අයෝවා ජනපදය දේශපාලන බලමණ්ඩලයේ එසේ පැවැති ඡන්ද විමසුමින්, සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අභිබවා ජයග්‍රහණය කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට හැකි ඇත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා මේ වන විට ඉදිරියෙන් සිටින බවයි.

අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වීමත් සමඟ, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී යළි ජනාධිපති ධුරය වෙනුවෙන් සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
අයෝවා ඡන්දයට ට්‍රම් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට උත්සාහ කළ අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් විය. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ රොන් ඩෙසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි. නිකී හේලි ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයකි.
77 හැවිරිදි ට්‍රම්ප්, මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන්නේ අපරාධ චෝදනා රැසකට මුහුණ දී තිබියදී ය.
(ඒ.එෆ්.පී.)




