BREAKING
Top Ad
විදේශ

ඉරාන නොබෙල් සාම ත්‍යාගලාභිනිය ගේ සිර දඬුවම් දීර්ඝ කරයි

T

The Leader

January 16, 2024 • 1:00 AM

ඉරාන නොබෙල් සාම ත්‍යාගලාභිනිය ගේ සිර දඬුවම් දීර්ඝ කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සටන් කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම, 2023 නොබෙල් සාම ත්‍යාගලාභිනිය වන නර්ගීස්
  • 51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ වසර 12ක් සිර දඬුවම් ගෙවමින් සිටියි.
  • දීර්ඝ සිර දඬුවම මෙන් ම, නර්ගීස් 13 වතාවක් අත්අඩංගුවට ගෙන, පස් වතාවක් වරදකාරිය කර ඇති අතර වසර 31 ක සිරදඬුවම්වලට බඳුන්ව තිබේ.
  • සිරගතව සිටියදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව මත පළ කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මොහොමඩිට ගේ සිර දඬුවම තවත් මාස 15කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කර තිබේ.

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ වසර 12ක් සිර දඬුවම් ගෙවමින් සිටියි. දීර්ඝ සිර දඬුවම මෙන් ම, නර්ගීස් 13 වතාවක් අත්අඩංගුවට ගෙන, පස් වතාවක් වරදකාරිය කර ඇති අතර වසර 31 ක සිරදඬුවම්වලට බඳුන්ව තිබේ.

සිරගතව සිටියදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව මත පළ කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබේ.

නර්ගේස් මොහොමඩි දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින්නී ය. පසුගිය වසරේ, ඇය ලොව පුරා සිටින බලපෑමක් ඇති කළ කාන්තාවන් 100 දෙනෙකු ඇතුළත් ලැයිස්තුවක් වන බීබීසිය විසින් නම් කරන ලද 'වසරේ කාන්තාවන් 100 දෙනා (BBC's 100 Women)' අතර සිටියා ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...