BREAKING
Top Ad
විදේශ

සුපිරි කොලිවුඞ් නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මියයයි

T

The Leader

December 28, 2023 • 12:54 AM

සුපිරි කොලිවුඞ් නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මියයයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය.
  • 1991 දී නිෂ්පාදිත ඔහුගේ 100 වැනි චිත්‍රපටය "කැප්ටන් ප්‍රභාකරන්" බොක්ස් ඔෆිස් වාර්තා තබමින් දින 200ක් ඉක්මවා ප්‍රදර්ශනය කෙරුණි.
  • විජයකාන්ත් සිනමාපට 154කට සිය රංගන දායකත්වය සපයා ඇති අතර දමිල සිනමාවේ වඩාත් රසිකාදරය දිනූ රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වා දීමට හැකි ය.
  • රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):


‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි. නියුමෝනියා තත්වයක් හේතුවෙන් 28 (බ්‍රහස්පතින්දා) පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවයි.

tamil actor vijayakanth 1701266235994
මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය.

හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියන් ඔහු ‘කැප්ටන්’ යන නමින් හැඳුන්වයි.

1991 දී නිෂ්පාදිත ඔහුගේ 100 වැනි චිත්‍රපටය "කැප්ටන් ප්‍රභාකරන්" බොක්ස් ඔෆිස් වාර්තා තබමින් දින 200ක් ඉක්මවා ප්‍රදර්ශනය කෙරුණි.

විජයකාන්ත් සිනමාපට 154කට සිය රංගන දායකත්වය සපයා ඇති අතර දමිල සිනමාවේ වඩාත් රසිකාදරය දිනූ රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වා දීමට හැකි ය.

modi vijayakanth 1 1551781963
රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය. තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් වූ විකල්ප දේශපාලන පක්ෂයක් ලෙස ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ප්‍රසිද්ධය.


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...