BREAKING
Top Ad
විදේශ

රූපවාහිනී සජීවී විකාශයකට තුවක්කුකරුවෝ කඩා පනිති (VIDEO)

T

The Leader

January 9, 2024 • 11:32 PM

රූපවාහිනී සජීවී විකාශයකට තුවක්කුකරුවෝ කඩා පනිති (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉක්වදෝරයේ රූපවාහිනී ආයතනයක සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතරතුර එම මැදිරියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවෝ පිරිසක් බියට පත් කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ.
  • තුවක්කුකරුවෝ 13 දෙනකු අත්අඩංගුවට ඉකුත් සඳුදා (08) ඉක්වදෝරය තුළ දින 60ක හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවම වශයෙන් 10 දෙනකු හෝ මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
  •     මෙම හදිසි නීතිය පැනවූයේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඇඩෝල්ෆෝ විලමාර් බන්ධනාගාරයෙන් පලා යාම, රැඳවියන් විසින් බන්ධනාගාර පාලකයන් ප්‍රාණ ඇපයට ගැනීම ඇතුළු රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වයන් හේතුකොට ගෙන ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රහාරකයන් අඟහරුවාදා (09) ගුආයාකිල් නුවර පිහිටි TC නම් රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති මැදිරියකට කඩා වැද එහි කාර්ය මණ්ඩලයට තුවක්කු පෙන්වා බිය ගන්වා, ග්‍රහණයට ගෙන සිටින ආකාරය ද විනාඩි 20ක පමණ කාලයක් සජීවීව විකාශය වී තිබුණි. 

 

විකාශය නවතා දැමීමට පෙර කාර්ය මණ්ඩල සේවකයන් බලහත්කාරයෙන් බිම දිගා කරවා ඇති අයුරු ද දක්නට ලැබුණි.

 



පොලිසිය ප්‍රකාශ කරන්නේ ප්‍රහාරකයන් විසින් රඳවාගෙන සිටි කාර්ය මණ්ඩල සේවකයන් සියලු දෙනා මුදාගත් බවත් මෙහෙයුමේ දී තුවක්කුකරුවෝ 13 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ය. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

 132264780 32a28804b83b40e2965236daff677e861aeae784 1

තුවක්කුකරුවෝ 13 දෙනකු අත්අඩංගුවට

ඉකුත් සඳුදා (08) ඉක්වදෝරය තුළ දින 60ක හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවම වශයෙන් 10 දෙනකු හෝ මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.    

මෙම හදිසි නීතිය පැනවූයේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඇඩෝල්ෆෝ විලමාර් බන්ධනාගාරයෙන් පලා යාම, රැඳවියන් විසින් බන්ධනාගාර පාලකයන් ප්‍රාණ ඇපයට ගැනීම ඇතුළු රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වයන් හේතුකොට ගෙන ය.     
 132264161 ecuador locater 2x640 nc


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...