BREAKING
Top Ad
විදේශ

මගියෙක් පැයකට වැඩි කාලයක් ගුවන් යානා වැසිකිළියක සිරවෙයි

T

The Leader

January 17, 2024 • 4:04 AM

මගියෙක් පැයකට වැඩි කාලයක් ගුවන් යානා වැසිකිළියක සිරවෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • SpiceJet නම් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයක වැසිකිලි දොරෙහි ඇතිවූ දෝෂයක් නිසා මගියෙක් පැයකට වැඩි කාලයක් එම වැසිකිලියේ සිරවී සිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • 16 අඟහරුවාදා උදෑසන ගුවන්යානය බැංගලෝර තොටුපොළට ගොඩ බස්වා, කුඩා වැසිකිලිය තුළ සිරවූ මගියා පිටතට ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාවේ මුම්බායි සිට බැංගලෝරය දක්වා -මිනිත්තු 105ක පමණ කාලයක් ගතවෙන- ගුවන් ගමනක් අතරතුර දී මෙම සිදුවීම සිදුව ඇත.

16 අඟහරුවාදා උදෑසන ගුවන්යානය බැංගලෝර තොටුපොළට ගොඩ බස්වා, කුඩා වැසිකිලිය තුළ සිරවූ මගියා පිටතට ගෙන තිබේ.

"මගියාට සිදු වූ අපහසුතාවය" ගැන කණගාටු වන බව පවසමින් SpiceJet සමාගම සමාව අයැද තිබෙන අතර ඔහුට ගමන සඳහා වැය වූ මුදල සම්පූර්ණයෙන් ලබාදෙන බවට ද නිවේදනය කර ඇත. 

slip

කලබල නොවන ලෙස ඉල්ලමින් ගුවන් සේවිකාවක් තැබූ සටහනක්

"ගමන පුරාවටම, අපගේ කාර්ය මණ්ඩලය ඔහුට සහය සහ මගපෙන්වීම ලබා දුන්නා. ගුවන්යානය ගොඩබෑමෙන් පසු ඉංජිනේරුවරයෙක් වැසිකිලි දොර ඉක්මනින් විවෘත කළ අතර සිරවී සිටි මගියාට කඩිනමින් වෛද්‍ය ආධාර ද ලබාදුන්නා."

මගියා ගේ තත්වය ගැන වැඩි විස්තර ලබාදීම ගුවන් සමාගම ප්‍රතික්ෂේප කර ඇති නමුත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ ඔහු දැඩි කම්පනයකට පත්ව සිටි බවයි.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...