BREAKING
Top Ad
විදේශ

ජෝර්දානයේ අතරමං කම්කරුවන්ට සහනයක් සැපයීමට ශ්‍රී ලංකාවට ‘හැකියාවක් නෑ’!

T

The Leader

January 18, 2024 • 5:39 AM

ජෝර්දානයේ අතරමං කම්කරුවන්ට සහනයක් සැපයීමට ශ්‍රී ලංකාවට ‘හැකියාවක් නෑ’!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝර්දානයේ කර්මාන්තශාලා ජාලයක් වසා දැමීමත් සමඟ මෙයට මසකට පමණ පෙර රැකියා අහිමි වූ සිය ගණනක් ශ්‍රී ලාංකික කාන්තාවන්ට
  • නමුත්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කම්කරුවන් වෙනුවෙන් විශේෂ වාසස්ථානයක් නොමැති බවයි අපට පෙනී යන්නේ," යනුවෙන් ජෝර්දානයේ ප්‍රමුඛ මානව හිමිකම් ආයතනයක් පවසයි.
  •   "ජෝර්දානයේ මෙම කම්හලේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් අපට පැමිණිලි ලැබී නැති බවත් මෙහිදී සඳහන් කරන්න ඕනෙ" යි අම්මාන් හි පිහිටි ටම්කීන් ආයතනයේ නීතිඥ වරියක් පැවසුවාය.
  • අදාල කර්මාන්තශාලා හිමියා රට හැරගොස් යාමෙන් පසු කම්කරුවන්ගේ වැටුප් ගෙවීම නතර වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආපසු නිවෙස් කරා ඒමට හෝ ජෝර්දානය තුළ රැකවරණයක් ලබා ගැනීමට හෝ නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පහසුකම් නොමැති කම නිසා බව හෙළිවී තිබේ.

තමන් මුහුණ පා සිටින අසරණ තත්වය සම්බන්ධයෙන් ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතිකයන් සමඟ ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවන් ද ජෝර්දානයේ කම්කරු අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති අතර, ශ්‍රී ලාංකිකයන් හැරුනුකොට අනෙක් කම්කරුවන්ට ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා නවාතැන් සොයා ගැනීමට හැකි වී ඇත.

 

"හැම කම්කරුවම දුක් විඳිනවා. නමුත්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කම්කරුවන් වෙනුවෙන් විශේෂ වාසස්ථානයක් නොමැති බවයි අපට පෙනී යන්නේ," යනුවෙන් ජෝර්දානයේ ප්‍රමුඛ මානව හිමිකම් ආයතනයක් පවසයි.

 jordanworkers

"ජෝර්දානයේ මෙම කම්හලේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් අපට පැමිණිලි ලැබී නැති බවත් මෙහිදී සඳහන් කරන්න ඕනෙ" යි අම්මාන් හි පිහිටි ටම්කීන් ආයතනයේ නීතිඥ වරියක් පැවසුවාය. ටම්කීන් (Tamkeen) යනු ජෝර්දාන කම්කරුවන්ගේ, සංක්‍රමණිකයන්ගේ සහ සරණාගතයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සහ කම්කරු ව්‍යාපාර වලට නීති සහය ලබා දෙන ආයතනයකි.

අදාල කර්මාන්තශාලා හිමියා රට හැරගොස් යාමෙන් පසු කම්කරුවන්ගේ වැටුප් ගෙවීම නතර වී ඇත.

ඉන්දියානු සහ බංගලිදේශ කම්කරුවන් ද මෙම දුෂ්කරතාවයට මුහුණ දෙන නමුත්, ඔවුන් සිය දුක්ගැනවිලි ලෝකයට ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ.

garment factory1 large

 

සහාබි කලාපයේ ඇඟලුම් නිෂ්පාදකයෙකුට අයත් කර්මාන්ත ශාලා තුනක් වසා දැමීමත් සමඟ ශ්‍රී ලාංකික කම්කරුවන් 350ක් පමණ ජෝර්දානයේ අතරමංව සිටිති. අසීල් යුනිවර්සල් ගාමන්ට් මැනුෆැක්චරින් නම්වූ මෙම සමාගම බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කර ඇති අතර, කර්මාන්තශාලා හිමිකරු රට හැර ගොස් තිබේ. මේ නිසා වැටුප් ගෙවා නොමැති අතර, ඒ හේතුවෙන් සේවකයන්ට නිවෙස් බලා යාමට නොහැකි වී තිබේ.

 

රැකියා වලින් එලියට වැටුන ශ්‍රී ලාංකිකයන් නේවාසිකාගාරවල සහ සමාගමේ නවාතැන් වල රඳවා සිටින බව කොළඹ පදනම් කරගත් මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත්, සමාජ මාධ්‍යවල ඔවුන් පළ කරන ලද සටහන් වලට අනුව පෙනී යන්නේ ඔවුන්ට මූලික පහසුකම් හෝ නොමැති බවයි.

 

‘රට විරුවන්’ කුණු කූඩෙට

 

"ශ්‍රී ලංකාවට ඕන අපේ සල්ලි විතරද?" ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි කාන්තාවක් කෝපයෙන් යුතුව ප්‍රශ්න කළාය.

“මට හරියට කන්න නෑ. වතුර නෑ. මාසයක් සනීප නෑ. මගේ දුක කියන්න කවුද මෙහෙ ඉන්නේ?”

ඇය වැඩිදුරටත් ප්‍රශ්න කළේ “වැඩ සේරම කළාට පස්සෙ අපිව එළියට දැම්මම අපිව බලාගන්න කවුද ඉන්නේ? මෙහේ තානාපති කාර්යාලය මොකද කරන්නේ? එම්බසියේ අය නිකං ඇවිල්ලා මොනා හරි කියල යනවා. කිසිම පිහිටක් නැහැ. "

download

 

ඔවුන් ආපසු මෙරටට ගෙන්වා ගන්නා ලෙස කඳුළු සලමින් ආයාචනා කළ ඇය “මාස තුන හතරක වැටුප් හිඟ තියෙනවා. අපි මාස හතක 'සෝෂල්' ගන්න තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ අයිතිය විතරයි. අපිව ‘රට විරුවො’ කියල කියන්නේ නමට විතරද? පැක්ටරිය වහලා මාසයක් වෙනවා.”

 

ඔවුන් දිවයිනට රැගෙන ඒමේ සැලසුම් ශ්‍රී ලංකා රජය විසින් තවමත් පිළියෙළ කර නැත.

“මේ ශ්‍රී ලාංකිකයො අතර ඉන්නවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේ අදාළ ආයතනවල ලියාපදිංචි වෙලා ජෝර්දානයට ගිය අය. සංචාරක වීසා වලින් ගිහිං රස්සා කරන තවත් පිරිසකුත් ඉන්නවා. පළමු පිරිස සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ ක්‍රියා කරන්න පුලුවන් වුනත් දෙවැනි පිරිස සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න වෙනවා,” යි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

PMC 1 740x463

 

අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකාව දැනටමත් ජෝර්දාන කම්කරු බලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

“කර්මාන්ත ශාලාවක් වැහුවාම ඒ සේවකයන්ට වන්දි ගෙවන්න ඕනෙ. එහෙ අදාළ නිලධාරියා මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ නිසා අදාළ ක්‍රියා පටිපාටි වලින් පස්සෙ වන්දි ගෙව්වාම කිහිප දෙනෙක් ලංකාවට ආපසු එන්න සැලසුම් කරල තියෙනවා.”

කෙසේනමුත් උන්හිටිතැන් අහිමිව සිටින කම්කරුවන් 350කගේ තත්වය තවදුරටත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා රජයට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම ‘අදාළ ක්‍රියා පටිපාටි’ සඳහා තව කොපමණ කාලයක් ගතවේද යන්න පැහැදිලි නැත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...