගි වන අවස්ථාවන්හි දර්ශන රැගත් වීඩියෝ විශේෂයෙන් දේශපාලනික නොවන වේදිකා ද ඇතුළුව සමාජ මාධ්‍ය හරහා දහස් සංඛ්‍යාත පිරිසක් බලා තිබෙනවා.
  • ඉතාමත් ජනප්‍රිය මාර්ගගත ක්‍රීඩා නාළිකා හා ක්‍රීඩා ලෝලී කඳවුර ද මීට ඇතුළත්.
  • මීට අමතරව මේ වීඩියෝ ප්‍රදර්ශනය කිරීම 2020 වසරේ ට්‍රම්ප් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විශේෂයෙන් ලැටිනෝ හා කළු ජාතිකයන් ඇතුළු තරුණ පුද්ගලයන් හා සුළු ඡන්දදායකයින්ගෙන් ලබා ගැනීමේ මහා පරිමාණයෙන් පැතිරුණු උත්සාහයක කොටසක්ද වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වෙන Palmetto Bowl තරගය නැරඹීම සඳහා අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණි අවස්ථාවේදී “අපට ට්‍රම්ප් ඕන” යනුවෙන් සෙනඟ මතුරන අයුරු දිස්වන වීඩියෝව මැදහත් සමාජ මාධ්‍යය හරහා වේගයෙන් ව්‍යාප්ත වුනා.


ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් අතර පෙරමුණේ සිටින ට්‍රම්ප් නිව්යෝක් හි පැවති සටන් කලා තරගයකට පැමිණි අවස්ථාවේදීත් දක්නට ලැබුනේ මෙවැනි ම සිදුවීමක්. එම තරගය පැවති මැඩිසන් ස්කුවෙයා ගාඩ්න් බොක්සිං වළල්ලට ට්‍රම්ප් පිවිසියේ තරගකරුවෙකු මෙන් නරඹන්නන්ට අත වනමින් උඩ පැන පැන.

කළින් ඡන්දය පැවැත්වෙන ප්‍රාන්තවල සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ට්‍රම්ප් ගතකර තිබෙන්නේ ඔහුගේ බොහෝ රිපබ්ලිකන් ප්‍රතිවාදීන්ට වඩා අඩු කාලයක්. එහෙත් ඔහුගේ ඡන්ද මෙහෙයුම් වැඩසටහන පිරී තිබෙන්නේ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වලින්. සෙනසුරාදා ලාස් වේගාස් හි පැවති Ultimate Fighting Championship (UFC) සටන ද ඉන් එකක්. ඔහු මෙසේ සහභාගි වන අවස්ථාවන්හි දර්ශන රැගත් වීඩියෝ විශේෂයෙන් දේශපාලනික නොවන වේදිකා ද ඇතුළුව සමාජ මාධ්‍ය හරහා දහස් සංඛ්‍යාත පිරිසක් බලා තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය මාර්ගගත ක්‍රීඩා නාළිකා හා ක්‍රීඩා ලෝලී කඳවුර ද මීට ඇතුළත්. මෙය ට්‍රම්ප්ගේ කණ්ඩායමට ඡන්ද රැස්වීම් වීඩියෝ නිෂ්පාදනය කරනවාට වඩා බෙහෙවින් පහසු මෙන්ම වියදම් ද අඩු වීඩියෝවක්.

90

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පවසන පරිදි මෙය දේශපාලනය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වන හෝ සාම්ප්‍රදායික ප්‍රවෘත්ති පිළිබඳව අවධානයක් නැති එහෙත් ට්‍රම්ප් ට ප්‍රයෝජනවත් විය හැකි ඡන්දදායකයින් ඉදිරියට ඔහුව ගෙන යාමේ උපායක්. මීට අමතරව මේ වීඩියෝ ප්‍රදර්ශනය කිරීම 2020 වසරේ ට්‍රම්ප් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විශේෂයෙන් ලැටිනෝ හා කළු ජාතිකයන් ඇතුළු තරුණ පුද්ගලයන් හා සුළු ඡන්දදායකයින්ගෙන් ලබා ගැනීමේ මහා පරිමාණයෙන් පැතිරුණු උත්සාහයක කොටසක්ද වී තිබෙනවා. UFC ක්‍රීඩා ලෝලීන්ගේ කඳවුර යනු පිරිමි ඡන්ද අතිවිශාල ප්‍රමාණයක්.

ධවල මන්දිරයට යාම සඳහා තරග කිරීමට බොහෝ කලකට පෙර සිට ම ට්‍රම්ප් ක්‍රීඩා තරග හා ක්‍රීඩා සටන් නරඹන සත්‍ය ක්‍රීඩා ලෝලියකු බව ඔහුගේ ආධාරකරුවන් පවසනවා. ඡන්ද ව්‍යාපාරයක නිරතව නොසිටියත් ට්‍රම්ප් තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි ඔවුන් කියනවා. ට්‍රම්ප් වැඩි කැමැත්තක් දක්වන්නේ බොක්සිං හා සටන් කලාවේ අනෙකුත් ක්‍රීඩාවන්ට. 

maxresdefault

1980 කාලයේදී ඔහු මයික් ටයිසන් හා බොක්සිං තරග ප්‍රවර්ධක ඩොන් කිං වැනි බොක්සිං පුරාවෘත්ත සමග මිත්‍රත්වයක් ඇතිකර ගෙන තිබෙන්නේ ඇට්ලාන්ටික් නගරයේ තිබෙන ට්‍රම්ප් සතු කැසිනෝවල ඉතාමත් ඉහළ මට්ටමේ බොක්සිං සටන් පැවැත්වීමට සත්කාරකත්වය දක්වමින්. වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට ට්‍රම්ප් කොතරම් දුරට සම්බන්ධ වූයේ ද යත් WrestleMania 23 ලෙසින් හැඳින්වෙන 23 වැනි වාර්ෂික වෘත්තීය මල්ලවපොර ශූරතාවලියේ “කෝටිපතියන්ගේ සටන” – Battle of the Billionaires - හි ඔහු රඟපා තිබෙනවා. මීට අමතරව, අමෙරිකා පාපන්දු ලීගයේ ක්‍රීඩා කළ ‘නිව් ජර්සි ජෙනරල්ස්’ වෘත්තීය පාපන්දු කණ්ඩායමේ කලක් හිමිකරුවාව සිටියේත් ඩොනල්ඩ් ට්‍රම්ප්.

මෑත වසරවල ඔහු විශේෂයෙන් මිශ්‍ර සටන් කලාවන් සහ එමගින් සිදුවන පිරිමිකම් ප්‍රදර්ශනය සමග බැඳී සිටිනවා. 2016 හා 2020 රිපබ්ලිකන් ජාතික සම්මේලනයන්හි ට්‍රම්ප් ට සහයෝගය දක්වමින් කතා පැවැත්වූ සහ මේ තරග ප්‍රචණ්ඩකාරී බවට හඳුන්වමින් බොහෝ අය ඒවා පසෙකට දමද්දී එම තරගවලට සත්කාරකත්වය දරමින් එම ක්‍රීඩාව බේරාගැනීම පිළිබඳව ට්‍රම්ප් ට ගෞරවය දක්වන UFC නිර්මාතෘ, සභාපති ඩේනා වයිට් (Dana White) සමග ට්‍රම්ප්ගේ තිබෙන්නේ ඉතාමත් සමීප පෞද්ගලකි මිත්‍රකමක්.

dsfghstghsh
UFC වෙල්ටවේට් කිරුළ සඳහා ලියොන් එඩ්වර්ඩ්ස් (Leon Edwards) සමග පෙරේදා සටන් කළ කොල්බි කොවිංටන් (Colby Covington) ඇතුළු ක්‍රීඩා තරුවල සහයෝගය ද ට්‍රම්ප් දිනාගෙන සිටිනවා. ට්‍රම්ප් විසින් තමාව බොක්සිං වළල්ලට රැගෙන ඒමට ඉඩ දෙන ලෙසට කොවිංටන් ඉල්ලා තිබුනත් තරග සංවිධායකයින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නමුත් තමා තරගයෙන් දිනුවොත් තරගය නරඹන ට්‍රම්ප් විසින් වෙල්ටවේට් පටිය තමාගේ බඳ වටා ඔතනු ඇතැයි කොවිංටන් කියා සිටියා. නමුත් අවාසනාවකට ඔහු තරගයෙන් පැරදුනා.

අමෙරිකානු ජනාධිපතිවරණ දේශපාලනයේදී ක්‍රීඩාවට හිමිව තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. ඡන්ද අපේක්ෂකයින් ඔවුන්ගේ ශක්තිය හා ප්‍රබලතාවයේ ප්‍රතිරූපයක් ගොඩනැගීමටත් එමගින් ඡන්දදායකයින්ගේ සිත් ඇද ගැනීමටත් ක්‍රීඩාව යොදා ගෙන තිබෙනවා.

74940 max

Theodore Roosevelt

තියඩෝ රූස්වෙල්ට් (Theodore Roosevelt) නිතරම බොක්සිං, අසු පිට යාම හා කඳු නැගීමේ ඡායාරූපවල පෙනී සිටියා. ජෝන් කෙනඩි පිහිනීම, රුවල් ඔරු පැදීම හා ‘ටච්’ පාපන්දු ක්‍රීඩාවේ යෙදුනේ යුද්ධයේදී ඇතිවූ බරපතළ තුවාල ද නොතකමින්. රිචඩ් නික්සන් වැඩකරන ජනතාවගේ ඡන්ද දිනා ගැනීම පිණිස තමාගේ පාපන්දු හා බේස්බෝල් ක්‍රීඩා ලෝලී කඳවුර උපයෝගී කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරුවා. ජෝජ් ඩබ්ලිව්.බුෂ් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිව්යෝක් හි පැවති පළමු ලෝක බේස්බෝල් තරගමාලාවේදී චාරිත්‍රානුකූල ආරම්භක පන්දුව යැවුවේ ජනප්‍රියත්වයක් ලබා ගනිමින්. ඔහු එයින් අදහස් කළේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පසුවත් ජීවිතය සුපුරුදු ලෙසින් ගලා යන බවට එම සිද්ධියෙන් කැලඹීමට පත්ව සිටි අමෙරිකානුවන්ට සංඥා කිරීමට.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...