BREAKING
Top Ad
විදේශ

මැතිවරණයෙන් දිනු බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ගෙන් කම්මුල් පහරක්

T

The Leader

January 8, 2024 • 10:22 AM

 මැතිවරණයෙන් දිනු බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ගෙන් කම්මුල් පහරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක
  • එම සිදුවීම මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඊට හේතුවී ඇත්තේ මහ මැතිවරණයෙන් ජය ලබා පැය 24ක් යන්නට මත්තෙන් ශකීබ් මේ ආකාරයෙන් හැසිරීම නිසාවෙනි.
  • කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.    සිය ප්‍රතිවාදි අපේක්ෂකයාවට වඩා ඡන්ද 150, 000 ක් පමණ ඉදිරියෙන් ඊයේ පැවැති බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශකිබ් අල් හසන් විසින් තම රසිකයෙකුට කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම සිදුවීම මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුවී ඇත්තේ මහ මැතිවරණයෙන් ජය ලබා පැය 24ක් යන්නට මත්තෙන් ශකීබ් මේ ආකාරයෙන් හැසිරීම නිසාවෙනි.

ශකිබ් අල් හසන් එම පුද්ගලයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත. 

 
සිය ප්‍රතිවාදි අපේක්ෂකයාවට වඩා ඡන්ද 150, 000 ක් පමණ ඉදිරියෙන්

ඊයේ පැවැති බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබේ.

ඒ අනුව පාලක අවාමි ලීගය මෙවර වාර්තාගත ජයක් හිමි කර ගෙන ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා 05 වන වරටත් එරට අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්ව ඇත.

මේ අතර මෙවර බංග්ලාදේශ මහ මැතිවරණයේදී කාගේත් අවධානයට ලක්වූ කරුණක් වූයේ මතභේදාත්මක ක්‍රිකට් තරුවක් වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් මෙවර මහ මැතිවරණය සඳහා පාලක අවාමි ලීගය නියෝජනය කරමින් තරග කිරීමයි.

ඔහු මැතිවරණය සඳහා ඉදිරිපත් වුයේ බටහිර මගුරා නගරයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශයෙනි.

ඒ අනුව දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව ඔහු සිය ප්‍රතිවාදි අපේක්ෂකයාවට වඩා ඡන්ද 150, 000 ක් පමණ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මේවනවිට 36 හැවිරිදි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් පිළිබද ලොවපුරා දැඩි කතාබහට ලක් විය.

ඒ, ඇන්ජලෝ මැතිව්ස් දැවා ගැනීමට විනිසුරුවරයා වෙත කළ ඉල්ලීම සම්බන්ධයෙනි.

ශකීම් කළ ඉල්ලීමට අනුව එය දැඩි ආන්දෝලනාත්මක සිද්ධිය බවට පත්වූයේ කිසිදු පන්දුවකට මුහුණ දීමට පෙර, නියමිත වේලාවට පන්දුවට පහර නොදුන් බවට, ටයිම් අවුට් වරද යටතේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසට විනිසුරුවරයා ලබාදුන් තීරණය හේතුවෙනි.

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...